Tuesday, December 19, 2017

රූපයක් තුල රහසිගතව ෆයිල් සැඟවීම

බොහොම කාලයකින් බ්ලොග් එකේ කිසිවක් ලිවීමට බැරි විය. පරණ ෆයිල් අවුස්සමින් සිටින විට පොඩි ටියුටෝරියල් එකක් හමු විය (මා වසර ගණනකට පෙර සේව් කර ගත්). එහි තිබුණේ gif format එකේ රූපයක් තුල කොහොමද zip file එකක් රහසිගතව ගබඩා කරගන්නේ කියා. මෙවිට අන් අයට එම ෆයිල් එක පෙනෙනු ඇත්තේ සාමාන්‍ය රූපයක් ලෙස වුවත්, එය winzip, winrar, 7z වැනි සොෆ්ට්වෙයාර් එකකින් ඕපන් කළ විට, ඒ තුල රහසිගතව ඇති ෆයිල් එක extract කරගෙන කියවිය හැකිය.

මෙය සිදු කරන හැටි ඉතාම පහසු අතර, අමතර කිසිම සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය නොවේ. පළමුව ඔබගේ gif ෆයිල් එක හා zip ෆයිල් එක (හෝ කිහිපයක් වුවද) එකම ෆෝල්ඩර් එකක් තුල සේව් කර ගන්න. ඉන්පසු DOS/command prompt එක ඕපන් කර ගන්න (මේ සඳහා වින්ඩෝස් ස්ටාර්ට් බට්න් එකේ යටින්ම ඇති සර්ච් බොක්ස් එකේ cmd.exe කියා ටයිප් කර එන්ටර් කළ හැකිය). මෙවිට පහත ආකාරයේ ටර්මිනල් වින්ඩෝ එකක් ඕපන් වේ.

 
ඉන්පසු cd යන කමාන්ඩ් එක භාවිතා කරමින් තමන් ඉහත සාදා ගත් ෆෝල්ඩර් එකට යා යුතුය. එම ෆෝල්ඩර් එක තුල abc.gif හා  cde.zip ලෙස ෆයිල් දෙකක් තිබේ යැයි සිතමු. මෙවිට ඉහත රූපයේ පෙනෙන පරිදි copy /B abc.gif+cde.zip secret.gif යන කමාන්ඩ් එක ලියා එන්ටර් කරන්න (මෙහි secret යන කොටස වෙනුවට ඔබට කැමති නමක් ලිවිය හැකිය). ෆයිල් නේම් එක තුල ස්පේස් තිබේ නම්, එම නම ඩබ්ල් කෝට්ස් තුල ඉහත රූපයේ පරිදි ලිවිය යුතුය. එවිට secret.gif යනුවෙන් අලුත් ග්‍රැෆික් ෆයිල් එකක් සෑදෙනු ඇත. මෙම ෆයිල් එක සාමාන්‍ය පරිදිම රූපයක් සේ දැකිය හැකිය. එහෙත් ඒ තුල cde.zip ෆයිල් එක සැඟව පවතී. එය වින්සිප් වැනි ප්‍රෝග්‍රෑම් එකකින් ඕපන් කර එක්ස්ට්‍රැක්ට් කර ගත හැකිය.

 

මෙලෙස ෆයිල් එකක් සැඟවිය හැක්කේ gif format එක තුල පමණක් නොව. jpg, png යන ෆයිල් ෆෝමැට් තුලද එය කළ හැකිය (අනෙක් ග්‍රැෆික් ෆෝමැට්වලත් සමහරවිට එය කළ හැකි විය හැකියි). එලෙස සඟවන ෆයිල් එකේ ආරක්ෂාව/රහසිගතබව තවත් වැඩි කිරීමට කැමති නම්, එම කම්ප්‍රෙස් ෆයිල් එකට පාස්වර්ඩ් එකක් වුවද යෙදිය හැකිය.

14 comments:

  1. ඇති යන්තම් මේ පැත්තේ එන්න මතක් උනා... අපි හිතුවෙ ටෙක් වළපල්ලෙ කියලා... :D

    අහන්න ප්‍රශ්න එමට තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හාහා... මං දන්නෙ නැහැ මේක මට විතරක් දැනෙන දෙයක්ද කියලා... දවස/කාලය සිතාගත නොහැකි වේගයෙන් ගලා යනව වගේ දැනෙනවා... මෙහෙම ගියොත් ඉක්මනින්ම වලපල්ලෙ තැන්පත් වන දවසත් ළංවේවි....

      Delete
  2. මමගාව ඩෙස්ක් ටොප් සිස්ටම් යුනිට් දෙකක් කියෙනවා මේ දෙක එකතු කර සුපර් කොම්පියුටරයක් හදන හැටි පුළුවන්නම් කියලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. එකක් මට දෙන්නකෝ. එතකොට වැඩේ හරි :ඩී

      Delete
    2. ඇහුවෙ සංකීර්ණ ප්‍රශ්නයක්... මීට හරිම පිලිතුර මට එකවරම කිව නොහැකිය. ඔබ සුපිරිපරිගනකය යනුවෙන් මෙහිදී අදහස් කළේ කුමක්දැයි මට ගැටලුවක් ඇත (සාම්ප්‍රදායිකව සුපරිපරිගනකයක් සෑදීමට

      ප්‍රොසෙසිං යුනිට් සිය ගණනක් හෝ දහස් ගණනක් අවශ්‍ය වේ). ඔබට පහසුවෙන් කළ හැකි දේ නම්, පරිගනක දෙක ඊතර්නෙට් ලෑන් නෙට්වර්ක් එකකින් එකිනෙකට සම්බන්ද කිරීමයි (මෙහිදී එකම

      කීබෝඩ්, මවුස්, මොනිටර් සෙට් එකක් පරිගනක දෙක සඳහාම ෂෙයාර් කළ හැකි යුනිට්ද තිබේ). මා සිතන්නේ ඔබ අදහස් කළේ එම ක්‍රමය නොවේ. ඔබ අදහස් කරන්නට ඇත්තේ සිස්ටම් යුනිට් දෙක

      පරිපථමය (PCB) වශයෙන් එකට සම්බන්ද කර තනි පරිගනකයක් ලෙස ක්‍රියාත්මක කරන ආකාරයක් විය යුතුය. මා වසර හත අටකට පමණ ඉහතදී කියවා තිබෙනවා ප්ලේස්ටේෂන් හෝ

      එවැනි වෙනත් ගේම් කොන්සෝල්වල තිබූ ප්‍රොසෙසර් භාවිතා කරමින් එවැනි සුපරිපරිගනකයක් සාදන අයුරු. මා සිතන්නේ අන්තර්ජාලයෙන් දැනුදු ඒ ප්‍රොජෙක්ට් එක ගැන විස්තර තමවත් ඇති. කෙසේ

      වෙතත් පරිගනක cpu සංකීර්ණ වැඩි නිසා එය කිරීම අපහසුය. එහෙත් විකල්ප කිහිපයක් මට පේනවා.

      ඇත්තටම, අද උපාංග එකිනෙකට කනෙක්ට් කිරීම සදහා අධිවේගි සම්බන්ද ක්‍රම (බස් ක්‍රම) තිබෙන නිසා එය වක්‍රාකාරයෙන් කළ නොහැක්කක්ද නොවේ. එනම් අවශ්‍ය වන්නේ ඒ සදහා විශේෂයෙන් සැකසූ

      ඔපරේටිං සිස්ටම් වේ. මෙවිට සුපුරුදු ලෙසම ඔපරේටිං සිස්ටම් එක ඇබ්ස්ට්‍රැක්ෂන් ලේයර් එකක් ලෙස ක්‍රියාත්මක වේවි. මෙහිදී මල්ටිප්‍රොසෙසර්/මල්ටිකෝර් සිස්ටම් එකක් භාවිතා වෙන්නේ කෙසේද අන්න

      ඒ විලසම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වේ.

      තවත් ක්‍රමයක් නම්, සාමාන්‍ය නෙට්වර්ක් ක්‍රමයට පරිගනක සම්බන්ද කර, නෙට්වර්ක් එකේ ඇති පරිගනක සියල්ලෙන්ම වැඩ ගැනීමට හැකි පරිදි ප්‍රෝග්‍රෑම් කළ සොෆ්ට්වෙයාර් එකක් ලබා ගැනීම හෝ සාදා

      ගැනීම කළ හැකිය. මෙය ඉතා කාලය කා දමන අමාරු කාර්යකි. උදාහරණයක් ලෙස SETI ව්‍යාපෘතිය මෙවැනි ක්‍රමයක් අනුගමනය කරයි.

      ප්‍රායෝගික පැත්තෙන් බලන විටත්, සාමාන්‍ය පරිගනක ප්‍රොසෙසර් යොදා ගනිමින් සුපරිපරිගනක නොසාදයි. ඊට හේතුව සුපිරිපරිගනක බොහෝවිට යොදා ගන්නේ ගණනය කිරීම් ඉක්මනින් කර

      ගැනීමටයි (ක්වන්ටම් විද්‍යාත්මක, කාලගුන ආදි සිම්‍යුලේෂන් කිරීමේදී, ඉන්ක්‍රිප්ෂන් ක්‍රම ක්‍රැක් කිරීමේදී ආදී වැඩවලදී අතිදැවැන්ත ගණනය කිරීම් ප්‍රමාණයක් සිදු කිරීමට තිබෙනවා). එහෙත් සාමාන්‍ය

      පරිගනක සීපීයූ, ගණනය කිරීම්වලට වඩා දැන් දැන් මල්ටිමීඩියා වැඩ සඳහා උචිත ලෙසයි නිපදවන්නේ. තවද, මාද ඇතුලුව ඔබද තවත් සමහරෙකුද සුපිරිපරිගනකයක් සතු කර ගැනීමට ආසාවක් තිබිය

      හැකියි. එහෙත් ඇත්තටම අපට එවැනි පරිගනකයක් අවශ්‍යද? ඒ සඳහා වැයවන විදුලිය, එවැන්නක් පරිහරණය කිරීමට ලැබිය යුතු පුහුනුව (learning curve), නඩත්තු වියදම ආදිය අපට

      කිසිසේත් දරාගත නොහැකි වනු ඇත.

      සමහරවිට ඔබ දැන් පරිගනකයෙන් කරන වැඩ තවත් ඉක්මනට සිදු කර ගැනීමට අවශ්‍යතාවක් ඇති. ටොයිලට් ගිය විට එහි වරුවක් ගත කරන අපට, පරිගනකය බූට් වීමට තත්පර 20ක් ගත වීම, ෆයිල්

      එකක් ඕපන් වීමට තත්පර 5ක් ගතවීම ඉවසා ගත නොහැකිය. මෙවැනි ගැටලු සඳහා නම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකි දේ නම් පරිගනකයට හැකිතරම් මෙමරියක් සවි කිරීමයි. අනවශ්‍ය

      සොෆ්ට්වෙයාර් ඉවත් කිරීමයි. කාලයකට සැරයක් හාඩ්ඩිස්ක් එක ඩිෆ්‍රැග්මන්ට් කිරීමයි. හාඩ්ඩිස්ක් දෙකක් සවි කර ඔපරේටිං සිස්ටම් එක නොපවතින හාඩ්ඩිස්ක් එකේ වින්ඩෝස් ඔපරේටිං සිස්ටම් එකේ පේජ්

      ෆයිල් එක ස්ථාපනය කිරීමයි (ලිනක්ස් හිදි බූට් පාටිෂන් එක හා ස්වොප් පාටිෂන් එක වෙන වෙන හාඩ්ඩිස්ක් දෙකක ස්ථාපනය කිරීමයි). මෙහෙයුම් පද්ධතිය වේගවත් වන පරිදි tweak කිරීමයි.

      ඔබට සිස්ටම් යුනිට් දෙකක් තිබෙන නිසා ඔය ගැටලුව මතුව ඇති නිසා, ඉන් එකක් ඇනෝට දුන් විට ඔබේ ගැටලුවට පිලිතුර පටිච්ඡසමූපාද ධර්මතාව අනුව ඉබේම ලැබේ.

      Delete
    3. දැන් තියන computers speedup කරන්නන තියන හොඳම විදිහ තමයි සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව SSD එකක් දාගන්න ඒක, දැනට hard ඒක තමයි මං දන්න විදිහට තියන එකම bottleneck ඒක.

      Delete
    4. එහිත් යම් සත්‍යයක් ඇත. එහෙත් එකම? මං හිතන්නෙ නැහැ... පර්මනන්ට් ස්ටොරේජ් එකක බලපෑම වැඩි වශයෙන් මතු වන්නේ බූට් වීමේදී හා ෆයිල් ඕපන්/සේව් කිරීමේදීය. එම අවස්ථාවලදීත් හා අන් සෑම අවස්ථාවකදීම මෙමරිය ඊට වඩා වැදගත් වේ. මිල ගණන් අඩු වුවොත් සාමාන්‍ය හාඩ්ඩිස්ක් එකකට වඩා හැම අතින්ම එස්එස්ඩී වාසිදායකයි...

      Delete
  3. මම අදහස් කෙරුවේ cluster පරිගණකයක් සෑදීම ගැන.

    ReplyDelete
    Replies
    1. මා ඉහත විකල්ප ක්‍රමයක් යටතේ කතා කළේද ක්ලස්ටර් ගැන තමයි (මෙහෙයුම් පද්ධති මට්ටමින් ඇබ්ස්ට්‍රැක්ෂන් ලේයර් එකක් තිබීම ගැන). ක්ලස්ටර් සෑදීම ගැන අන්තර්ජාලයේ ඕනෑතරම් විස්තර තිබේ. මා සිතන්නේ ඔබගේ අවශ්‍යතාව මෙම ලින්ක් එකේ තිබෙන කෙටි විස්තරය අනුව සිදු කරගත හැකියි. http://www.webstreet.com/super_computer.htm

      Delete
  4. මට ගැටලුවක් තියනවා. ෆේස්බුක් වල ප්‍රොෆයිල් එකට ඉමේජ් දාන්න ගියාම පික්සල් ගාන වැඩියි කියනවා. ඒක අපට අවශ්‍ය ආකාරයට හදාගන්නෙ කොහොමද

    ReplyDelete
    Replies
    1. ms paint හෝ ‍වෙනත් ඉ‍මේජ් එඩිටිං සොෆ්ට්වෙයාර් එකකින් එය ඕපන් කර, රීසයිස් කරන්න (සයිස් එක අඩු කරගන්න).

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. දැන් අැනෝ ප්‍රමාණය වැඩි වෙලා වගේ... ඉස්සර නම් මං විතර ද කොහෙද හිටියේ :)

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද හොඳ sub එකක් සහිත speaker එකක් හදා ගන්නේ. ඔන්න 8.0 විතර සුපිරි sub එකක් තියෙන්න ඕනේ. මයික් එකක්, speaker එකක්, amplifier circuit එකක් සහිත සුපිරි speaker set එකක් හදා ගන්න හැටි ගැන කියලා දෙන්න. මං දැක්කා ඔබේ ආධුනික ගුවන් විදුලි පොත්වල හරි electronics පාඩමක හරි තිබ්බා equalizer එකක මූලික කොටස් හා වැඩ කරන හැටි. මට ඕනෙ පොඩි මයික් එකක්, speaker එකක්, හා පොඩි පොඩි electronic උපාංග භාවිතා කරලා හොඳ පැහැදිලි, හොඳ sub එකකින් යුතු, equalizer එකක් සහිත speaker සෙට් එකක් හදා ගන්න හැටි දැන ගැනීමටයි. ඔබට පුළුවන් ද පරිපථ සටහනක් සාදා දෙන්න සහ එමගින් ඒක වැඩ කරන හැටි විස්තර කරන්නට. ආ... තව දෙයක්. ඒකට usb එකක් සම්බන්ධ කරලා සින්දුවක් අහගන්න පුළුවන් ආකාරයට සකසා ගන්නා විදිහත් කියනවාද...???

    ReplyDelete
    Replies
    1. කියන්නකෝ....

      Delete