ඉලෙක්ට්‍රොනික්ස්

ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාව ගැන සිංහල භාෂාවෙන් ලියනු ලබන පාඩම් මාලාව.

ඉලෙක්ට්‍රොනික් පළමු පෙළ පාඩම් මාලාව.
පාඩම 1                                                                  පාඩම 2

පාඩම 3                                                                  පාඩම 4

පාඩම 5                                                                  පාඩම 6

පාඩම 7                                                                  පාඩම 8

පාඩම 9                                                                  පාඩම 10

සම්පූර්ණ පොත 1


ඉලෙක්ට්‍රොනික්ස් දෙවන පෙළ පාඩම් මාලාව
පාඩම (දෙවන පෙළ) 1                                         පාඩම (දෙවන පෙළ) 2

පාඩම (දෙවන පෙළ) 3                                         පාඩම (දෙවන පෙළ) 4

පාඩම (දෙවන පෙළ) 5

පාඩම (දෙවන පෙළ) 6                                         පාඩම (දෙවන පෙළ) 7

පාඩම (දෙවන පෙළ) 8                                         පාඩම (දෙවන පෙළ) 9

පාඩම (දෙවන පෙළ) 10                                       පාඩම (දෙවන පෙළ) 11

පාඩම (දෙවන පෙළ) 12                                       පාඩම (දෙවන පෙළ) 13

පාඩම (දෙවන පෙළ) 14                                       පාඩම (දෙවන පෙළ) 15

පාඩම (දෙවන පෙළ) 16                                       පාඩම (දෙවන පෙළ) 17

පාඩම (දෙවන පෙළ) 18                                       පාඩම (දෙවන පෙළ) 19

පාඩම (දෙවන පෙළ) 20                                       පාඩම (දෙවන පෙළ) 21

පාඩම (දෙවන පෙළ) 22                                       පාඩම (දෙවන පෙළ) 23

පාඩම (දෙවන පෙළ) 24                                      

සම්පූර්ණ පොත (pdf)


ඉලෙක්ට්‍රොනික්ස් තෙවැනි පෙළ පාඩම් මාලාව
පාඩම (තෙවැනි පෙළ) 1                                       පාඩම (තෙවැනි පෙළ) 2

පාඩම (තෙවැනි පෙළ) 3                                       පාඩම (තෙවැනි පෙළ) 4

පාඩම (තෙවැනි පෙළ) 5                                       පාඩම (තෙවැනි පෙළ) 6

පාඩම (තෙවැනි පෙළ) 7                                       පාඩම (තෙවැනි පෙළ) 8

පාඩම (තෙවැනි පෙළ) 9                                       පාඩම (තෙවැනි පෙළ) 10

පාඩම (තෙවැනි පෙළ) 11                                     පාඩම (තෙවැනි පෙළ) 12

පාඩම (තෙවැනි පෙළ) 13a                                   පාඩම (තෙවැනි පෙළ) 13b

පාඩම (තෙවැනි පෙළ) 13c                                   පාඩම (තෙවැනි පෙළ) 13d

පාඩම (තෙවැනි පෙළ) 14                                     පාඩම (තෙවැනි පෙළ) 15

පාඩම (තෙවැනි පෙළ) 16                                     පාඩම (තෙවැනි පෙළ) 17

පාඩම (තෙවැනි පෙළ) 18                                     පාඩම (තෙවැනි පෙළ) 19

පාඩම (තෙවැනි පෙළ) 20

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත III සම්පූර්ණ පොත (pdf)





41 comments:

  1. කියන්න වචන නෑ පොත් තුනම නියමයි...... ගොඩාක් දේවල් තියනව දැනගන්න.... ඇත්තටම නොමිලේ හම්බුනාට මිලකල නොහැකි පොතක්......

    ReplyDelete
    Replies
    1. :) හොඳින් ඉගෙන ගන්න. නව නිර්මාණ කරන්න.

      Delete
  2. Transistor ගැන පොතක් ඉක්මනින් දෙනවනම් ගොඩක් වටිනව සර්

    ReplyDelete
  3. ekath idiriyedi dannam malli :)

    ReplyDelete
  4. ඇත්තටම ගොඩාක් වටිනවා සර් මේ පාඩම් මාලාව. මං තවම කියවලා ඉවර කරලා නෑ. මං ඉලෙක්ට්‍රොනික් ගැන පොඩ්ඩක්වත් දන්නේ නැතිවයි මේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ. සමහර ගැඹුරු දේවල් නං මට තවමත් තේරුම් ගන්න අමාරුයි. හෙමීට දෙතුන් පාරක් කියවද්දි තමයි ඒවා තේරුම් ගන්න පුලුවන් වෙන්නේ. ගොඩාක් සරලව, අපි වගේ ඉලෙක්ට්‍රොනික් දැනුම ගොඩාක් අඩු අයටත් තේරුම් ගන්න පුලුවන් විදිහට ඔබතුමාා මේ පොත් ටික ලියලා තියෙනවා. ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං මේ දැනුම නොමිලේම ලබා දෙනවට. මට මේ බ්ලොග් එක හම්බ වුනේ 230V වලින් LED දල්වන පරිපථයක් හදලා ඒක ගැන වැඩි විස්තර හොයද්දියි. නමුත් මගේ අඩු ඉලෙක්ට්‍රොනික් දැනුම නිසා ඒ ගැටළුවට පිළිතුරු නම් සොයාගන්න බැරිවුනා. පුලුවන් නම් ඔබතුමා මගේ ඒ ගැටළුවටත් පිළිතුරු ලබා දෙන්න. මට අවශ්‍යයි 230V AC විදුලියෙන් LED විවිධ ප්‍රමාණවලින් දල්වන්න පරිපථ හදන්න. ඒ කියන්නේ LED 5 ක් 10ක් 100 ක් ආදී විවිධ ප්‍රමාණවලට හරියන පරිපථ සකසා ගන්න. අන්තර්ජාලයෙන් මා සොයාගත්තා LED 100 කට වැඩි ප්‍රමාණයකට සකස් කරපු පරිපථයක්. නමුත් මට එයින් LED 5 ක් දල්වන්න බෑනේ. ඉතින් මං කොහොමද ඒ පරිපථය මට අවශ්‍ය LED ප්‍රමාණය දල්වන්න වෙනස් කරගන්නේ. ඔබතුමා මේ ගැන ලිපියකින් හෝ දැනුවත් කරනවානම් ගොඩාක් වඩිනවා. මොකද අද ගොඩාක් දෙනෙක් LED විදුලි බුබුලු පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ප්‍රශ්නෙටත් උත්තරයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබතුමාට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. led අපි පාවිච්චි කරන්නේ ඒවා විදුලිමය වශයෙන් කාර්යක්ෂම නිසාත් ජීව කාලය වැඩි නිසාත්නෙ. එහෙත් එම ගතිගුණ එලෙසම පවත්වාගෙන යමින් බල්බ සෑදීම නම් සිතන තරම් ඉතා සරල කාරණයක් නොවේ.

      led වලට නියමිත වෝල්ටියතාව හා ධාරාව ලබා දීම ඉතා වැදගත්. එනිසා කරන්ට් සෝස් වැනි උපක්‍රම යොදා ගෙන එවැනි පරිපථ ඩිසයින් කිරීම සුදුසුය. සැපයුම් විභවය තමන්ගේ අවශ්‍යතාව දක්වා අඩු කිරීමට සුදුසු රෙසිස්ටර් යොදා ගත හැකියි; නමුත් එය අකාර්යක්ෂම ක්‍රමයක්.

      ඕනෑම බල්බ ගණනක් සවි කළ හැකි බල්බ පරිපථයක් අර කී ලෙසට කාර්යක්ෂම ලෙස පවතින ලෙසට ඩිසයින් කිරීම අපහසුය. එලෙස කොහොම හැදුවත් බල්බ ගණන වෙනස් වන විට පරිපථයේ වෙනස්කම් කිරීමට සිදු වෙනවා. බල්බ ගණන වැඩි වන තරමට ප්‍රධාන විදුලියට කෙලින්ම සවි කළ හැකි බල්බයක් කාර්යක්ෂමව හා අඩු පිරිවැයකින් සෑදිය හැකිය. ශ්‍රේණිගත හා සමාන්තරගත සංකලනයකින් එවිට led සෙට් කළ හැකියි. බල්බ ගණන අඩු වන විට රෙසිස්ටර් යොදා විභවය අඩු කර ගැනීමට සිදු වේ.

      ඔබේ නිශ්චිත ගැටලුවට සුදුසුම දේ නම්, ඔබට අවශ්‍ය led ගණනට ගැලපෙන පරිපථයක් සොයා ගැනීමයි (තිබෙන පරිපථය සංකීර්ණ නම් එය වෙනස් කරන්නට නොගොස්). මා මෙම led බල්බ විෂය ගැන එතරම් උනන්දු නැති නිසා අලුත් තාක්ෂණික උපක්‍රම ආදිය තිබේදැයි සොයා බලා නැත. සමහරවිට මේ සඳහාම සුදුසු අයිසී නිපදවා තිබිය හැකියි.

      Delete
    2. මා ඉතා සරල පරිපථයක් නිර්මාණය කර පෙන්වන්නම්... එය පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර බලන්න.
      https://drive.google.com/open?id=0B_ZPPcHU-jw4dnZBQ2NlNkdFRzQ

      වෝල්ට් 230 මේන්ස් විදුලිය c1 කැපෑසිටරය හරහා ගමන් කරයි. ඇත්තටම මෙම කැපෑසිටරය මෙහිදී ක්‍රියා කරන්නේ ප්‍රතිරෝධකයක් ලෙසයි. එනම්, එමඟින් එල්ඊඩීවලට සැපයෙන ධාරාව පාලනය කරනවා. කැපෑසිටරයට සමාන්තරව සවිකර තිබෙන R1 රෙසිස්ටරය බ්ලීඩර් රෙසිස්ටරයක් (එනම්, පරිපථය ඕෆ් කළ පසු කැපෑසිටරයේ තිබෙන චාජ් එක සෙමින් සෙමින් ඩිස්චාර්ජ් කිරීම එහි වගකීම වේ). ඉන්පසු ධාරාව පූර්ණ තරංග ඍජුකරණයට ලක් වෙනවා රෙක්ටිෆයර් 4 මඟින්. එම විදුලිය නැවත R2 හා c2 පසුකර යන විට ධාරාව යම් සුමට වීමකට ලක් වෙනවා. ඉන්පසු ඔබට අවශ්‍ය එල්ඊඩී ප්‍රමාණය ඉන් දල්වනවා. මෙහි කරන්ට් සෝස් වැනි උපක්‍රම නැති ඉතා සරල පරිපථයකි. දැන් බලමු එම උපාංගවල අගයන් ඔබට අවශ්‍ය බල්බ ප්‍රමාණය සරිලන ලෙස ගණනය කරන හැටි.

      ඔබ තීරණය කළ යුතුයි එල්ඊඩී බල්බ ගණන කීයද හා ඒවා සවි කරන වින්‍යාසය. සිතමු සියලු එල්ඊඩී ශ්‍රේණිගතව පමණක් යොදනවා කියා. එල්ඊඩී බල්බයක වෝල්ටියතාව වෝල්ට් 3 යැයි උපකල්පනය කරමු. එකක් මිලිඇම්පියර් 25ක් ගන්නවා යැයි සිතමු. සියලු බල්බ සර්වසම විය යුතුය. ලංකාවේ ප්‍රධාන විදුලිය ඒසී වෝල්ට් 230නෙ. එහෙත් එය ඉහත පරිපථය හරහා ඍජුකරණය වී ඩීසී වන විට 230x1.141 = ඩීසී වෝල්ට් 311ක් පමණ වන අතර, රෙක්ටිෆයර්වල දෙපස රැඳෙන වෝල්ටියා අඩු කළ විට අවසානයේ වෝල්ට් 310ක් පමණ පිට වේ.

      දැන් උපාංගවල අගයන් සොයන්නේ මෙසේය. බල්බ ගණන උදාහරණයක් ලෙස 5 ලෙස ගත් විට, ඒවා ශ්‍රේණිගතව සම්බන්ද කරන විට වෝල්ට් 5x3 = 15 කි. මෙලෙස අවශ්‍ය නම් මෙම පරිපථය මඟින් ශ්‍රේණිගතව උපරිමව බල්බ 310/3 = 103 ක් පමණ දැල්විය හැකිය.

      මෙම වෝල්ට් 15 හැරුණු විට ඉතිරි වෝල්ටියතාව පරිපථයේ අනෙක් කොටස් විසින් රඳවා ගත යුතුය. එසේ රඳවා ගත යුතු වෝල්ටියතාව 310 - 15 = වෝල්ට් 295කි. හරි... දැන් ශ්‍රේණිගතව සියලු බල්බ සවි කර තිබෙන නිසාත්, එක් බල්බයකින් මිලිඇම්පියර් 25ක් ගන්නා නිසාත්, තනි එල්ඊඩී බල්බයකට සාමාන්‍යයෙන් යොදන ඕම් නියමය යොදන්න. එවිට, (සැපයුම් විභවය - මුලු එල්ඊඩී විභවය)/ධාරාව යන සූත්‍රයට අනුව, (310 - 15)V/0.025A = ඕම් 11800 වේ. ඒ කියන්නේ භාහිරින් එවැනි ඕම් ගණනක් පරිපථයට දැනිය යුතුය. එම දැනීම ඇති කරන්නේ C1 හා R2 විසින්ය.

      R2 සඳහා කුඩා ඕම් ගණනක් සාමාන්‍යයෙන් යොදමු. එය ඕම් 50ක් ලෙස ගමු (වොට් 2ක පමණ). එවිට ඉතිරි ඕම් ගණන පෙන්වන්නේ c1 කැපෑසිටරය මඟිනි. ඔබ දන්නවා කැපෑසිටරයක් හරහා ඒසී විදුලියක් යන විට එහි ප්‍රතිබාද අගයක් හට ගන්නවා. එම ප්‍රතිබාදය, X = 1/(2*PI*f*C) යන සූත්‍රයෙන් සෙවිය හැකිය. ඇත්තටම අප දැනටමත් එම ප්‍රතිබාද අගය දන්නවා (එය තමයි කැපෑසිටරය විසින් පෙන්විය යුතු ඕම් ගණන). අපට සොයන්නට තිබෙන්නේ කැපෑසිටර් අගයයි (c). ඉතිං ඉහත උදාහරණයෙන් ලැබුණු අගයන් ආදේශ කර c අගය සොයන්න. මේන් විදුලියේ සංඛ්‍යාතය (f) හර්ට්ස් 50නෙ. c = 1(2*3.14*50*11750) = මයික්‍රොෆැරඩ් 2.7කි. එම කැපෑසිටරය පොලියෙසටර් වර්ගයේ එකක් වීම සුදුසු වන අතර, වෝල්ටියතාව 400ක් වීම සෑහේ.

      R1 බ්ලීඩර් රෙසිස්ටරය මෙගාඕම් 1ක් පමණ විශාල අගයකින් තිබිය යුතු අතර එහි වොට් ගණන 1/4ක් ලෙස තැබිය හැකිය. c2 කැපෑසිටරයද ඉලෙක්ට්‍රොලයිටික් විය හැකි අතර මයික්‍රොෆැරඩ් අගයක් යෙදිය හැකිය. රෙක්ටිෆයර් සඳහා 1N4007 යොදා ගත හැකිය. මේ ආකාරයට ඔබට කැමති බල්බ ගණනකට පරිපථයේ අගයන් ගණනය කළ හැකිය.

      මෙම පරිපථය මා ටෙස්ට් කර නැති අතර, එල්ඊඩී පරිපථයක් සරලව ඩිසයින් කරන අයුරු කෙටියෙන් හෝ ඔබට පෙන්වා එහි තියරිය කියා දීමට මා මේ දැන් සැලසුම් කළ එකකි. තවද, කෙලින්ම මේන්ස් විදුලිය සමඟ මෙම පරිපථයේ සියලු කොටස් ඍජුවම සම්බන්ද නිසා මෙවැනි පරිපථ (ට්‍රාන්ස්ෆෝමර් නැති) ඉතා අනතුරුදායක බවද සිහි තබා ගන්න. රත් වෙනවා වැඩි නම් ඊට වොට් ගණන වැඩි (මහත) රෙසිස්ටර් යෙදිය යුතුය (වෙනත් අවශ්‍ය උපක්‍රමද සහිතව). පහසුවෙන් ස්පර්ශ කළ නොහැකි ලෙසට සමස්ථ පරිපථයම ශක්තිමත්ව හොඳින් පරිවරණය කළ යුතුය.

      Delete
    3. තෑංක්ස් සර්. ගොඩක් හොඳ පැහැලිදි කිරීමක් කරලා තියෙනවා. මං මේ ටික කීප සැරයක්ම කියෙව්වා. මං මේ විදිහට උත්සාහ කරලා බලන්නං පරිපථයක් හදාගන්න. මේ විදිහට දීර්ග පිලිතුරක් දෙන්න ඔබතුමා උනන්දු වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඔබතුමා මේ කරන කර්තව්‍ය ගොඩාක් අගය කොට සලකනවා. ඇත්තටම ඔබතුමාට ගොඩාක් පිං මේ දැනුම නොමිලේම ලබා දෙනවට. මං ඔබතුමාගේ බ්ලොග් එකේ ලින්ක් එකක් මගේ ෆේස්බුක් පිටුවෙත් පල කළා. මොකද මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම සොයන ගොඩාක් දෙනෙක් මට හමුවෙලා තියෙනවා. නමුත් ඒ අයට ඒක නිවැරදිව ඉගෙන ගන්න තැනක් තමයි නැත්තේ. නැවතත් ඔබ තුමාට ගොඩාක් පිං.

      Delete
    4. :) දැනුම අන් අය සමඟ බෙදා හදා ගන්න. අන්තර්ජාලය, ෆේස්බුක් වැනි මෙවලම් එවැනි වැදගත් දේ සඳහා වැඩි වශයෙන් යොදා ගන්න; අන් අයටත් බල කරන්න. (මට සර් කියන්න එපා)

      Delete
    5. ඔබතුමා සමාජයට වටිනා මෙහෙවරක් නොමිලේම කරන ගුරුවරයෙක්. ගුරුවරයෙකුගේ කාර්ය භාරය තමයි කිසිදු ලාභ ප්‍රෙයා්ජන මත නොයැපී සමාජ සත්කාර කිරීම. ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරුවරයෙක්. ඉතින් මම හිතන්නේ ඔබතුමාට සර් කීවා කියලා කිසිම වැරැද්දක් නෑ කියලා. ඔබතුමා කිසිම ගෙූරවයක් බලාපොරොත්තු නොවීමත් ඔබතුමාගේ තවත් මහත්මා ලක්ෂණයක්. තමන් කොච්චර දේවල් දැනගෙන හිටියත් හැම කෙනෙක්ටම බෑ තවත් කෙනෙකුට තේරෙන විදිහට උගන්වන්න. විශේෂයෙන්ම මේ මගේ දුරස්ථ මාධ්‍යයකින්. ඔබ සැබෑම ගුරුවරයෙක් කියන්න ඒකත් හොඳම උදාහරණයක්. මේ කර්තව්‍යය තව තවත් ඉදිරියට කරගෙන යෑමට තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!

      Delete
    6. ඒක නම් සහතික ඇත්ත. ඔබතුමා වගේ කෙනෙක් නම් මම ජීවිතේට දැකල නෑ. ඔබතුමා සමාජයට කරන මේ මෙහෙවර මන් කිසිම කෙනෙකුගෙන් දැකල නෑ. ඔබතුමා විශ්ව කෝෂයක් එ විතරක් නෙවෙයි. ඔබතුමා එ දැනුම අපි වගේ ශිෂ්‍යයන්ට කියලා දෙනව. මෙවා බලන්න කාලින් තිබ්බෙ මුකුත්ම නොදන්නා කම හා ආසාව විතරයි. හැබැයි මෙවා බැලුවම මට නම් හිතෙන්නේ මම මේ සම්බන්ධව හැම දෙයක්ම ඉගෙන ගත්ත වගේ. ඒක හරියට අඳුරෙන් ආලෝකයට ගියා වාගේ. අවුරුදු ගණනාවක් තිස්සේ අපි අහන ප්‍රශ්න වලට පැහැදිලි විසඳුම් ලබාදීමට යුහුසුළු වෙනවා. ඒ සේවය නිසාම තමයි අපිට ඔබතුමා කෙරෙහි නියම ගරු ගෟරවය හට ගන්නේ. ඇත්තටම ඔබතුමාව උදේ හවස මල් පහන් තියලා වඳින්න වටිනවා මේ කරන සේවය වෙනුවෙන්. මේ අපිට ලබා දෙන දැනුම් සම්භාරයම ඇති ඔබතුමාට නිවන් දකින්නට...! ඔබතුමාට තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!

      Delete
    7. ජීවිතය ගමන් කරන්න ඕන අඳුරෙන් එලියටනෙ (තමෝ ජෝති පරායනො)... ඉගෙන ගන්නට ඇල්මක් ඇති සෑම කෙනෙකුම එම මාර්ගයේ සිටින අයයි. ඔබත් එසේමයි. හොඳින් ඉගෙන ගන්න :)

      Delete
  5. එල එල මන් අහන්නම හිටිය ප්‍රශ්නයකට උත්තර හමබවුනා.ඒ වගේම ඔබතුමාගෙ ඉංග්‍රීසි උගන්වන පොත නම් මට මාර වටිනව.grob's basic electronics වගේ වටින පොත් කියවන්න රුකුලක්.සුද්දො කතා කරන ඉංග්‍රීසි අල්ලගන්න සමහරක් වෙලවට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. :) ඉගෙන ගන්න නම් ඉංග්‍රිසි භාෂා දැනුම දැනගැනීම අන් සියලු දේට වඩා වටිනවා (මං හිතන්නේ ඔබ එය ජීවිත අත්දැකීමෙන්ම දන්නවා ඇති). ඉංග්‍රිසියෙන් ඉතාම අනර්ඝ පොත් ඕනෑ තරම් තිබෙනවා ඉගෙන ගැනීමට.

      Delete
  6. Sir ගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්; Sir කොහොමද pdf internet එකට දැම්මේ? අපිටත් පුළුවන් ද pdf internet එකට upload කරන්න.
    එහෙම කරන විදිහ සවිස්තරාත්මකව පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්නෙට් එකට pdf හෝ වෙනත් ඕනෑම ටයිප් එකක ෆයිල් එකක දාන්න නම්, ඒ සඳහා නිරන්තරයෙන්ම ඉන්ටර්නෙට් එකට අධිවේගි දත්ත මාර්ගයකින් සම්බන්ද පරිගනකයක් (ඊට "සර්වර්" කියා කියනවා) අවශ්‍ය වෙනවා. නොමිලේම එවැනි සේවා සපයන ආයතන/සේවා ගණනාවක් තිබෙනවා. මා ඒ සඳහා Google drive යොදා ගන්නවා. ඔබ සාදන සෑම ජීමේල් එකවුන්ට් එකක් එකක්ම නොමිලේම මෙම පහසුකම ලැබෙනවා. ඔබට කරන්නට තිබෙන්නේ ඔබට අයිති ගූගල් ඩ්‍රයිව් එකවුන්ට් එකට වෙබ් බ්‍රවුසරයෙන් ගොස් (drive.google.com), ඔබේ ෆයිල් එක එහි සේව් කරන්න. ඉන්පසු එම ෆයිල් එක මත රයිට්ක්ලික් කර, get a sharelable link වැනි මෙනු එක ක්ලික් කරන්න. දැන් එම ලින්ක් එක ඔබට අන් අය සමග ෂෙයාර් කරගන්න පුලුවන්.

      Delete
    2. Thanks sir, මමත් internet එකට දැම්මා pdf එකක් පොඩි ගැටලුවක් විසඳාගන්න අවශ්‍යයි.

      https://drive.google.com/file/d/1ebX5zsBPmY14-NKzO3vCE7c-GEce8Sv3/view?usp=drivesdk

      Delete
    3. ඔබගේ pdf ෆයිල් එක අපට බැලිය හැකියි. :) එහි ඔබේ නිබන්දයද මා කියෙව්වා. ඒ ගැන මගේ අදහසත් කියන්නම්කො.

      සදාචල යන්ත්‍ර (perpetual machine) සෑදීමට ශත වර්ෂ ගණන් සිට විශාල නව නිපැයුම්කරුවන් පිරිසක් උත්සහ දරා තිබෙනවා. අදටත් ඒ සඳහා උනන්දුවන අය අතිවිශාලයි. එහෙත් විද්‍යාත්මකව බැලුවොත් සදාචල යන්ත්‍ර කිසිසේත් සෑදිය නොහැකිය. ඊට හේතුව මේ ලොව කිසිම යන්ත්‍රයක් කොතරම් හොඳට සෑදුවත් 100%ක් කාර්යක්ෂමව සෑදිය නොහැකිය. ඔබ දන්නවා කාර්යක්ෂමතාව යනු ලබා දෙන ශක්තියෙන් කොතරම් ශක්තියක් පිට කරන්නේද/නිපදවන්නේද යන්නයි [ (output energy)/(input energy) ]. ඕනෑම යන්ත්‍රයකින් ඉතාම ක්ෂුද්‍ර ප්‍රමාණයක් හෝ ශක්තිය කනට ඇසෙන හෝ නොඇසෙන ශබ්දයක් ලෙස; හෝ කම්පනයක් ලෙස; හෝ ආලෝකයක් ලෙස; හෝ රේඩියෝ තරංගයක් ලෙස; හෝ තාපයක්/රස්නයක් ලෙස; හෝ අපතේ යනවා යනවාමයි. ඉතිං 100%ක කාර්යක්ෂමතාවක් ලබා ගත නොහැකිය. තවද, විද්‍යා නියමයක් තිබෙනවා "යම් සංවෘත පද්ධතියක ශක්තිය අලුතින් නිපදවීමට හෝ විනාශ කිරීමට බැරිය; ශක්තියක් එක් ආකාරයක සිට තවත් ආකාරයකට පරිවර්තනය කළ හැක්කේය" (උදාහරණයක් ලෙස විදුලි ශක්තිය ආලෝක ශක්තිය බවට) කියා.

      ඔබගේ ඇටවුම ගැන ඔබ තර්ක කළ විදිය වැරදි සහගතයි. එක් මෝටරයකට පිටතින් (මොහොතකට) ශක්තිය ලබා දී එය කරකැවීමට සලස්වනවා. ඉහත කියූ සරල හේතු නිසා මෝටරයට පිටතින් ලබා දෙන විදුලි ශක්තියෙන් වැඩිම කොටස මෝටරය විසින් චාලක ශක්තිය බවට පරිවර්තනය කරනවා. ඒ අතරම, මෝටරය විසින් තාපය, කම්පනය, ශබ්දය ලෙස කුඩා කොටසක් අපතේ යවනවා. උදාහරණයක් ලෙස, මෝටරයට ශක්තිය කොටස් 100ක් ඇතුලු කළේ නම්, දැන් මෝටරයෙන් කරකැවීම (චාලක ශක්තිය) ලෙස පිටතට ලැබෙන්නේ කොටස් 97 ක් වැනි කොටසක් විය හැකියි.

      එම මෝටරයෙන් ශක්තිය 97ක් දැන් ඔබ දෙවැනි මෝටරයට ලබා දෙනවා. තවද, එම මෝටරය දැන් ක්‍රියාත්මක වන්නේ ජෙනරේටරයක් ලෙසයි. මෙහිදීද අර කියූ හේතු නිසාම (එනම් ජෙනරේටරය 100%ක් කාර්යක්ෂම නොවීම), ජෙනරේටරයෙන් නිපදවන විදුලි ශක්ති ප්‍රමාණය 95ක් පමණ වේ යැයි සිතමු. ඒ කියන්නේ ඊට ඇතුලු කළ ශක්තිය ප්‍රමාණයට වඩා අඩු ශක්ති ප්‍රමාණයකුයි ඉන් පිටකර තිබෙන්නේ.

      සමස්ථ පද්ධතියම සලකා බලන කල පද්ධතියට 100ක් ඇතුලු කර 95ක් පිට කරයි. ඒ කියන්නේ ඇත්තටම අමතරව වැඩිපුර ශක්තියක් පිට කර නැති බවයි (ඒ විතරක් නොවේ පද්ධතිය දිගටම ක්‍රියාත්මකව පවත්වාගැනීමට නම් පිටතින් විදුලි ඒකක 5 බැඟින් දිගටම ලබා දිය යුතුත් වෙනවා නේද?). ඒ කියන්නේ අමතර ශක්තියක් ලබා දෙනවා තියා තම පද්ධතිය දිගටම පවත්වා ගෙන යෑමට තරම්වත් එයට හැකියාවක් නැති බවයි.

      Delete
    4. වැරදි පෙන්වා දීමට ස්තූතියි. ඇත්තටම මා මෙම pdf එක හැදුවේ ඇටවූමේ වරරදි හඳුනා ගැනීම සඳහා ඔබට පෙන්වීමටය. එක මාගේ පාලමු pdf එක :)

      Delete
    5. මේ සම්බන්දයෙන්ම තවත් අදහසක් මා කෙටියෙන් පැවසීමට කැමතියි. විශ්වයේ විවිධ ස්වරූපවලින් ශක්තිය පවතිනවානෙ. ඒ අතර කෙනෙකු පවසනවා තවමත් විද්‍යාත්මකව සනාථ කර නොමැති ශක්ති වර්ග ගැන. ඒවාට විවිධ ලස්සන නාමයන්ද ඔවුන් දමා තිබිය හැකියි. එහෙත් තවමත් අපට එම ශක්තිය ප්‍රයෝජනයට ගන්නා විදියක් දන්නේ නැති අතර, තමන් සෑදූ යන්ත්‍රයෙන් කරන්නේ එවැනි ශක්ති ප්‍රභවයකින් ශක්තිය උරා ගැනීමක් බවයි (එය තමන් සොයා ගත් ක්‍රමයක් බවද වැඩිදුරටත් ඔවුන් පවසාවි).

      තවද, විද්‍යාත්මකවත් ඇත්ත වශයෙන්ම එවැනි ශක්ති ප්‍රභව තිබෙන බව සොයා ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස, ක්වන්ටම් විද්‍යාවේ කියවෙනවා zero point energy ගැන. ඉතිං, කෙනෙකු අර ලෙසටම පැවසිය හැකියි තමන්ගේ සදාචල යන්ත්‍රය එවැනි විද්‍යාත්මකව පවතිනවා යැයි පවසන (නමුත් තවමත් එම ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට ක්‍රමවේද නැති) ශක්ති ප්‍රභවයකින් ශක්තිය උකහා ගන්නවා කියා.

      මෙහිදී වුවද, ශක්තිය අලුතින් නිපදවීමක් කෙරෙන්නේ නැති අතර, 100%ක් කාර්යක්ෂම පද්ධති/උපකරණ නැති බවද පිළිගනී. එනිසා විද්‍යාත්මක සත්‍ය මත ඔවුන් පිහිටයි. මෙහිදී සිදු වන්නේ අර පිටස්තර "අමුතු" ශක්ති ප්‍රභවයෙන් යම් රහස් ක්‍රමයකින් ශක්තිය උරා ගන්නා බවයි.

      එහෙත් මෙම ක්‍රම ගැනද ස්ථිර විශ්වාසදායි තහවුරු වීම් නොමැත. දැන් දශක ගණනක් තිස්සේ මෙවැනි ක්‍රම ගැන ගැන ලෝකයා කතා කරයි (තිවාරි නම් ඉන්දියානුවා ගැන සොයා බලන්න කැමතියි නම්). එහෙත් අදටත් ලෝකයේ කිසිම තැනක මෙවැනි ශක්ති ප්‍රභවයන්ගෙන් කර්මාන්ත දිවෙන්නේ නැත. මා පෞද්ගලිකව මෙවැනි ක්‍රමද නොපවතින බව (තවමත්) විශ්වාස කරනවා.

      Delete
    6. මං මෙහෙම කිව්වොත්,
      2 වන මෝටරය සඳහා වැඩි බලසම්පන්න එකක් නේ යොදන්නේ. ඒකෙන් පලමු මෝටරයට 102 ක් විදුලිය ලබා දෙනවා. Ic එක මගින් එම විදුලිය 100 k කරලා ලබා දෙනවා. සදහටම නැත්තන් දවසක් දෙකක් වත් ඕකෙන් එකදිගට වැඩ ගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්නේ

      Delete
    7. මේකයි... විද්‍යාව ඉගෙන ගන්න (සෙමින් හා හොඳින්). එහෙත් සෑමවිටම විද්‍යාත්මකව විතරක් සිතීමට අවශ්‍ය නැත. රාමුවෙන් පිට සිතන එකත් හොඳයි. එවිටයි නව නිර්මාණ ඇති වන්නේ. මට මතකයි සාමාන්‍ය පෙළ කරන කාලයේ මටත් සදාචල යන්ත්‍ර ගැන පිස්සුවක් තිබුණා. ඒ කාලයේ රොඩ්‍රිගෝ වැනි නමක් ඇති ඉලෙක්ට්‍රොනික්ස් තාක්ෂණය ගැන දැනුමක් ඇති හා රේඩියෝ තාක්ෂණය ගැන සිංහලෙන් පොත් ලියපු කෙනෙකුද සදාචල යන්ත්‍ර ගැන පර්යේෂන කළා. ඔහුගේ පර්යේෂණවලට කුමක් වූයේදැයි මා දන්නේ නැත.

      Delete
    8. :(
      Sir කොහොමද අප්පා ඔච්චර ඉක්මනින් සිංහලෙන් type කරන්නේ.
      මට quantam physics ගැන කියලා දෙන්නකෝ.

      Delete
    9. මං මෙහෙම කිව්වොත්,
      ඔයාගේ වම් අතට රුපියල් 100ක් දීලා දකුණු අතින් රුපියල් 101ක් දිය හැකිද?

      මාගේ කමෙන්ට් හොඳින් කියවා බලන්න. නැවත මං එම කරුණ අවධාරණය කරන්නම්. යම් උපාංගයකට ඇතුලු කරන ශක්තියට (input energy) වඩා ශක්තියක් පිට කළ (output energy) නොහැකිය. මෝටරය පවර්ෆුල් වූවාට වැඩක් නැහැනෙ එය හැමටවිටම පිට කරන්නේ ඊට ලැබෙන ශක්තියට වඩා අඩු ශක්තියක් නම්.

      ශක්තිය, විදුලි ජවය, වෝල්ටියතාව, ධාරාව ගැන තවදුරටත් අධ්‍යනය කරන්න. මාගේ පාඩම් කියවා බලන්න.

      Delete
    10. ක්වන්ටම් ගැන පසුවට මා ලියන්න සිතාගෙන ඉන්නවා. එහෙත් බොහෝ දේවල් දැන් එක පාරට මතකයට එන්නෙ නැහැ. ඒ නිසා පසුවට ඒ ගැන ලියන්න සිතා ගෙන ඉන්නවා.

      ටයිප් කිරීම ගැනද යමක් කීමට තිබෙනවා. අද කාලයේ සාර්ථකව සිටීමට විවිධ දක්ෂතා අවශ්‍යයිනෙ. මා සිතන ලෙස, වේගයෙන් ඉංග්‍රිසි හා සිංහල බසින් ටයිප් කිරීමටත් පුරුදු විය යුතුයි. කීබෝඩ් එක දිහා නොබලා කලුවරේ වුවද ටයිප් කළ හැකි විය යුතුයි (ඊට touch-typing කියා කියනවා). සුමානයකින් දෙකකින් විතර එම හැකියාව ලබා ගත හැකියි.

      Delete
    11. Motor එක powerful නැතනම් මං දැති රෝද වගේ දෙයක් පාවිචිචි කරලා 2 වන motar එකේ චාලක ශක්තිය වැඩි කරනවා. එවිට පලමුවැන්නට වැඩි ධාරාවක් විත් 100 ට කරකවේවි

      Delete
    12. Quantam... Igenaganna hoda web site ekakwat, potak wat kiyannakoo

      Delete
    13. බැහැ... භෞතික උපක්‍රම යොදා බලපෑමක් කළ නොහැකියි. විදුලි ධාරාව යනු ශක්තියද නොවේ. පෙරත් කියූ ලෙස, මූලික සංකල්ප ගැන සෙමින් කියවා එම දැනුම මතකේ තබා ගන්න. එවිට ඔබ දැන් ඇසූ හා නොඇසූ ප්‍රශ්න අතිවිශාල ප්‍රමාණයකට පිලිතුරු ඉබේම ලැබේවි. :)

      Delete
    14. අැයි බැරි. මා කරන්නේ ගියර් පද්ධතියක් හා සමාන වැඩක්නේ.. පලමුවැන්නට ලොකු දැති රෝදෙ දෙවැන්නට පොඩි එක. එතකොට දෙවැන්න වේගෙන් කැරකිලා වැඩි විදුලියක් නිපදවයි.

      Delete
    15. "යම් සංවෘත පද්ධතියක ශක්තිය අලුතින් නිපදවීමට හෝ විනාශ කිරීමට බැරිය" යන්න පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි නැ. එ්ක සාධනය කරලා පෙන්වන්න පුළුවන්ද

      Delete
    16. මතකද මා මුලින්ම පැවසුවා විද්‍යාව සෙමින් හා හොඳින් ඉගෙන ගන්න කියා? ඊට හේතුව ඔබ මේ අසන ප්‍රශ්නවලට පිලිතුරු ලැබෙන්නේ එලෙස විද්‍යාව ඉගෙන ගැනීමෙනි. මෙවැනි කමෙන්ට්වලින් මා කෙටි පිලිතුරු ලබා දුන්නත් ඔබට සෑහීමට පත් විය නොහැක්කේද එනිසාය; එහෙත් එලෙස සෑහීමට පත් නොවීමද හොඳ කාරණයකි. එනිසා විද්‍යා පතපොත කියවා තව දැනුම හොඳින් රැස් කර ගන්න. ශක්ති සංස්ථිති නියමය මා සිතන්නේ පාසලේ විද්‍යා පෙල පොතේද සඳහන් වෙනවා. මොන උපක්‍රමයක් යෙදීමෙන් හෝ ශක්තිය අමුතුවෙන් මැවීමට නොහැකිය. දැති රෝද හෝ වෙනත් ඕනම උපක්‍රමයක් හෝ යෙදුවට වැඩක් නැත (මේ සියලු උපක්‍රමවලට පොදුවේ මා "භෞතික උපක්‍රම" යැයි සඳහන් කළේ).

      විශ්වය යම් මොහොතක ආරම්භ වූයේ නම්, එම මොහොතේ තිබූ ශක්තිය තමයි ඉන්පසුවත් තිබිය යුත්තේ. එහෙත් කාලයත් සමඟ එම ශක්තිය විවිධ ප්‍රභේදවලට පරිවර්තනය වෙමින් තිබිය හැකියි. එය ශක්ති සංස්ථිතික නියමය ලෙස හැඳින්වෙනවා. එම තත්වයම තමයි සංවෘත පද්ධතියක තිබෙන්නෙත්. සංවෘත පද්ධතියක් යනු භාහිර පරිසරයට ශක්තිය කිසිම ආකාරයකින්/ස්වරූපයකින් පද්ධතියෙන් පිටතට යා නොහැකි හා භාහිර පරිසරයෙන් ශක්තිය කිසිම ආකාරයකින් පද්ධතිය තුලට පැමිණිය නොහැකි ඇටවුමකි. යම් භාජනයක් තුලට ඔබ යමක් දමා හොඳින් සීල් කළේ නම් එම දේ එම භාජනය තුල විවිධාකාරයෙන් පරිවර්තනය වී තිබිය හැකි වුවත්, භාජනය තුල තිබූ ප්‍රමාණයන් එලෙසම තිබෙනවා නේද? ශක්තියද හැසිරෙන්නේ එලෙසමයි සංවෘත පද්ධතියක් තුල.

      Delete
  7. Sir, අපිට ගෙදරදී ම ලේසර් කිරණ හදන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ලේසර් සෑදීම ක්‍රම ගණනාවක්ම තිබෙනවා මොකද විවිධාකාරයේ ලේසර් ගණනාවක්ම තිබෙන නිසා. ලේසර් සෑදීම සිතන තරම් පහසු නැත. ඒ සඳහා අවශ්‍ය වන උපාංග කොටස් සපයා ගත යුතු අතර, සීරුමාරු කිරීම් (adjustments) හරියට කළ යුතුය. යූටියුබ් එකේ මා දැක තිබෙනවා නිවසේදීම ලේසර් සාදන වීඩියෝ ගණනාවක්ම.

      රූබි ලේසර් සෑදීම බැලූබැල්මට පහසු මෙන් පෙනේ. ඒ සඳහා රතු රූබි මැනිකක් අවශ්‍ය වේ. හාහාහා... එහෙත් දැන් තිබෙනවා කෘත්‍රිම රූබි මැනික් (මිල ගණන් නම් මා සොයා බලා නැත). සිගරට් එකක් හැඩයට ඒවා සාදා තිබෙනවා. මෙවන් කෘත්‍රිම රූබි කූරක් ගෙන එය ප්‍රබල ක්වාර්ට්ස් බල්බයක් (අර රවුම් රවුම් ආකාරයට සාදා තිබෙන සීඑෆ්එල් බල්බ ආකාරයේ) මැද රඳවා බල්බය පත්තු කළ විට ඉන් නිකුත් වන අධික තාපය නිසා රූබි කූර උත්තේජනය වී යම් ආලෝකයක් නිකුත් කෙරේවි. එය තවම ලේසර් නොවේ. එම කූරේ එක් කෙළවරකට 100%ක් පරාවර්තනය කරන පිරිසිදු කන්නාඩියක්ද, අනෙක් කෙලවර අර්ධ වශයෙන් පරාවර්තනය කරන කන්නාඩියක්ද රැඳවිය යුතුය. එවිට, රූබි කූරෙන් නිකුත් වන ආලෝකය අර කන්නාඩි දෙක අතර එහෙට මෙහෙට පරාවර්තනය වී ප්‍රබල ලේසර් ආලෝකයක් බවට පරිවර්තනය වේ. එහි බාගෙට පරාවර්තනය වන පැත්තෙන් ලේසර් ආලෝකය පිටතට විහිදුවේ. ඕක තමයි රූබි ලේසරයේ තියරිය. අවශ්‍ය කළමණා තිබේ නම් පර්යේෂන කර බලන්න.

      Delete
    2. Mama ahala tyenwa nion wayuwa purawapu tube ekkata kannadi 2k tiyala oya wade krnwa kiyala. E katawa attada kiyala danaganna kamati

      Delete
    3. neon, argon, helium, co2, aadi waayu ho waayu misrana yoda gannawa thamai laser hadanna. ekane man kiwwe laser warga gananawak thiye kiyala.

      Delete
    4. Thanks sir, api co2 yoda gannakota pirisindu co2 ma yoda ganna oneda. Prashwasa wataya yodaganna barida. Neon, argon, helium sapayaganna widihak nadda ?
      50% parawartana kannadiyak kynne mokadda.

      Delete
    5. ඔව් පිරිසිදු කාබන් ඩයොක්සයිඩ් ඕන. ප්‍රශ්වාස වාතය යනු පිරිසිදු කාබන් ඩයොක්සයිඩ් නොවෙයි. එහි 78%ක් පමණ නයිට්‍රජන්ද, 16%ක් පමණ ඔක්සිජන්ද, 1%ක් පමණ නිෂ්ක්‍රිය වායුද, 5%ක් පමණ co2 ද තිබෙනවා.

      50%ක පරාවර්තක කන්නාඩියක් යනු ඊට වැටෙන ආලෝකයෙන් භාගයක් පරාවර්තනය කරන අතර, ඉතිරි භාගය කන්නාඩිය හරහා විනිවිද යන කන්නාඩියකි.

      Delete
  8. Sir, camarawak hadana widiha kiyala denna puluwanda. Eth ekkama mata screen ekakut hada ganna widiha danaganna asai.

    ReplyDelete
    Replies
    1. කැමරාවක් හෝ ඩිස්ප්ලේ එකක් හදන හැටි ඉගෙන ගැනීම පහසු වුණාට එය හදන එක අපහසු වැඩක්. පාසල් හෝ වෙනත් ව්‍යාපෘතිකයකට සමහරවිට එය කරන්නට හැකි වේවි (විශාල පික්සල් සාදමින්). සමහර දේවල් තිබෙනවා කර්මාන්තරශාලාවෙන් නිෂ්පාදන වියදම ශත ගණනක් වුවත්, දහස් ගණනක් වියදම් කළත් අපට අවශ්‍ය කළමණා හා උපකරණ සපයා ගෙන නිපදවීමට බැරි. මුලු කැමරා සෙන්සර් එකම රුපියල් දෙතුන් සියයක් පමණ වෙනවා. එහෙත් එය සාදන්නට ගියොත් දසදහස් ගණනක් වියදම් කළත් එය අපට කළ නොහැකියි. තවද, ඉතා ලාභෙට ඉතා හොඳ තත්වයේ උපාංග සපයා ගත හැකි නම්, ඒවා සාදන්නට උත්සහ කරන එක එතරම් නුවනැති වැඩක් නෙමෙයි. අවශ්‍ය නම් ආශාවට සාදා බලත හැකියි.

      Delete