Wednesday, May 31, 2017

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ...


කෙදිනද කුඩු හදන්නට එන්නේ
කෙදිනද කුඩු වෙලා අප ඉන්නේ
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ...

බිඳුණු සෙනෙහේ දළු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ...

දෙපය දොවා පිණි දිය දොරේ පිය
බිරිඳක වුදා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රසමසවුළු සුව දිදි තුඩ තබන්නට
සෞමය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වෙන්නේ...

නිරන්ජලා සරෝජනී ගයන මේ ගීතය බිරිඳක් සිතිය පැතිය යුත්තේ කෙසේදැයි ප්‍රේමකීර්ති පෙන්වා දෙන අපූරුව වචනයෙන් ඔබ්බේ පවතින්නකි. සමහරවිට මෙය ප්‍රේමකීර්තිගේ සිතේ බිරිඳකගෙන් ඔහු පැතූ දේද විය හැකිය මොකද ඔහුගේ කෙටි ජීවන සැරියේ ආදරයේ පහස විඳිය යුතු පමණින්ම ලැබූවෙකු නොවේ. ඔහු එක වචන පෙලකින් කියන දේ වරුවක් වුවද සිත සිත සිහින මවමින් සිටිය හැකිය.

මේ පදවැල්වල කියානා අන්දමේ බිරිඳක් ලැබීමම අද කාලයේ කොතරම් දුලභදැයි සිතේ. ඒ ගැන තත්කාලීන සමාජය ගැන විවරණය කරමින් ගීතයෙන් ලබපු සැනසීම මොහොතකට හෝ නැති කර ගැනීමට නොසිතේ. මෙහි පේලියෙන් පේලියට සිතේ ඇඳෙන නාට්‍යානුසාරී චිත්ත රූපවලින් පැය ගණනක චිත්‍රපටයක් වුවද සෑදිය හැකිය.

අන්තර්ජාලයේ සමාජ ජාලාවලින්, ජංගම දුරකතනයෙන්, පැය ගණන් රූපවාහිනියේ ගොන් පැය නාට්‍යවලින් තොර රොමාන්තික (romantic) සාමකාමී යුවතිපති සම්බන්දය විඳින්නට බැරි තරමට අද මිනිසුන් පවුකාරයන් බවට පත් වීද?

No comments:

Post a Comment