Friday, April 7, 2017

කන්‍යාභාවය කැඩී ලේ ගලන ලංකාවේ නීතිය

විමල් පයිත්තියංගරස් වීරවංශට අද දින ඇප ලබා දී තිබෙන පුවත ඇසීමෙන් ඇත්තෙන්ම මා සතුටටත් කෝපයටත් පත් වූවා.

මොනම හේතුවක් නිසාවත් වැරැද්ද ඔප්පු නොකර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම (රිමාන්ඩ්) කිසිසේත් මානව අයිතින් හා සාධාරණත්වය ගැන සිතන කෙනෙකුට අනුමත කළ හැකිදැයි සැක සහිතය. මා පෞද්ගලිකව ඊට තදින්ම විරුද්ධය. එය අවිචාරවත් ශාරීරික වද හිංසනයකි. වරද ඔප්පු වූ පසුව, වරද ඉතා බැරෑරුම් නම් මරණ දඬුවම වුවද දිය යුතුය. ඔප්පු වන තෙක් සියලු මානව අයිතින් රැකිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක (එහි රිමාන්ඩ් කිරීම දඩුවමක් ලෙස නොසලකන්න කියයි) හෝ පනතක තිබෙන වචන ටිකක් නිසා කෙනෙකුගේ ජීවිතයෙන් නැවත ඌනපූරණය කළ නොහැකි අලාභයක් සිදු කිරීම එලෙස පොතක තිබෙන වාඛ්‍යයකින් දෙකකින් ශුද්ධ කළ හැකිද?

උසාවිවල නඩු ගොඩ ගැසී තිබීම නිසා නඩු කල් යෑම හෝ සාක්ෂි සොයන තුරු නඩු කල් දැමීම හෝ මේ කිසිවක් යම් චූදිතයෙකුට විරුද්ධව තිබෙන තත් කාරණයට සම්බන්ද පදාර්ථමය (substantive) කාරණා නොවේ. චූදිතයා ඇත්තටම වැරැද්ද කළත් නැතත් එය නිශ්චය කිරීමට පූර්වයේම බලු කූඩුවක ලඟින්නට සිදු වීම කොතරම් තිරිසන් ක්‍රියාවක්දැයි නීති හදන හා පසිඳලන පරයන්ට නොතේරෙන එක කනගාටුවකි.

විමල් පයිත්තියංගරස් පමණක් නොව, රිමාන්ඩ් හි සිටින සියල්ලන්ම වහම නිදහස් කිරීම කළ යුතුය. මුන්ට කඩිනමින් නඩු අහන්න බැරි නම් උසාවි වසා දමා නීතිපති දෙපාර්තමේන්තුව විසුරුවා හැරිය යුතුයි. අවුරුදු දශක ගණන් රට කරපු කාලකන්නි පාලකයන් තමන් අච්චර අවුරුදු ගණනක් දේශපාලනය කළා මෙච්චර කාලයක් කළා කියමින් උඩබුරමින් තප්පුලමින් සිටින විට අපට උන්ගෙන් අහන්නට සිදු වන්නේ එච්චර කාලයක් සිටි තොපි නීතිය කාර්යක්ෂමව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අදටත් නොහැකි වී තිබීම ගැන විලිලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද කියාය.

යම් නඩුවකට චෝදනා ලැබ උසාවියේ පෙනී සිටීමම මොහොතකට හෝ උසාවි බලු කූඩුවේ (රිමාන්ඩ් එකේ) සිටීමේ වරප්‍රසාදය ලැබේ. පුද්ගල පෞරුෂත්වය ගැන තඹ දොයිතුවකට මායිම් වෙන්නේ නැත. පුද්ගල අභිමානය උසාවි දොරකඩ පාපිස්ස බවට පත්වේ. හැම මඟුලකටම රිමාන්ඩ් කරනවා (ඉන්පසු ඇප දීම) වෙනුවට ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි වෙනත් දේවල් මුන්ට සිතා ගන්නවත් බැරි තරම් මන්ද බුද්ධිකයන්ද? එහෙත් වඩුවා නොකියා වඩු කාර්මිකයා කියන්නැයි අපට ශීලාචාරකම (euphemism) උගන්වන්න නම් එවුන් එමට සිටී.

නීතිය කාටත් පොදු විය යුතුය. එයයි නීතියේ ආධිපත්‍ය වන්නේ. එක එකාට විවිධ විදියට සලකන උසාවි තිබීම ගැන අසූචි ගඳට ඇති වන අපුලට වඩා විශාල අපුලක් ඇති වේ. විමල්ගේ ළමයා පමණද ළමයි? තවත් බොහෝ රිමාන්ඩ්හි සිටින අයගේ දරුවන් චූන් එකේ සිටිනවා කියාද මහේශාක්‍ය සමන්තභද්‍ර ප්‍රඥාවට වල්ලභ නඩුකාර කන්‍යාවියට සිතෙන්නේ?

තවද, රටේ අගමැත්තා අනුන්ගේ නඩුවලට හොට දමා තීන්දු වෙනස් කරන තැනට වැඩ කිරීම උගේ අවජාතක ගතිය ප්‍රදර්ශනය කිරීමකි. එවැනි දේ කළ පජාත රජෙකු පන්නා දමා නව ආණ්ඩුවක් පත් කර ගත්තේ නැවත එම දේම සිදු කර ගන්නටද? ඇවන්ගාඩ් සිද්ධියේදී ජඩ අධිකරණ ඇමැත්තා චෝදනාලාභි දූෂිතයා වෙනුවෙන් පෙනී සිටිනුද අප මීට පෙර දැක තිබෙනවා. හැමදාමත් වාගේ මේ සියල්ල සිදු වෙද්දී ගැහැනි මළ මිනිහා සේ ජනපති හිටං හිටං සිටී.

No comments:

Post a Comment