Friday, March 10, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 59

CallSign (CS)

Call Letters හෝ Call Name ලෙසද හැඳින්වෙන මෙය ආධුනික ගුවන් විදුලියේ යෙදී සිටින අය හඳුනා ගන්නා හැඳුනුම් නාමය වේ. කෙටියෙන් CS ලෙසද ලියනවා. ඒවා 4S7TEK, 4S6SUM ආදී ලෙස අක්ෂර හා ඉලක්කම් පහ හයක කෙටි නාම වේ. කැපිටල් සිම්පල් භේදයක් නැත.

ආධුනික ගුවන් විදුලි පරීක්ණයෙන් සමත් වූ පසුව, ට්‍රාන්ස්මීටර් භාවිතා කරමින් ආධුනික රේඩියෝ සංඛ්‍යාතයන් ඔස්සේ සන්නිවේදනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ සමඟම කෝල්සයින් යන අලුත් හැඳුනුම් නාමයකුත් ලැබෙනවා.

මෙම නාමය ලෝකයටම අනන්‍ය වූ නාමයකි; එනම් එක කෝල්සයින් එක කිසිවිටක ලෝකයේ කොතැනක හෝ සිටින දෙදෙනෙකුට නොලැබේ. කෝල්සයින් එක අනන්‍ය නාමයක් නිසා, එකම නාමය දෙදෙනෙකුට නොලැබීමට නම්, එය විධිමත්ව පරිපාලනය කළ යුතුයි. මෙම විධිමත් පාලනයද ඉතාම පහසුවෙන් සිදු කළ හැකිය.

සාමාන්‍ය ලියුම් යවන ලිපිනයද (postal address) අනන්‍ය වේ. ලෝකයේ එකම ලිපිනය දෙතැනක තිබුණොත් ඇති විය හැකි තත්වය සිතා බලන්න. ලිපිනයක් අනන්‍ය කිරීම හරිම පහසුය. පළමුව යම් රටක් වගබලා ගන්නවා එම රට තුල සෑම ලිපිනයක්ම අනන්‍ය බවට. ඉන්පසු එය ලෝකය පුරාම අනන්‍ය කරන්නට සිදු කරන්නේ එම ලිපිනය යටින් අදාල රටේ නම ලිවීම පමණි. ඇත්තටම ලෝකය පුරාම ඕනෑම දෙයක් අනන්‍ය කරන්නේ එවැනි ක්‍රමයකිනි. රටක් තුල අනන්‍ය වන පරිදි සාදා ගත් දෙයකට යම් කුඩා කොටසක් එකතු කරනවා; එම කුඩා කොටස එක් එක් රටකට විවිධ විය යුතුය.

සාමාන්‍ය දුරකතන අංකයක්ද අනන්‍ය වේ. එම හැකියාව ලැබුණේ කෙසේද? සෑම රටකමට අනන්‍ය වූ country code (IDD prefix) එකක් ලැබෙනවා. ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ ඒ අනුව 94නෙ. ඒ කියන්නේ අයිඩීඩී කෝඩ් එකත් ඇතුලුව සම්පූර්ණ ෆෝන් නම්බරයක් ගත් විට, සෑම ශ්‍රී ලාංකික අංකයක්ම 94න් පටන් ගනී. එලෙසම වෙනත් රටවලටද වෙනස් වෙනස් කෝඩ් ඇත. ඉන්පසු එම රට තුල එකිනෙකට වෙනස් ෆෝන් අංක ලබා දේ.

ඉහත උදාහරණ දෙකට අමතරව තවත් අවස්ථා ගණනාවක්ම පෙන්වා දිය හැකිය. එලෙසමයි කෝල්සයින් අනන්‍යව ලබා දෙන්නෙත්. ITU ආයතනය විසින් එක් එක් රටකට වෙන වෙනම callsign prefix නම් අක්ෂරයක හෝ දෙකක කුඩා කේතයක් ලබා දෙනවා (හරියට ටෙලිෆෝන් අංක සඳහා අයිඩීඩී ප්‍රිෆික්ස් එක ලබා දෙන්නා සේ). ඉන්පසු අදාල රටට කරන්න තිබෙන්නේ එම කෝල්සයින් ප්‍රිෆික්ස් එකට පිටුපසින් තවත් අක්ෂර දෙක තුනක් යොදා කෝල්සයින් සාදා දීමටයි. ප්‍රිෆික්ස් එකට පිටුපසින් මෙලෙස රටක් විසින් යොදන කොටස suffix ලෙස හැඳින්වේ.

ඇත්තටම බොහෝ රටවලට එක් කෝල්සයින් ප්‍රිෆික්ස් එකක් නොව, ප්‍රිෆික්ස් කිහිපයක්ම ලබා දී තිබෙනවා. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවට 4P, 4Q, 4R, හා 4S ලෙස ප්‍රිෆික්ස් 4ක්ම ලබා දී තිබෙනවා. එකළඟින් පිලිවෙලින් තිබෙන විදියටයි ඒවා ලබා දෙන්නේ. එනිසා කෙටියෙන් 4P-4S ලෙස එම ප්‍රිෆික්ස් පරාසය දැක්විය හැකියි. ලංකාවට එලෙස ප්‍රිෆික්ස් 4ක් ලබා දෙද්දී, ඇමරිකාව වගේ රටවලට එවැනි ප්‍රිෆික්ස් දුසිම් ගණනක් ලබා දේ. ඊට හේතුව වැඩිපුර කෝල්සයින් භාවිතා කරන රටවලට අවශ්‍ය ප්‍රමාණයට ඒවා ලබා දීමට ITU ආයතනය කටයුතු කරයි.

ලංකාව හා බොහෝ රටවලට ඉහත ආකාරයේ අක්ෂර දෙකක (හෝ කලාතුරකින් අක්ෂර තුනක) කෝල්සයින් ප්‍රිෆික්ස් ලබා දුන්නත්, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව වැනි රටවලට තනි අක්ෂරයේ ප්‍රිෆික්ස්ද ලබා දී ඇත (ඊට අමතරවත් අක්ෂර කිහිපයක ප්‍රිෆික්ස්ද ගණනාවක් ලබා දී ඇත). තනි අක්ෂරයක් ඇති විට, එම රටට හැකි වෙනවා වැඩි පිරිසකට කෝල්සයින් ඉන් සාදා දෙන්නට (දළ වශයෙන් අක්ෂර දෙකේ ප්‍රිෆික්ස් එකකින් සාදා ගන්නා කෝල්සයින් ගණනට වඩා 36 ගුණයක් පමණ). ඒ කියන්නේ තනි අක්ෂරයේ ප්‍රිෆික්ස් එකක් ලැබීම හරියට අක්ෂර දෙකේ ප්‍රිෆික්ස් 36ක් ලැබුණා හා සමානය.

උදාහරණයක් ලෙස රුසියාවට R යන තනි අක්ෂරයේ ප්‍රිෆික්ස් එක ලැබුණා යැයි සිතමු. එවිට රුසියාවට පුලුවන් එම R අකුරට පසුව ඇති අක්ෂරය A, B, C ආදි ලෙස ඉංග්‍රිසි අකුරු 26ක් යොදා තනි R ප්‍රිෆික්ස් එක තවත් ප්‍රිෆික්ස් 26කට කඩන්න. තවද 0 සිට 9 දක්වා ඉලක්කම 10ද භාවිතා කළ හැකිය. එවිට R ප්‍රිෆික්ස් එක අක්ෂර දෙකේ ප්‍රිෆික්ස් 36කට කඩා ගත හැකියි. ඉංග්‍රිසි අක්ෂර 26 හා ඉලක්කම් හැර වෙනත් කිසිදු අක්ෂරයක් හෝ සංඥාවක් යොදා ගන්නට බැහැ කෝල්සයින් සාදා ගන්නට.

පහත දැක්වෙන්නේ එක් එක් රටක් සඳහා ITU විසින් ලබා දී තිබෙන කෝල්සයින් ප්‍රිෆික්ස් වගුව වේ. රටවලට අමතරව ජාත්‍යන්තර ආයතන කිහිපයකටද වෙනම ප්‍රිෆික්ස් දී ඇති බව පෙනේ. G, M, N, K, W, R, B, I, F, 2 යන ප්‍රිෆික්ස් තනි අක්ෂරයේ ඒවා වේ. Q අක්ෂරයෙන් කිසිදු කෝල්සයින් එකක් ලබා නොදෙන්නේ Q codes සමඟ පැටලැවීම වැලැක්වීමටයි. තවද, 0 හා 1න් පටන් ගන්නා කෝල්සයින් ලබා නොදෙන්නේ ඒවා O () හා l (සිම්පල් එල්)/I (කැපිටල් අයි) යන ඉංග්‍රිසි අක්ෂර සමඟ පැටලීම වැලැක්වීමටයි. තවද, ප්‍රිෆික්ස් ලෙස අක්ෂර දෙකම ඉලක්කම් 2ක් ලෙස තිබෙන කෝල්සයින් (24, 52, 18 වැනි) තවම ලබා දී නැත. තවද, පළමු අකුර ඉංග්‍රිසි අක්ෂරයක් වූ විට, දෙවැනි අක්ෂරය බිංදුව (0) හෝ එක (1) ලෙස පවතින කෝල්සයින්ද ලබා දී නැත.

Call Sign Prefix Allocated to
A
AA–AL United States
AM–AO Spain
AP–AS Pakistan
AT–AW India
AX Australia
AY–AZ Argentina
A2 Botswana
A3 Tonga
A4 Oman
A5 Bhutan
A6 United Arab Emirates
A7 Qatar
A8 Liberia
A9 Bahrain
B
B People's Republic of China
B (BM-BQ, BU-BX) Republic of China (Taiwan)
C
CA–CE Chile
CF–CK Canada
CL–CM Cuba
CN Morocco
CO Cuba
CP Bolivia
CQ–CU Portugal
CV–CX Uruguay
CY–CZ Canada
C2 Nauru
C3 Andorra
C4 Cyprus
C5 The Gambia
C6 Bahamas
C7 World Meteorological Organization (මෙය රටක් නොව, ආයතනයකි)
C8–C9 Mozambique
D
DA–DR Germany
DS–DT South Korea
DU–DZ Philippines
D2–D3 Angola
D4 Cape Verde
D5 Liberia
D6 Comoros
D7–D9 South Korea
E
EA–EH Spain
EI–EJ Ireland
EK Armenia
EL Liberia
EM–EO Ukraine
EP–EQ Iran
ER Moldova
ES Estonia
ET Ethiopia
EU–EW Belarus
EX Kyrgyzstan
EY Tajikistan
EZ Turkmenistan
E2 Thailand
E3 Eritrea
E4 Palestinian Authority
E5 Cook Islands
E6 Niue
E7 Bosnia and Herzegovina
F
F France (and its Overseas departments/territories)
G
G United Kingdom (and its overseas territories/Crown dependencies)
H
HA Hungary
HB Switzerland
HB (HB0, HB3Y, HBL) Liechtenstein (uses prefixes allocated to Switzerland)
HC–HD Ecuador
HE Switzerland
HF Poland
HG Hungary
HH Haiti
HI Dominican Republic
HJ–HK Colombia
HL South Korea
HM North Korea
HN Iraq
HO–HP Panama
HQ–HR Honduras
HS Thailand
HT Nicaragua
HU El Salvador
HV Vatican City
HW–HY France (and its Overseas departments/territories)
HZ Saudi Arabia
H2 Cyprus
H3 Panama
H4 Solomon Islands
H6–H7 Nicaragua
H8–H9 Panama
I
I Italy
J
JA–JS Japan
JT–JV Mongolia
JW–JX Norway
JY Jordan
JZ Indonesia
J2 Djibouti
J3 Grenada
J4 Greece
J5 Guinea-Bissau
J6 Saint Lucia
J7 Dominica
J8 Saint Vincent and the Grenadines
K
K United States
L
LA–LN Norway
LO–LW Argentina
LX Luxembourg
LY Lithuania
LZ Bulgaria
L2–L9 Argentina
M
M United Kingdom (and its overseas territories/Crown dependencies)
N
N United States
O
OA–OC Peru
OD Lebanon
OE Austria
OF–OJ Finland
OK–OL Czech Republic
OM Slovakia
ON–OT Belgium
OU–OZ Denmark
P
PA–PI Netherlands
PJ Netherlands — Former Netherlands Antilles
PK–PO Indonesia
PP–PY Brazil
PZ Suriname
P2 Papua New Guinea
P3 Cyprus
P4 Aruba
P5–P9 North Korea
Q
Q වලින් කිසිදු කෝල්සයින් ලබා නොදේ.
R
R Russia
S
SA–SM Sweden
SN–SR Poland
SSA–SSM Egypt
SSN–STZ Sudan
SU Egypt
SV–SZ Greece
S2–S3 Bangladesh
S5 Slovenia
S6 Singapore
S7 Seychelles
S8 South Africa
S9 São Tomé and Príncipe
T
TA–TC Turkey
TD Guatemala
TE Costa Rica
TF Iceland
TG Guatemala
TH France (and its Overseas departments/territories)
TI Costa Rica
TJ Cameroon
TK France (and its Overseas departments/territories)
TL Central African Republic
TM France (and its Overseas departments/territories)
TN Congo
TO–TQ France (and its Overseas departments/territories)
TR Gabon
TS Tunisia
TT Chad
TU Ivory Coast
TV–TX France (and its Overseas departments/territories)
TY Benin
TZ Mali
T2 Tuvalu
T3 Kiribati
T4 Cuba
T5 Somalia
T6 Afghanistan
T7 San Marino
T8 Palau
U
UA–UI Russia
UJ–UM Uzbekistan
UN–UQ Kazakhstan
UR–UZ Ukraine
V
VA–VG Canada
VH–VN Australia
VO Canada (formerly Dominion of Newfoundland)
VP–VQ United Kingdom (and its overseas territories/Crown dependencies)
VR Hong Kong (Special Administrative Region of the People's Republic of China)
VS United Kingdom
VT–VW India
VX–VY Canada
VZ Australia
V2 Antigua and Barbuda
V3 Belize
V4 Saint Kitts and Nevis
V5 Namibia
V6 Micronesia, Federated States of
V7 Marshall Islands
V8 Brunei
W
W United States
X
XA–XI Mexico
XJ–XO Canada
XP Denmark
XQ–XR Chile
XS People's Republic of China
XT Burkina Faso
XU Cambodia
XV Vietnam
XW Laos
XX Macao (Special Administrative Region of the People's Republic of China)
XY–XZ Burma
Y
YA Afghanistan
YB–YH Indonesia
YI Iraq
YJ Vanuatu
YK Syria
YL Latvia
YM Turkey
YN Nicaragua
YO–YR Romania
YS El Salvador
YT–YU Serbia
YV–YY Venezuela (Republic of)
Y2–Y9 Germany
Z
ZA Albania
ZB–ZJ United Kingdom (and its overseas territories/Crown dependencies)
ZK–ZM New Zealand
ZN–ZO United Kingdom (and its overseas territories/Crown dependencies)
ZP Paraguay
ZQ United Kingdom (and its overseas territories/Crown dependencies)
ZR–ZU South Africa
ZV–ZZ Brazil
Z2 Zimbabwe
Z3 Republic of Macedonia
Z8 South Sudan
0
කිසිදු කෝල්සයින් ලබා දී නැත
1
කිසිදු කෝල්සයින් ලබා දී නැත
2
2 United Kingdom (and its overseas territories/Crown dependencies)
3
3A Monaco
3B Mauritius
3C Equatorial Guinea
3D-A–3D-M Swaziland
3D-N–3D-Z Fiji
3E–3F Panama
3G Chile
3H–3U People's Republic of China
3V Tunisia
3W Vietnam
3X Guinea
3Y Norway
3Z Poland
4
4A–4C Mexico
4D–4I Philippines
4J–4K Azerbaijan
4L Georgia
4M Venezuela
4O Montenegro
4P–4S Sri Lanka
4T Peru
4U United Nations (මෙය රටක් නොව, ආයතනයකි)
4V Haiti
4W East Timor
4X Israel
4Y International Civil Aviation Organization (මෙය රටක් නොව, ආයතනයකි)
4Z Israel
5
5A Libya
5B Cyprus
5C–5G Morocco
5H–5I Tanzania
5J–5K Colombia
5L–5M Liberia
5N–5O Nigeria
5P–5Q Denmark
5R–5S Madagascar
5T Mauritania
5U Niger
5V Togo
5W Western Samoa
5X Uganda
5Y–5Z Kenya
6
6A–6B Egypt
6C Syria
6D–6J Mexico
6K–6N South Korea
6O Somalia
6P–6S Pakistan
6T–6U Sudan
6V–6W Senegal
6X Madagascar
6Y Jamaica
6Z Liberia
7
7A–7I Indonesia
7J–7N Japan
7O Yemen
7P Lesotho
7Q Malawi
7R Algeria
7S Sweden
7T–7Y Algeria
7Z Saudi Arabia
8
8A–8I Indonesia
8J–8N Japan
8O Botswana
8P Barbados
8Q Maldives
8R Guyana
8S Sweden
8T–8Y India
8Z Saudi Arabia
9
9A Croatia
9B–9D Iran
9E–9F Ethiopia
9G Ghana
9H Malta
9I–9J Zambia
9K Kuwait
9L Sierra Leone
9M Malaysia
9N Nepal
9O–9T Democratic Republic of the Congo
9U Burundi
9V Singapore
9W Malaysia
9X Rwanda
9Y–9Z Trinidad and Tobago

යුද්ධ හා විවිධ ගිවිසුම් මඟින් ඉඳහිට රටවල් අලුතින් සෑදෙනවා; නැතිනම් රටවල් කිහිපයකට කැඩෙනවා. එලෙස සිදුවන විට ITU විසින් අදාල ප්‍රදේශවල (රටවල) ප්‍රිෆික්ස් වෙනස් කරනවා.

උදාහරණයක් ලෙස, 1991ට පෙර බලවත් සෝවියට් සමූහාණ්ඩුව තිබෙන කාලයේ U අක්ෂරය සම්පූර්ණයෙන්ම ඊට පවරන ලදි. එහෙත්, සෝවියට් දේශය රටවල් ගණනාවකට බිඳී ගිය විට, එක් එක් රටවලට එය කඩා දෙන ලදි. තවත් උදාහරණයක් ලෙස, 1975ට පෙර සීකිම් නම් රටක්/ප්‍රදේශයක් තිබූ අතර (අපේ රටේ වැඩසිටි එස්. මහින්ද හිමිගේ මව් රට; එස් යනු සීකිම් යන්නයි), එය භාවිතා කළේ AC3 යන ප්‍රිෆික්ස් එකයි. එහෙත් එම ප්‍රදේශය ඉංදියාවේ ප්‍රාන්තයක් බවට පත් වූ පසුව, එම ප්‍රිෆික්ස් එක අහෝසි වී සාමාන්‍ය ඉංදියානු ප්‍රිෆික්ස් එක භාවිතා කරන්නට විය.

යම් රටකට ඉහත ආකාරයේ ප්‍රිෆික්ස් එකක් ලැබුණාම ඉන් තම රටට අවශ්‍ය කෝල්සයින් කෙසේ සාදනවාදැයි තීරණය කරන්නේ එම රටයි. ඊට ITU ආයතනය ඇඟිලි ගසන්නේ නැත. එහෙත් කෝල්සයින් එකේ අවසාන අක්ෂරය ඉලක්කමක් නොවිය යුතු යැයි කොන්දේසියක් පනවා තිබේ (එච්චරයි).

එක් එක් රටවල් තමන්ට ලැබුණු කෝල්සයින් හසුරුවන්නේ/කළමණාකරණය කරන්නේ වෙනස් වෙනස් ආකාරවලිනි. මොන ආකාරයකින් එය කළමණාකරණය කළත්, ප්‍රිෆික්ස් එකට පසුව බොහෝවිට උපරිමව අක්ෂර 4ක් පමණ තිබේවි. ප්‍රිෆික්ස් එකට පසුව එක් එක් රට විසින් ලබා දෙන මෙම කොටස callsign suffix ලෙස හැඳින්වේ. එවිට පුද්ගලයෙකුට ලැබෙන්නේ අක්ෂර 6ක පමණ කෝල්සයින් එකකි.

යෙමනය හා උතුරු කොරියාව දැනට ආධුනික ගුවන් විදුලියට අවසර දෙන්නේ නැති නිසා එම රටවල කෝල්සයින් සහිත ආධුනික ගුවන් ශිල්පින් නැත.

සමහර විශාල රටවල් කෝල්සයින් ප්‍රිෆික්ස් එකට පසුව ඊළඟට ඇති අක්ෂරය (එනම් සෆික්ස් එකේ මුල් අක්ෂරය) යොදන්නේ තම රටේ එක් එක් ප්‍රදේශයක්/කොටසක් නියෝජනය කිරීමටයි. මෙවිට යම් ආධුනික ගුවන් ශිල්පියෙකුගේ කෝල්සයින් එක බැලීමෙන් ඔහු කුමන ප්‍රදේශයක කෙනෙක්දැයි දැනගත හැකිය. ඇත්තටම ITU විසින්ද එම ක්‍රමය අනුගමනය කරන මෙන් සියලු රටවලින් ඉල්ලා සිටිනවා. එහෙත් ලංකාව ඇතුලු බොහෝ රටවල් එය අනුගමනය නොකරයි.

සෆික්ස් එකේ දිගත් සමහර රටවල නිශ්චිත නැත. ආධුනික ශිල්පියාගේ මට්ටම අනුව සෆික්ස් එකේ සයිස් එක (අක්ෂර ගණන) එහිදී තීරණය වේ. ඉහලතම මට්ටමේ අයට අක්ෂර දෙකක සෆික්ස් එකක් ලබා දී, ඊට අඩු මට්ටමේ ශිල්පියෙකුට අක්ෂර තුනක සෆික්ස් එකක් ආදි වශයෙන් ලබා දේවි. කුඩා සෆික්ස් එකක් ලැබීම වරප්‍රසාදයකි (ආඩම්බරයට කාරණයකි).

යම් රටකට ප්‍රිෆික්ස් කිහිපයක්ම ලැබුණත් බොහෝවිට ඒ සියලුම ප්‍රිෆික්ස්වලින් කෝල්සයින් ලබා දෙන්නේ නැත. ඊට හොඳම උදාහරණය ලංකාවයි. ලංකාවට 4P, 4Q, 4R, 4S තිබුණත් ආධුනික ගුවන් ශිල්පින්ට කෝල්සයින් ලබා දෙන්නේ 4S ප්‍රිෆික්ස් එකෙන් පමණි.

දැන් බලමු ලංකාවේ කෝල්සයින් ලබා දීමේදී අනුගමනය කරන පිළිවෙත. කෝල්සයින් ලබා දෙන්නේ විදුලිසංදේශ නියාමන කොමිසම (TRC) විසිනි. වසර 2010ට පසු ඔවුන් සෑම ආධුනික මට්ටමක් සඳහාම අක්ෂර 3ක සෆික්ස් එකක් ලබා දේ.

එම සෆික්ස් එක ආධුනික ශිල්පියා කැමති අකුරු 3කි (බොහෝ අය තමන්ගේ නමට ගැලපෙන අකුරු 3ක් තමයි යොදා ගන්නේ). එහෙත් දැනටමත් එම අකුරු තව අයෙකු යොදාගන්නේ නැති විය යුතුය. තමන් කැමති සෆික්ස් එකක් තෝරාගත හැකි නිසා මෙවැනි කෝල්සයින් vanity callsign ලෙස හැඳින්වෙනවා (සමහර රටවල එවැනි තෝරාගැනීමකට අවසර නැත; තමන්ට අහඹු ලෙස හිමිවන අකුරු ගත යුතුය). යම් කෝල්සයින් එකක් තිබූ කෙනෙකු මිය ගිය විට හෝ කෝල්සයින් එක අත්හැරදැමූ විට, තව කෙනෙකුට කැමති නම් එම සෆික්ස් එක ගත හැකිය.

ආධුනික ශිල්පින් බොහෝවිට කෝල්සයින්වල තිබෙන බිංදුව ලියන්නේ Ø (තනි අක්ෂරයක් ලෙස සලකන විට “slashed O” ලෙස මෙය ශබ්ද කිරීම සුදුසුය) ලෙසයි. ඉංග්‍රිසි ඕ අකුර සමඟ සිදුවිය හැකි පැටලිල්ල ඉන් මඟහැරේ.

මීට පෙර උසස් මට්ටමේ අයට වරප්‍රසාදයක් තිබුණා අක්ෂර දෙකක සෆික්ස් එකක් ලබා ගන්නට (දැන් බැහැ). එහෙත් 2010ට පෙර එම වරප්‍රසාදය හිමිකරගත් අයට ඉදිරියටත් තමන්ගේ අක්ෂර දෙකේ සෆික්ස් එක භාවිතා කිරීමට අවසර දී තිබෙනවා.

ඇත්තටම 4S ප්‍රිෆික්ස් එකත් ඉහත සඳහන් අක්ෂර තුනේ සෆික්ස් එකත් අතර ඉලක්කමක්ද TRC විසින් යොදනවා (ඒ අනුව බැලුවහම ඇත්තටම සෆික්ස් එක අක්ෂර 4ක් ලෙස සැලකිය යුතුයි). මෙම ඉලක්කම 5 හෝ 6 හෝ 7 විය යුතුය. ආධුනික ශිල්පියාගේ මට්ටම ඉන් හඟවනවා. 5 හිමි වන්නේ නවිස් මට්ටමටයි; 6 ජෙනරල් මට්ටමටයි; 7 උසස් මට්ටමටයි. ඒ අනුව ලංකාවේ දැනට නිකුත් කරන කෝල්සයින් වල ආකාරය (format) පහත ආකාරයන්ගෙන් පැවතිය යුතුයි.

4S5XXX – novice class
4S6XXX – general class
4S7XXX – advance class
(2010ට පෙර උසස් මට්ටම්වල සිටි අය 4S7XX ලෙස තවමත් සිටිනවා.)

ඇත්තටම කෝල්සයින් එකකින් එය ලබන පුද්ගලයා සේම (operator id/license), ඔහු භාවිතා කරන ට්‍රාන්ස්මිටරයත් හැඳින්වෙනවා (station id/licence). යම් කෝල්සයින් එකක් හිමි කෙනා භාවිතා කරන ට්‍රාන්ස්මීටරයටත් ඒ අනුව ඉබේම ඔහුගේ කෝල්සයින් එක හිමිවෙනවා.

සාමාන්‍යයෙන් පුද්ගලයකුටයි ආධුනික ගුවන් විදුලි කෝල්සයින් එකක් ලබා දෙන්නේ. එහෙත් ආධුනික ගුවන් විදුලිය සම්බන්ද ආයතනයකටත් කෝල්සයින් එකක් ලබා දිය හැකියි. උදාහරණයක් ලෙස, ලංකාවේ පැරණිතම ආධුනික ගුවන් විදුලි සංගමය වන ශ්‍රී ලංකාවේ රේඩියෝ සංගමය (Radio Society of Sri Lanka – RSSL) හි කෝල්සයින් එක වන්නේ 4S7RS වේ. තවත් රේඩියෝ සංගමයක් වන Amateur Radio Association of Lanka (ARAL) හි කෝල්සයින් එක වන්නේ 4S6ARA වේ. RSSL එකට 4S7 ලෙස 7 මට්ටම ලැබී තිබෙන්නේ එහි ඇඩ්වාන්ස් මට්ටමේ සාමාජිකයන් සිටින නිසාය (භාරකරුවන් ලෙස). ARAL හි 4S6 ලෙස 6 මට්ටමේ සිටින්නේ එහි ජෙනරල් මට්ටමේ අය විසින් පවත්වාගෙන යන නිසාය. සංගමයේ මට්ටම තීරණය වන්නේ එහි සාමාජිකයන්ගේ (භාරකරුවන්ගේ) මට්ටම අනුවයි.

සමහරවිට කෝල්සයින් එකට පසුව / යොදා යමක් ලියා තිබෙනු දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස, 4S7TEK/M දැක්විය හැකියි. මෙවැනි /M වැනි කොටස් “callsign modifier” ලෙස හඳුන්වමු. ඇත්තටම, /ට පසුව අපට කැමති දෙයක් සාමාන්‍යයෙන් ලිවිය හැකිය (බොහෝ රටවල ඊට නීතියෙන් බාධාවක් නැත). ඒ ලියන දෙයින් කුමක් හෝ අමතර (බොහෝවිට තාවකාලික) තේරුමක් ලබා දේ. භාවිතාවෙන්ම ප්‍රචලිත වී සම්මතයක් බවට පත් වූ එවැනි යෙදුම් කිහිපයක් ඇත.

1. /m – mobile යන වචනය ඉන් ගම්‍ය වේ. සාමාන්‍යයෙන් ආධුනික ට්‍රාන්ස්මීටරයක් යම් නිශ්චිත තැනක (සුපුරුදු ලියාපදිංචි වී සිටින තැන) සිටයි ක්‍රියාත්මක කරවන්නේ. එහෙත් කැමති නම්, ජංගම වෙමින් (වාහනයක ගොඩබිම ගමන් කරමින්) ක්‍රියා කරවියද හැකියි (ලංකාවේ නීතිය අනුව, මේ සඳහා TRC එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් පූර්ව අවසරයක් ගත යුතුය). මෙලෙස ජංගම තැනක සිට තමන්ගේ උපකරණ ක්‍රියාත්මක කර සන්නිවේදනය කරන විට, තමන්ගේ කෝල්සයින් එකට පසුව මෙම කොටස යෙදිය හැකිය. මෙම කෝල්සයින් මොඩිෆයර් එක කෝල්සයින්ට පසුව යෙදූ විට, එය කටින් කියන විට, අදාල කෝල්සයින් එක කියා “මොබයිල්” ලෙස පැවසිය යුතුය. උදාහරණයක් ලෙස, 4s7tek/m යන්න “ෆෝ එස් සෙවන් ටී ඊ කේ මොබයිල්” ලෙස ශබ්ද කෙරේ.

2. /mm – maritime mobile යන්න ඉන් ගම්‍ය වේ. (තම රටට අයත් නොවන) මුහුද කලාපයක ගමන් කරමින් ආධුනික ගුවන් සන්නිවේදනයේ නියැලෙන විට, තම කෝල්සයින් එකට පසුව මෙය යොදන්න. පෙර පරිදිම පූර්ව අවසරයක් TRC එකෙන් ගත යුතුය.

3. /am – aeronautical mobile යන්න මින් ගම්‍ය වේ. (තම රටට අයත් නොවන) ගුවන් කලාපයක ගමන් කරමින් ආධුනික ගුවන් සන්නිවේදනයේ නියැලෙන විට, තම කෝල්සයින් එකට පසුව මෙය යොදන්න. පෙර ලෙසම, TRC එකෙන් පූර්ව අවසරයක් ගත යුතුය. මීට අමතරව, අදාල ගුවන් යානයේ නිසි බලධාරියාගෙන්ද පූර්ව අවසරයක් ගත යුතුය (බොහෝවිට අවසර නොදේවි).

4. /r – repeater යන්න හැඟවේ. තම ට්‍රාන්ස්මීටරය (තාවකාලිකව) රිපීටරයක් ලෙස යොදා ගන්නා විට, එම රිපීටරයේ (තාවකාලික) කෝල්සයින් එක ලෙස තමන්ගේ කෝල්සයින් එක අගට මෙම කොටස දමා භාවිතා කළ හැකිය. රිපීටර් ගැන පසුවට පාඩමක් ඇත.

ආධුනික ශිල්පින්ගේ ප්‍රයෝජනය සඳහා ස්ථිරවම යම් යම් ස්ථානවල රිපීටර් පිහිටුවා තිබෙනවා. මෙවැනි රිපීටර්වලට සාමාන්‍යයෙන් ස්ථිර කෝල්සයින් තිබේ. උදාහරණ ලෙස ලංකාවේ එවැනි රිපීටර් කිහිපයක කෝල්සයින් පහත දැක්වේ.

4S6ARA/R4 – කිකිලියාමාන්න ප්‍රදේශයේ ARAL විසින් පවත්වාගෙන යන රිපීටරයක්
4S6ARA/R5 – හුන්නස්ගිරිය ප්‍රදේශයේ ARAL විසින් පවත්වාගෙන යන රිපීටරයක්
4S7RS/R – යටියන්තොට ප්‍රදේශයේ RSSL විසින් පවත්වාගෙන යන රිපීටරයක්

5. /b – beacon යන්න හැඟවේ. තම ට්‍රාන්ස්මීටරය (තාවකාලිකව) බීකන් එකක් ලෙස යොදා ගන්නා විට, එම බීකනයේ තාවකාලික කෝල්සයින් එක ලෙස තමන්ගේ කෝල්සයින් එක අගට මෙම කොටස දමා භාවිතා කළ හැකිය (4s7tek/b). බීකන් ගැන පසුවට පාඩමක් ඇත.

ආධුනික ගුවන් ශිල්පින්ගේ ප්‍රයෝජනයට ස්ථිරවම පිහිටුවා තිබෙන බීකන් ඇත. රිපීටර් මෙන් නොව, බීකන්වලින් නිරන්තරයෙන්ම සංඥා පිට කෙරේ. එනිසා බොහෝවිට ඊටම ලබා දුන් කෝල්සයින් පවතී. උදාහරණයක් වශයෙන් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බීකනයක කෝල්සයින් පහත දැක්වේ.

4S7B – මෙය කොළඹ ප්‍රදේශයේ පිහිටුවා තිබෙන අන්තර්ජාතික බීකනයකි.

6. /p – portable යන්න ඉන් හැඟවේ. මෙයත් ඉහත /m වැනිය. එහෙත් මෙහිදී ට්‍රාන්ස්මීටරය අතේ රැගෙන යමින් සිදු කරයි (කන්දක් නඟින ගමන්, කැලයක යන ගමන්). ආධුනික ගුවන් ශිල්පින් සඳහා බොහෝ විනෝදාත්මක තරග ආදිය පවත්වනවා මේ ලෙසට ගමන් කරමින්.

මීට අමතරව, තවත් ප්‍රයෝජනයන් සඳහා ඇමරිකාව වැනි රටවල් කෝල්සයින් මොඩිෆයර් භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස, විවිධ එකඟතා ගිවිසුම් යටතේ එක් රටක ආධුනික ගුවන් ශිල්පියෙකුට තවත් රටක සංචාරය කරන විට, එම රට තුල ආධුනික ගුවන් ට්‍රාන්ස්මීටර් භාවිතා කිරීමට අවසර හිමි වේ (ඇමරිකාව හා කැනඩාව අතර එවැනි අවබෝධතාවක් තිබේ). එහෙත් මෙවිට එම රටේ කෝල්සයින් එකක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඉතිං, තාවකාලිකව එවැනි කෝල්සයින් එකක් ලබා දිය හැකියි දැනටමත් ඔහු සතුව තිබෙන කෝල්සයින් එක අගට සංචාරය කරන රටේ භාවිතා කරන ප්‍රිෆික්ස් එකක් / මඟින් එකතු කිරීමෙන් (ඊට අවසරය සංචාරය කරන රටේ කෝල්සයින් ලබා දෙන අධිකාරයෙන් ලබා ගත යුතුය). උදාහරණක් ලෙස, ඇමරිකාවේ සිටින K7XXX යන කෝල්සයින් එක තිබෙන කෙනා කැනඩාවේ සංචාරය කරන විට, පෙර කී ලෙසට අවසරගෙන, කැනඩාවේ ආධුනික ගුවන් ශිල්පින් භාවිතා කරන VE7 යන ප්‍රිෆික්ස් එක K7XXX/VE7 
(“කේ සෙවන් x x x පෝටබල් වී ඊ සෙවන්” ලෙස මෙය ශබ්ද කෙරේ) ලෙස ඈදිය හැකිය.

විශේෂිත අවස්ථාවන්හිදි (හදිසි තත්වයක් හෝ තරගයක්), සාමාන්‍ය කෝල්සයින් භාවිතා කිරීම කාලය නාස්තිකිරීමක් මෙන්ම එකවර මේ අහවලා යැයි හඳුනාගැනීමට අපහසුතාවක් ඇති වෙනවා (සිතා බලන්න ඔබේ යාලුවන්ව ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලින් හඳුන්වන්නට ගත්තොත් ඇති විය හැකි තත්වය). මෙවන් තාවකාලික අවස්ථාවන් සඳහා සාමාන්‍ය කෙටි නමක් කෝල්සයින් එක වෙනුවට යොදා ගැනීමට අවසර තිබෙනවා. උදාහරණයක් ලෙස, ආපදා තත්වයක් කළමණාකරණය කරන විට, සන්නිවේදන කටයුත්ත පරිපාලනය කරන ප්‍රධාන ස්ථානයේ (මූලස්ථානයේ) කෝල්සයින් එක වෙනුවට headquarters ලෙස නම් කළ හැකියි. එවිට “මේ හෙඩ්ක්වාර්ටර්ස් වලින් කතා කරන්නේ” කී විට එකවරම අහවලා යැයි හැඳින ගත හැකිය. කෝල්සයින් වෙනුවට භාවිතා වෙන මෙවැනි තාවකාලික නාමයන් tactical callsign ලෙස හැඳින්වේ.

ටැක්ටිකල් කෝල්සයින් එකේ අමතර වාසියක්ද ඇත. එනම් එම ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක කරන පුද්ගලයා මාරු වුවත් දිගටම එම ට්‍රාන්ස්මීටරය හැඳින්වෙන්නේ ටැක්ටිකල් කෝල්සයින් එකෙන්මය. එම නොතිබුණා නම්, පුද්ගලයා මාරුවන විට කෝල්සයින් එකත් මාරු වේ (මොකද ට්‍රාන්ස්මීටරයට ලැබෙන්නේ එය ක්‍රියා කරවන පුද්ගලයාගේ කෝල්සයින් එකයි).

පසු පාඩමකදී කෝල්සයින් භාවිතා කරමින් සංවාද කළ යුත්තේ කෙසේදැයි කියා දේ. එහෙත් ටැක්ටිකල් කෝල්සයින් ගැන එක් කරුණක් මෙහිදී කිව යුතු වේ. එනම්, සාමාන්‍යයෙන් ආධුනික විදුලි ශිල්පියෙකු සන්නිවේදනය කරන විට, සෑම විනාඩි 5කට සැරයක්වත් තමන්ගේ කෝල්සයින් එක යැවිය/කිව යුතුය. ටැක්ටිකල් කෝල්සයින් භාවිතා කරන විට, දැන් අදාල ක්‍රියාකරුගේ කෝල්සයින් එක හා ටැක්ටිකල් කෝල්සයින් එක යන දෙකම කිව යුතුය පහත ආකාරයට.

This is 4s7tek at headquarters
(මේ කතා කරන්නේ හෙඩ්ක්වාර්ටර්ස් සිට 4s7tek)

විශේෂ අවස්ථා (special events) සඳහාත් (සමහර රටවල්) විශේෂිත කෙටි තාවකාලික කෝල්සයින් ලබා දෙනවා. කෙටි නිසා පහසුවෙන් භාවිතා කිරීමට ඉන් අවස්ථාව ලැබෙනවා. මේවා Special Event Station CallSign හෙවත් Special CallSign ලෙස හැඳින්වෙනවා.
 
ඇත්තටම කෝල්සයින් ලබා දෙන්නේ ආධුනික ගුවන් විදුලි ශිල්පින් සඳහා පමණක් නොවේ. විදුලිසංදේශයේ යෙදෙන ඕනෑම අයෙකුට/ආයතනයකට කෝල්සයින් ලබා ගත හැකිය. ඒ අනුව ටීවී චැනල්වලට, රේඩියො චැනල්වලට, නැව්/බෝට්ටුවල තිබෙන ට්‍රාන්ස්මිටර්වලට, ගුවන් යානාවලට (ඒවායේ ට්‍රාන්ස්මිටර් තිබෙනවානෙ) ආදි වශයෙන් කෝල්සයින් ලබා දිය හැකි අවස්ථා ගණනාවක් තිබේ. එහෙත් මේ අයට කෝල්සයින් ලබා දිය යුතුද නැද්ද කියා තීරණය කරන්නේද අදාල රට විසිනි.

ඇමරිකාව වැනි රටවල ටීවී, රේඩියෝ වැනි චැනල්වලට කෝල්සයින් ලබා දේ. එහෙත් ලංකාව වැනි රටවල එවැනි සම්ප්‍රදායක් නැත. කෝල්සයින් එකෙන් කරන රාජකාරිය ඒ ඒ චැනල් එකේ වෙළඳ නාමයෙන් (ITN, sirasaFM වැනි) සිදුවෙන නිසා කෝල්සයින් භාවිතා නොකරයි. එහෙත් කෝල්සයින් එකක් තිබුණා නම් යම් වාසියක් තිබේ. එනම් ලෝකයටම අනන්‍ය වූ නමක් අදාල චැනලයට හිමි වේ. උදාහරණයක් ලෙස, ලංකාවේ ITN යන නමින් ටීවී චැනලයක් තිබෙන අතර, එම නමින්ම ලෝකයේ වෙනත් රටවලද ටීවී චැනල් කිහිපයක් ඇත.

ගුවන් යානා සඳහාත් අද කෝල්සයින් එතරම් වැදගත් නැත්තේ ඒවා සඳහාද වෙනත් හැඳිනීමේ අංක (ID) IATA, ICAO වැනි ආයතනවලින් නිකුත් කර තිබෙනවා. උදාහරණයක් ලෙස, ලංකාවේ නිල ගුවන් සේවය වන Sri Lankan සඳහා IATA (International Air Transport Association) ආයතනය විසින් UL නම් කේතයක් ලබා දී තිබෙනවා (එවිට එක් එක් ගුවන් යානයට UL ට පසුව යම් සීරියල් අංකයක් යොදා අනන්‍ය හැදිනීම් අංකයක් සාදා ගත හැකියි; UL1318, UL141 යනු දැනට භාවිතා වන ගුවන් යානා දෙකක අංක වේ). ICAO විසින් එම ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබා දී තිබෙන කේතය වන්නේ ALK වේ (ALK1318, ALK141 යනු ඉහත UL1318, UL141 යන ගුවන් යානාම වේ). තවද, ලංකා රජය විසින් සෑම ගුවන් යානාවකටම කෝල්සයින් ලබා දෙන්නේ 4R කේතයෙනි. මේ අනුව ඉහත ගුවන් යානා දෙකෙහි කෝල්සයින් දෙක පිළිවෙලින් 4RABN හා 4RABQ වේ. ඒ අනුව විවිධ කේත 3ක්ම තිබෙනවා ගුවන් යානා සඳහා. තවත් උදාහරණයක් ගතහොත්, UL1402, ALK1402, 4RABP යන අනන්‍ය කේත 3න්ම කියන්නේ එකම Airbus A320-214 යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයයි.

නැව් සඳහා ඉලක්කම් 9කින් යුතු Maritime Mobile Service ID (MMSI) නම් ජාත්‍යන්තරව පිළිගත් අනන්‍ය හැඳිනීම් ක්‍රමයක් තිබෙනවා. සමුද්‍රීය සන්නිවේදනයේදී සෑම රටක් සඳහාම Maritime ID (MID) ලෙස හැඳින්වෙන ඉලක්කම් 3ක අනන්‍ය එක් කේතයක් හෝ කේත කිහිපයක් ලැබෙනවා. ලංකාවට 417 යන කේත අංකය ලබා දී ඇත. යම් රටක් තුල ලියාපදිංචි කරන නවුකාවකට MMSI එකක් ලබා දෙන විට, රටේ MID මුලින් ලියා, ඉන්පසු ඉලක්කම් 6ක සීරියල් අංකයක් ලබා දෙනවා (මෙලෙස යම් MID එකකට පසුව යොදන සීරියල් අංක ඉවර වන විටයි, තවත් MID එකක් එම රටට ලබා දෙන්නේ). උදාහරණයක් ලෙස, Isani Duwa යන නවුකාවේ IMSI 417000312 , 4SF4384 යන කෝල්සයින් එකද ලබා දී තිබේ. එලෙසම, Kandy යන නවුකාවට 417222231 නම් IMSI අංකයද, 4RBB යන කෝල්සයින් එකද ලබා දී තිබේ.

කෝල්සයින් සංකල්පය බිහි වූයේ වයර් හරහා ටෙලිග්‍රාෆ් යවන කාලයේය. එක් ටෙලිග්‍රාෆ් මැෂිමකින් තවත් මැෂිමකට පනිවුඩයක් යවන විට, අද ටෙලිෆෝන් අංකයෙන් සිදු කරන කාර්ය එදා සිදු කළේ කෝල්සයින් එකෙනි. එහෙත් ටෙලිෆෝන් අංකය මෙන් ඉලෙක්ට්‍රොනික් විදියට ස්වයංක්‍රියව එය සිදු නොවීය. යම් ටෙලිග්‍රාෆ් එකකින් පනිවුඩය සාමාන්‍යයෙන් ඊට සම්බන්ද සියලු ටෙලිග්‍රාෆ් මැෂින්වලට ඇසෙනවා (එනිසා දුරකතනවල මෙන් රහස්‍යභාවයක් තිබුණේ නැත). එනිසා පනිවුඩයක් යවන කෙනා එය ලබන කෙනාගේ කෝල්සයින් එක මුලින් යවනවා. එවිට, තමන්ගේ කෝල්සයින් එක ඇසී, අදාල පුද්ගලයා සූදානම් වෙනවා ඔහුට එන මැසේජ් එක කොපි කරන්නට.

එක් රටකින් පිටවන රේඩියෝ තරංග තවත් රටකට යන ආකාරට විදුලිසන්දේශයෙහි යෙදෙන සෑම ට්‍රාන්ස්මීටරයකටම ජාත්‍යන්තරව පිළිගත් කුමක් හෝ අනන්‍ය හඳුනාගැනීමේ අංකයක්/නමක් තිබිය යුතුය. ආධුනික ගුවන් ශිල්පින් ඒ සඳහා කෝල්සයින් භාවිතා කරන අතර, විශේෂිත අවස්ථාවල ඉහත පෙන්වාදුන් ආකාරයට වෙනත් ජාත්‍යන්තරව පිළිගත් අනන්‍ය හැඳිනීම් ක්‍රමද යොදා ගැනීම සිදු වේ. එහෙත් රේඩියෝ සංඥා වෙනත් රටකට යන්නේ නැති නම්, ඒ ඒ රටට හැකියාව තිබෙනවා කෝල්සයින් අවශ්‍යද නැද්ද කියා තීරණය කිරීමට හා ඒ සම්බන්ද අනෙකුත් රෙගුලාසි පනවන්නටත්.

4 comments:

  1. Graceful written content on this blog is really useful for everyone same as I got to know. Difficult to locate relevant and useful informative blog as I found this one to get more knowledge but this is really a nice one.
    เคส Huawei Gr5 2017

    ReplyDelete