Sunday, December 25, 2016

ලංකාවේ දේශපාළන පිම්පියෝ (political pimps)

ඊයෙ පෙරේදා ටීවී නිවුස්වල ගිය කතාවක් දැක හද කම්පා විය. ජීවිතය ගොඩ නඟා ගැනීමට දුප්පත්කමින් තරමක් හෝ මිදීමට මැදපෙරදිග රටවලට යන කාන්තාවන් එහිදී මුහුණ දෙන අතිශය දුක්බර අවස්ථාවන් ගැන කතා දැන් දිනපතා වාගේම අසන්නට ලැබේ. එක් අතකින් යම් වැරැද්දක් කාන්තාවන් කෙරෙහිද ආරෝපණය කළ හැකිය. පවුලේ බැඳීම් හුය ලෙස සිටිය යුතු ඇය තම කිරිකැටියන් දමා පිටරට යෑමට සිතීමම වැරැද්දේ ආරම්භයයි. ඒ හැරත්, තම පතිනියන් පිටරට යවන පිම්පි ස්වාමිවරුන්ද සිටීම මහත් ඛේදවාචකයකි.

මේ සියල්ලටම වඩා රාජ්‍යයට අත්‍යන්ත වගකීමක් තිබෙනවා මෙම පවතින වටපිටාව වඩා යහපත් අයුරුන් පවත්වාගැනීමට. අපේ ජීවිත කාලය තුල අප දුටුවේ නිරන්තර මෙම ප්‍රශ්නය උග්‍රවීමක් මිස සමනය වීමක් නොවේ. බුරුතු පිටින් අපේ කාන්තාවන් පිටරට යැවීමට සියලු පරිසරය සැදුවේ අපේ දේශපාලුවන්මය. එම දේශපාලුවන් හා කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන අධම පිරිමින් (පිම්පි යනුවෙන් හඳුන්වන්නේ එවුන්ය) අතර කිසිදු වෙනසක් නැත. ඇත්තටම වෙනසක් නැතිවාද නොවේ. මෙම දේශපාලු පිම්පින් සමාජයේ ප්‍රභූන් ලෙස උජාරුවට වැජඹේ. උන්ට එය කිරීමට නීතිමය බාධාද නැත. ඒ හැරෙන්නට නීතිඥයන්, දත් දොස්තරයන්, දොස්තරයන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරිවරුන් ආදී ලෙස විවිධ වෘත්තික සුදුසුකම් ලබාගෙනයි මුං එම පිම්පි රැකියාවේ නිරත වන්නේත්.

ඊටත් වඩා මෙම දේශපාලුවන් තමන් අවජාතකයන් යැයි ලොවටම ඔප්පු කරන අවස්ථා එමට දක්නට ලැබේ. ඉතා දුක්ඛිත ජීවිත ගත කරමින් විදේශ ශ්‍රමික කාන්තාවන් එවන ඩොලර් තුට්ටු දෙක මෙවුන් විනාශ කර දමන්නේ හරියට උන් හම්බු කරපු සල්ලි මෙන්ය. මුන් පවුල් පිටින් රට සවාරි යන්නේ එම විදෙස් මුදල් උජාරුවට වියදම් කරමින්ය. වරක් රාජපක්කයාගේ ඇබෙනිය (ආර්යාව) ප්‍රංශ සවාරි ගොස් කරපු වියදම් ගැන මාධ්‍ය වාර්තා පළ විය. එම මුදලින් හෙම්බිරිසාවටත් පිටරටට ගොස් (අපේ සල්ලිවලින්) බෙහෙත් කරගත් අධම දේශපාලුවන් අපේ රටේ සිටී. නයිට් රේස්වලට රජ පුතුන් රුසියන් ගනිකාවන් ඉම්පෝට් කළේද එම මුදලින්මය.

දැන් මෑතක සිට කතා වෙන මන්ත්‍රී ඇමති වාහන ගැන තත්වයද එසේමය. මුංට අඩුම ගානේ ලක්ෂ 300කවත් වාහනයක් නැතිව ගමන් කළ නොහැකිය. ලක්ෂ 300 බැරිනම් කෝටි 300ක් වියදම් කරගත්තත් අපට කමක් නැත, ඒ උන්ගේ පෞද්ගලික මුදලින් මිලදී ගන්නවා නම්. ජනතාවගේ වීරයා ලෙස කලක් චරිතය රඟපෑ "වෙලේ විඳානෙ" (ෆිල්ඩ් මාර්ෂල්) පවා ඌට තඩි ගණන් වාහනයක් ඉල්ලා විලාප දෙනු මාධ්‍යයේ දක්නට ලැබීමෙන් තමන්ටද දැන් විලි ලැජ්ජා නැති බව පෙන්වා දුනි.

දත් දොස්තර පරාජිතද තවත් දේශපාලුවෙකි. තමන් විසින්ම කයිවාරුවෙන් තමන්ව වීරයෙක් කරන්නට පොරකන ඒකා රජුන්ගේ ජංගි හෝඳන්නට නම් දක්ෂය. මන්ත්‍රීන්ට ලැබෙන වරප්‍රසාද තව වැඩි කළ යුතු යැයි පවසන ලැජ්ජාව කියන වචනයවත් දන්නේ නැති එකෙකි. ඉංදියාවේ මන්ත්‍රින්ට ප්ලේන් (පර්සන්ල් ජෙට්) පර්මිට් ලැබෙන බවත් ලංකාවේ දේශපාලුවන්ට තවත් දිය යුතු බව පවසන්නේ එනිසාය.

මොනරාගල පැත්තේ සොයිසාගේ ඇටේ අවුල් වුණාම උගේ ඇටේ සුව වෙන්න ලොකු සුඛෝපභෝගි වාහනයක් අරන් දිය යුත්තේද අපේ මුදලින්ය. උගේ ඇටේ අමාරුවට තමන්ගේ ගැහැනිට කියා තෙලා ගා අතගා ගන්න යැයි කියන්නට කෙනෙක් රටේ නැත.

මන්ත්‍රින්ට අපේ මුදලින් විශාල ඩියුටි ෆ්‍රී එලවන්ස් එකක් ලබා දේ (සෑම වසර 5කට සැරයක්ම). එසේ තිබියදීම මුංට යම් වගකීමක් පවරන විට, තවත් වාහනයක් රජයෙන් ලබා දෙන්නට සැරසෙන්නේ හරියට උගේ කඳ එක වාහනයකත් හිස තවත් වාහනයකත් යවන නිසාද? මේවායේ කිසි ලොජික් එකක් නැත.

මේ ආදී ලෙස "හිටං හිටං ඉන්න" ජනපති පඹයාගේ සිට අගමැති නරියාගේ සිට ඇමති මන්ත්‍රි සත්තම්රාළලා (ලොක්කන්ගේ පස්ස හෝදන එවුන්) දක්වා සිටින්නේ රටට හිතැති දේශපාලකයන් නොවේ. මුංට විලි සංගයක් නැත. සමහරවිට අවජාතකයන්ද විය හැකියි. එනිසා මුංට බැන හඬගා වැඩක්ද නැත. රටේ ජනතාවගේ විවේචන ඇසීම මුංට දැන් වදයකි. එනිසා තමන් දැන් අන්තර්ජාලයේ යන දේවල් බලන්නේ නැති බව රටේ මහා එකා ප්‍රසිද්ධියේ කියයි. එය හරියට වාහනයක යම් දෝෂයක් පෙන්වන රතුපාට ඉන්ඩිකේටර් බල්බ් එක කඩා ඉවත් කරනවා බදුය (වරද එලෙසමය). නූගතුන් රජ කරන විට මෙවැනි දේවල් අසන්නට ලැබීම ස්වාභාවික බව සිතට ගත යුතුය. කතිර වරණයකදී මෙවැනි සක්කිලින්ව ගෙදර යැවිය යුතුය. එහෙත් එයද කරන්නට බැරි තණකොල කන ගොන් තඩි ඡන්දදායකයන් රොත්තක් සිටින නිසාය.

කප්පරයකට කියන්නට ලියන්නට හිතුනත්, මුං ගැන කතා කරන එකම වැඩක් නැති වැඩකි (එහෙත් රට ගැන ඇති කැක්කුම නිසා මේ තරම්වත් ලියා දමන්නට සිතුණි). අහිංසක කාන්තාවන් හම්බ කරල එවන විදේශ විනිමය සල්ලාලයන් සේ තමන්ගේ ඕනෑ එපාකම්වලට කාබාසිනියා කරනවාට වඩා තමන්ගේ අම්මාව විකුණගෙන කාපල්ලා කියා මා යෝජනා කරමි.

No comments:

Post a Comment