Wednesday, April 13, 2016

කලු නික සෙවීම

මේ පහත දැක්වෙන්නෙ මං ලියපු දෙයක් නම් නොවෙයි. අකුරක් නෑර කොපි කිරීමක්. එහෙත් එය මට අමතක කර දැමිය නොහැකි තරම් කා වැදුණු නිසා, මගේ බ්ලොග් එකෙහි පළ කරන්නට සිතුණා. කාටහරි මෙහෙම කෙල්ලක් හමු වුණොත් මං නම් කියන්නෙ ලෝකයේ තිබෙණ වටිනාම සම්පත තමන්ට ලැබුණ කියල හිතල වැඩ කරන්න ඕන.

boy - මං ඔයාට ආදරෙයි.

girl - මං දන්නවා.

boy- විහිලු නෙවේ. 😕

girl - දන්නවා මැට්ටෝ. උත්තරේ මොකක් උනත් අපි හැමදාටම හොඳම යාලුවො. එකඟඳ ?

boy- ඒ කිව්වෙ බෑ කියලනෙ නේද ?

girl - නැහැ. මගේ කොන්දේසි තියෙනවා. 😇


boy - කියන්න බලන්න.


girl - වෙඩිමක් ගන්න බෑ. නැකැත් හොයන්න බෑ. ගෙදරට සංඝරත්නය වඩම්මලා දානයක් දීලා , මාව ඔයාගෙ කරගන්නෝනෙ. දානෙ ගෙදර මත්පැන් නැහැ.


මුලින් පුතෙක් ඕන. ඊ ගාවට දුවෙක්. දරුවො දෙන්නයි. ඊට වඩා බැහැ. දුවයි පුතයි නොලැබුණොත් තුන්වෙනියෙක් අරං හදාගන්න ඕනෙ.


ඊළඟට වැඩ කරන තැන හිත් අමනාපකම් ගෙදර ගේන්න බෑ. වැඩ කරන තැන ගැහැණු අය එක්ක එළියට යන්න , කතා කරන්න තහංචි නෑ. වැරදි හැඟීමක් ඇති උනොත් 'මං ඔයාට හුඟක් ආදරෙයි' කියල විතරක් මතක තියාගන්න.


මට අම්මා තාත්තා බලන්න යන්න ඕනෙ. ඔයාම තමයි එක්කං යන්නෝනෙ. එයාල මහගෙදර දාලා එන්න කැමති උන දවසක අපි එයාලව බලා ගන්නෝනෙ. අපිට අම්මල දෙන්නයි තාත්තල දෙන්නයි.


යාලුවො එක්ක කොහේ හරි යන්න හිතුනොත් මට අවසර පත පත ඉන්න බෑ. පිරිමියෙක් එක්ක තනියම යන්න උනොත් , මං ආදරේ ඔයාට විතරයි කියල ඔයා මතක් කරගන්න.


අතීතෙ ඉවරයි. ඒත් මගේ අතීතෙ කියන්නම් ඔයාට. ඔයාගෙ අතීතෙ මට දැනගන්න උවමනා නෑ. ඒත් කාටහරිම කියන්න ඕනෙ නම් ඒකට තමා මම ඉන්නෙ.


වැරදි වෙන බිරිඳක් වෙන්න පුලුවන් මං. ඒ වරද දුකක් නම් ඒ වරද කියන්නෝනෙ හොඳම යාලුවට. ඔව් ඒත් මං. මටත් එහෙමයි. රහස් නෑ. අපි අපිව හදාගමු.


නෑදෑයො යාලුවො ඉන්නවා කියල බෑ කොතනට උනත් එකට යන ගමනක් නම් මං ළඟින් ඉන්නෝනෙ. කම්මුලට හාදු ඕනෙ කවුරු හිටියත්. අපේ පුංචි පුංචි ආදර හාදු තුරුලු කර ගැනීම් දරුවන්ට අලුත් දෙයක් වෙන්න බැහැ.


කෙනෙකුට තරහ ගිය වෙලාවට අනික් කෙනා ඉවසන්න ඕනෙ. බැහැම නම් ටිකක් තනියම ඉන්න දෙන්නෝනෙ. ඒත් බොහොම පුංචි වෙලාවක්. අත උස්සන්න බැහැ මට. ගුටිකන්න හයිය නෑ ඔයාගෙන්. වරද කාගෙ උනත් ආදරෙන් කියල දෙන්න ඕනෙ හෙමීට.


පුලුවන් වෙලාවට ගෙදර වැඩට උදව් වෙන්නෝනෙ. අඩුම තරමේ ළඟින් වත් ඉන්න ඕනෙ. තමංගෙ කෝප්ප පිඟාන රෙදි පුලුවන් වෙලාවට තමන්ම හෝද ගන්නෝනෙ.


බත් කොහේදි උනත් මගේ අතින් කන්න මට ඕනෙ නෑ. මට කවන්නෝනෙ. මාත් එහෙමයි.
මොන මොනවටද ආස කියල මගෙන් අහන්නෝනෙ. ලැජ්ජ හිතෙයි කියන්න නොඇහුවොත්.


සමහර දවස් වලට මාව නාවල ඇඳුම් අන්දන්න ඕනෙ. කොණ්ඩෙ ගොතන්නෝනෙ. ඉඹින්නෝනෙ.


දරුවො ලොකුයි කියල බෑ. මගේ උකුලෙ ඔයාගෙ ඔලුව තියන් කතා කර කර ඉන්නෝනෙ.


දරුවො අලුත් ලෝක හොයන් යද්දී , මැදහත්ව ඉවසන්න ඕනෙ. උන්ට නිදහස දෙන්නෝනෙ. ඒත් නිතරම අපේ ආදරේ තියේ කියල පෙන්වන්නෝනෙ.


වයසට ගියාම හීතල මට උණුහුම ඕනෙ. ආදරෙයි කියන්නෝනෙ ගොඩාක්.


මුලින් කවුරු මැරුණත් අනිත් කෙනා හිතින් වැටෙන්න බෑ. ඉතිරි කාලේ සැනසීමෙන් ඉන්න ඕනෙ.
එකඟද මගේ කොන්දේසි වලට ??

No comments:

Post a Comment