Monday, October 26, 2015

Maximise Happiness, not Money (සතුට ධනය වේ)

After some time, I have received an inspirational email. I don't know who has written it, but credit and my praise go to the writer. Here is that insightful inspirational email.

"
As we grow older, and hence wiser, we slowly realize that wearing a
$300. or $30.00 watch, they both tell the same time...

Whether we carry a $300 or $30.00 wallet/handbag, the amount of money
inside is the same;

Whether we drink a bottle of $30 or $3.00 wine, the effect is the same;

Whether the house we live in is 30 or 300 sq.m. the loneliness is the same.
 
Whether you fly first or economy class, if the plane goes down,
you go down with it...
 
Hopefully, one day you will realize, your true inner happiness does not
come-from the material things of this world. 
 
Therefore..I hope you realize, when you have mates, buddies and old friends,
brothers and sisters, who you chat with, laugh with, talk with, have
sing songs with, talk about north-south-east-west or heaven & earth, .... That is true happiness!!

Five Undeniable Facts of Life :

1. Don't educate your children to be rich. Educate them to be Happy.
So when they grow up they will know the value of things not the price

2. Best awarded words in London ...
"Eat your food as your medicines.  Otherwise you have to eat medicines as your food"

3. The One who loves you will never leave you because even if there are 100 reasons to
give up they will find one reason to hold on.

4. There is a big difference between a human being and being human.
Only a few really understand it.

5. You are loved when you are born.
You will be loved when you die. In between, You have to manage...!

If you just want to Walk Fast, Walk Alone..!
  But if you want to Walk Far, Walk Together..!!

Six Best Doctors in the World

1. Sunlight
2. Rest
3. Exercise
4. Diet
5. Self Confidence
6 . Friends

Maintain them in all stages of Life and enjoy healthy life.

Sent with smiles and affection.
"
 
ඊමේල් එකකින් ලැබුණු වැදගත් කාරණා කිහිපයක් ඇතුලත් රසවත් ලිපියකි ඉහත ඇත්තේ. එහි රසවත්බව හා වැදගත්කම නිසාම සිංහල බසින්ද පරිවර්ථනය කිරීමට සිතුණි. මෙම ලිපියේ මුල් කර්තෘට මෙහි කීර්තිය හිමියි.

අප කෙමෙන් වයසට යනකොට, ඒ සමඟම ඥාානයෙන්ද වැඩි වෙනකොට, අවබෝධ කරගන්නවා ලක්ෂ ගණනක් වටිනා ඔරලෝසුවක් පැළඳුවත් රුපියල් සියයක ඔරලෝසුවක් පැළඳ සිටියත් ඒ දෙකෙන්ම කියන්නේ එකම වෙලාව බව.
 
ලක්ෂයක් වටිලා අත්බෑගයක් හෝ පසුම්බියක් පාවිච්චි කළත් රුපියල් සියයක් වටිනා අත්බෑගයක්/පසුම්බියක් පාවිච්චි කළත්, ඒ දෙක තුළම අප දමාගෙන යන්නේ එකම මුදල නොවේද?
 
දහස් ගණනක් මිල අධික මීවිතකිනුත් ලාභ මීවිතකිනුත් අවසානයේ ලැබෙන්නේ එකම ප්‍රතිඵලයයි.
 
ඔබ ජීවත් වන්නේ කුඩා පැල්පතක වුවත් විශාල මන්දිරයක වුවත් ඔබට දැනෙන තනිකමේ ප්‍රමාණය එකම වේ.

ඔබ ගුවන් යානයක ගමන් කරන්නේ සුපිරි පංතියේ වුවත්, තුන්වන පංතියේ වුවත්, ගුවන් යානය කඩා වැටුණොත් එහි ඔබ ගමන් කරන පංතියෙන් කිසිදු වෙනසක් සිදු නොවේ.
 
දිනක ඔබ වටහා ගනීවි ජීවිතයේ සැබෑ සතුට ඔබට ලැබෙන්නේ භාහිර භෞතික ලෝකයෙන්ම නොවන බව.
 
එනිසා, ඔබේ සොයුරු සොයුරියන්, යහලු යෙහෙලියන්, හඳුනන අය, ඔබ සමග සතුටු සාමීචියේ යෙදෙන අය, ඔබත් සමග සිංදු කියන අය, නානා දේ ගැන ඔබ සමග කතා කරන උදවිය තමයි සැබෑ සතුට කියා ඔබට දිනකදී වැටහෙනු ඇත.
 
ජීවිතයට වටිනා පහත කරුණු හය මතක තබා ගන්න. 

1. ඔබේ දරුවන්ට පොහොසත් වෙන්නම නොව, සතුටින් සිටින්නට උගන්වන්න. එවිට ඔවුන් වැඩිහිටියන් වූ දාට දේවල්වල මිල නොව අගය තේරුම් ගනීවි.
 
2. ඔබ ගන්නා ආහාරයම ඖෂධ ලෙස සිතා කෑම කන්න. නැතහොත් ඔබට ඉදිරියේදී ආහාර ලෙස බෙහෙත් ගැනීමට සිදු වනු ඇත.
 
3. ඔබැ සැබෑවටම ආදරය කරන කෙනාට ඔබට අත් හැරීමට හේතු දහස් ගණනක් දැක්විය හැකි වුවත්, හැමවිටම ඔහු ඔබ සමඟ රැඳීමට අඩුම ගානේ එක් හොඳ හේතුවක් හෝ සොයා ගන්නවා.
 
4. මනුෂ්‍යයකු හෝ මනුෂ්‍යයකු වීම අතර වෙනසක් ඇත. අවාසනවාකට මෙන්, එය වටහා ගන්නේ අතලොස්සකි.
 
5. ඔබ ඉපදෙන විට කවුරුත් ඔබට ආදරය දක්වනවා. ඔබ මියැදෙන විටත් කවුරුත් ඔබට ආදරය දක්වාවි. මේ අතරතුර කාලයේදී ඔබට එය කළමණාකරණය කර ගැනීමට සිදු වෙනවා.

6. එනිසා, ජීවිතයේදී ඔබට වේගයෙන් යෑමට අවශ්‍ය නම්, තනියම ගමන් කරන්න. එහෙත් දිගු දුරක් ගමන් කිරීමට අවශ්‍ය නම් අනෙක් අය සමග එක්ව ගමන් කරන්න.
 
ලෝකයේ හොඳම වෛද්‍යවරු හය දෙනා හමුවන්න. ඒ අය නම්,
 
1. හිරු කිරණ
2. ඉසිඹුව (විවේකය)
3. ව්‍යායාමය
4. සමබල ආහාරය
5. ආත්ම විශ්වාසය
6. මිත්‍රයන්
 
ජීවිතයේ සෑම අවධියකම මේවා ජීවිතයට ළං කරගෙන, සතුටින් ජීවිතය ගෙවන්න. 

No comments:

Post a Comment