Friday, October 16, 2015

මෙයත් ගෙවී යාවි

සිටියා රජෙක් පර්සියාවේ
කළේ ආප්තයක් මුද්‍රාවේ
නැනවත් මුත් අරුම
ළං කරත මසැසට
දෙන සැනින් ඔවදන් නිති
එඋතුම් වදන් වූයේ
"මෙයත් ගෙවී යාවී"

වැලිතෙරෙන් ඔටුවන්
ගෙනේ මිණි දුරින්
රුවල්නැව් සමුදුරින්
ගෙනේ මුතු පරදනුව ඒ මිණි
තැකුවේ සුලුවෙන් එහෙත්
සම්පත් පොලොවෙන් මහ සයුරින්
"සම්පත් යනු කිම?"
නිරිදු එද කිව්වේ
"මෙයත් ගෙවී යාවි"

සතුට මැද රජ මැදුරේ
කූටයේ කෙලි දොලේ
මැද තුටු කවට ඔහුගේ
ලැබ අත්පොලොසන් පිරිසෙන්
හිඳ සමග මීවිතද
කීය රද "ආ මා මිතුරනි
රති නොවේ සදාකල්"
"මෙයත් ගෙවී යාවී"

සොදුරුතම ලිය මෙදිය
විය තමන් සොඳුරිය
සිරි යහනේ සැතපී
කොඳුරා සිය ප්‍රාණයට ඔහු කීය
"කිසි අදිරදෙක් නොවිදි
මෙවන් පුන් පිය පියවුරු"
එද මනු කය වේ පස් පිඩක්
"මෙයත් ගෙවී යාවී"

එළඹ කුරිරු සටනේ
සිල් වී සන්නාහේ හෙල්ලෙන්
සෙබළ සෝ විළාපෙන්
අදිත එය ඉවතට ලේ ගලද්දිත්
ඇඩුවේ රද කියමින්
"ඉසිලිය නොහැක මේ දුක තවත්"
එද ඉවසීමෙන් දිනෙන් දින
"මෙයත් ගෙවී යාවී"

මහජන චතුරස්‍රයේ කුළුණේ
සතලිස් රියන් ගුවනේ
රද වෙස් ගෙන නන්නාදුනන
ඇස් අයා තම නම දෙස කෙටූ එහි
කල්පනා කළේ "කිම කිත්ගොස?"
කිත් යත් වියැකී
"මෙයත් ගෙවී යාවී"

වැළද අංශභාගේ
සමගද වණ මහලු වයසේ
දෙව්පුර දොරටු අභියස
කීවෙ අවසන් හුස්මේ
"දිවිය නිමයි, එද කිම මරණය?"
පිළිතුරු ලෙස නිරිඳුට
වැද හිරු කිරණක් මුදුවට
පෙන්වා දිව්‍ය කිරණින්
"මෙයත් ගෙවී යාවී"

තියඩෝර් කවියාගේ "Even This Will Pass Away" නම් කවි පංතියේ සරල සිංහල කාව්‍යමය පරිවර්ථනයක් මා විසින් කළ. එම මුල් කවි පංතිය පහත දැක්වේ.

Even This Will Pass Away

Once in Persia reigned a king,
Who upon a signet ring,
Carved a maxim strange and wise,
When held before his eyes,
Gave him counsel at a glance,
Fit for every change and chance:
Solemn words, and these were they:
“EVEN THIS WILL PASS AWAY.”

Trains of camel through the sand
Brought him gems from Samarkand;
Fleets of galleys over the seas
Brought him pearls to rival these,
But he counted little gain,
Treasures of the mine or main;
“What is wealth?” the king would say,
“EVEN THIS WILL PASS AWAY.”

Mid the pleasures of his court
At the zenith of their sport,
When the palms of all his guests
Burned with clapping at his jests,
Seated midst the figs and wine,
Said the king, “Ah, friends of mine.
Pleasure comes but not to stay,
“EVEN THIS WILL PASS AWAY.”

Woman, fairest ever seen
Was the bride he crowned as queen,
Pillowed on the marriage-bed
Whispering to his soul, he said,
“Though no monarch ever pressed
Fairer bosom to his breast,
Mortal flesh is only clay!
“EVEN THIS WILL PASS AWAY.”

Fighting on the furious field,
Once a javelin pierced his shield,
Soldiers with a loud lament
Bore him bleeding to his tortured side,
“Pain is hard to bear;” he cried.
“But with patience, day by day,
EVEN THIS WILL PASS AWAY.”

Towering in a public square
Forty cubits in this air,
And the king disguised, unknown,
Gazed upon his sculptured name.
And he pondered, “What is fame?”
“Fame is but a slow decay!
“EVEN THIS WILL PASS AWAY.”

Struck with palsy, sore and old,
Waiting at the gates of gold,
Said he with his dying breath
“Life is done, but what is Death?”
Then as answer to the king
Fell a sunbeam on his ring;
Showing by a heavenly ray.
EVEN THIS WILL PASS AWAY.”

—Theodore Tilton
 
 
 
සිංහල කවි English poem 

No comments:

Post a Comment