Wednesday, September 16, 2015

ලිනක්ස්වලට හොදම PDF Editor එක

PDF ෆයිල් යනු නැතිවම බැරි ෆයිල් ෆෝමැට් එකකි. බොහෝ අවස්ථාවලදී පීඩීඑෆ් ෆයිල් කියවීමට පමණක් පුරුදු වී සිටියද, සමහර අවස්ථා තිබෙනවා පීඩීඑෆ් ෆයිල් එක මතම යම් යම් දේවල් ලිවීමට. බොහෝ අවස්ථාවලදී මේ සදහාම නිපදවා ඇති PDF Form ෆෝමැට් එකද ඇත. සාමාන්‍ය පීඩීඑෆ් ෆයිල් එකක් වේවා පීඩීඑෆ් ෆෝර්ම් එකක් වේවා, මේ දෙයාකාරයේම පීඩීඑෆ් ෆයිල් සමග ඉතාම පහසුවෙනුත් ඉතා ඉක්මනිනුත් තමන්ට අවශ්‍ය ඕනෑම සංස්කරණයක් (ලිවීමක්, ඇදීමක්) සිදු කිරීමට හැකි සොෆ්ට්වෙයාර් එකක් ඉනස්ටෝල් කර ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. ලිනක්ස් සදහා ඇති එවැනි අපූරුතම හා හොදම සොෆ්ට්වෙයාර් එක ලෙස මා සිතන්නේ Master PDF Editor for Linux ය. එය නොමිලේම පෞද්ගලික පාවිච්චිය සදහා https://code-industry.net/downloads/ යන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකියි. එය 8MB පමණ සයිස් එකේ ෆයිල් එකකි. එහි ඉන්ටර්ෆේස් එකේ ප්‍රොෆෙෂනල් බව මෙන්ම එහි ඇති ටූල්ස් (ෆන්ක්ෂන්ස්) විශාල සංඛ්‍යාව නිසා ඕනෑම එඩිට් එකක් මෙමගින් සිදු කරගත හැකියි.


No comments:

Post a Comment