Thursday, April 16, 2015

දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය (දෙවන කොටස) - Political Reforms

දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය (දෙවන කොටස)

මැතිවරණය

65.   ඍජු මහජන ඡන්දයෙන් පත් කරගනු ලබන සියලුම දේශපාලන අධිකාරින් (පාර්ලිමේන්තුව හා ප්‍රාදේශික සභාසඳහා මන්ත්‍රින් පත් කරගනු ලබන්නේ එක් මහා මැතිවරණයකිනි (general elections).
 
66.   මහා මැතිවරණය සිව් වසරකට වරක් පැවැත්විය යුතුයනිසි ක්‍රමවේදය අනුගමනය කර පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටද මහා මැතිවරණයක් පැවැත්විය යුතුය. මේ ක්‍රම දෙකට අමතරව වෙනත් ක්‍රමයකින් මහා මැතිවරණයක් කැඳවිය නොහැකිය.
 
67.   මැතිවරණ කොමිසම විසින් මැතිවරණයක් ප්‍රකාශ කළ මොහොතේ සිට ඉහත 60.e වගන්ති ප්‍රකාරව ජනාධිපති යටතට භාරකාර ආණ්ඩුව පත් වේසියලුම තරගකරුවන් සම තරග බිමක තරග වැදිය යුතුය.
 
68.   ජනාධිපති විසින් අපක්ෂපාතීව හා නීති ප්‍රකාරව භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතුයඊට අමතරවමැතිරවණ කොමිසමද රාජ්‍ය දේපල හා නිළධාරින් නීති විරෝධිව ක්‍රියාවේ නොයෙදවෙන අන්දමට නිසි පියවර ගැනීමට හා නියෝග කිරීමට බලය ඇත්තේය.තවදජනාධිපති හා මැතිවරණ කොමිසම යන අධිකාරින් විසින් නිකුත් කරනු ලබන එකිනෙකාට එකගතාවකට පත්වීමට නොහැකි (conflicting) නියෝග පවතින විට, ඒවා පැය 48 කාලයක් තුළ කඩිනමින් විසදන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර අවසන් කරගත යුතුයඑසේ අධිකරණ විසඳුම ලැබෙන තෙක් එම අධිකාරී දෙකෙන් පැනවූ නියෝගවලින් වඩා වැඩි සීමාකාරී (more restrictive) නියෝග පමණක් වලංගු වේ.තවදජනාධිපති හා මැතිවරණ කොමිසම යන අධිකාරී දෙකෙන්ම බලතල ඉක්මවා ක්‍රියා කිරීම හෝ අවශ්‍ය පමණ බලය නොයොදා සිටීම මහා මැතිවරණය ක්‍රියාවලියට අනර්ථයක් සිදුවන බවට හැඟී යන අවස්ථාවල,පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සාධාරණත්වය පතා පෙත්සම් ඉදිරිපත් කළ හැකියපැය 72ක් ඇතුළත එම පෙත්සම් විසඳිය යුතුය.
 
69.   මැතිවරණ නීති හා රෙගුලාසි හා මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිසම් සභා විසින් නිකුත් කළ විධාන නොතකන අයට දඩුවම් කිරීමටද මැතිවරණ කොමිසමට හැකියාව ඇතඅවශ්‍ය නම්අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වයද කඩිනම් සාධාරණ කරුණු විමසීමකින් පසුව අවම වශයෙන් වසර 5කට තහනම් කළ හැකිය.තවදදූෂණ හෝ භීෂණ කටයුතු නිසාමැතිවරණ කොමිසමට හැගේ නම් නැවත මුළු මැතිවරණයම හෝ ඒ ඒ ඡන්ද බල ප්‍රදේශ සඳහා පමණක් අතුරු මැතිවරණ පැවැත්විය හැකිය.
 
70.   මැතිවරණ කාලය තුළ මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටිනු ලබන පොලිස් භට කණ්ඩායම් සැපයීමට පොලිස් කොමිසමපොලිස්පති හා පළාත් පොලිස් ප්‍රධානිහු බැඳී සිටිතිඍජු මැතිවරණ කොමිසමේ අණ යටතේ පමණක් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම පොලිස් භට කණ්ඩායම මැතිවරණ කොමිසමට අනුයුක්ත කළ යුතු වේ. (ඡන්දය නිම වී දවස් 5ක් යන තුරුත්)

තවද, මැතිවරණ සමයකදී අවශ්‍ය කෙරෙන පිරිස් බලය සැපයීමට රාජ්‍ය සේවා කොමිසම බැඳී සිටී. මැතිවරණ කොමසාරිස්වරයකුගේ ඍජු නියෝග මත එම අනුයුක්ත රාජ්‍ය සේවකයන් ක්‍රියා කළ යුතුය.

 
71.   පෙර සඳහන් පරිදි ප්‍රාදේශික සභාවක් විසුරුවා හැරි විටක, හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් හිස් වූ විටක, එම ප්‍රාදේශිකය වෙනුවෙන් අතුරු මැතිවරණ පැවැත්විය යුතුයතවද, ප්‍රාදේශික මන්ත්‍රී අසුනක් හිස් වූ විටකද, එම කොට්ඨාශය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුය. එහිදීපහත හේතු නිසා අතුරු මැතිවරණ පැවැත්වීමට නොහැකි අවස්ථා තිබේ.
 
a.       ප්‍රාදේශික සභාව නිල වශයෙන් විසිරවීමට ඇත්තේ තවත් මාස 12කට අඩු කාලයක් වීම
b.      එක් නිල කාලයක් තුළ දැනටමත් ඒ ප්‍රාදේශිකය හෝ කොට්ඨාශය තුළ එක් අතුරු මැතිවරණයක් පවත්වා තිබීම.
72.   සියලු මැතිවරණ ඇඟිලි සලකුණ (fingerprint) භාවිතයට ගැනෙනජාලගත (networked) විද්‍යුත් ක්‍රමයකට පැවැත්විය යුතුය.
 
73.   පිළිගත් දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමෙහි ලියාපදිංචි වී නීතිමය පුද්ගලභාවයක් ලබා ගත යුතුය.තවදමැතිවරණය කාලය සඳහා පමණක් වලංගුවන ‍ස්වාධීන කණ්ඩායම් ලෙසද ලියාපදිංචි විය හැකිය.තවදපිළිගත් පක්ෂවල වාර්ෂික අයවැය හා ‍වාර්ථා, නිල මඬුලු පත්කිරීම හා වෙනස්කිරීම්, සහ පක්ෂයේ නිල ප්‍රතිපත්ති කොමිසම වෙතට ඉදිරිපත් කළ යුතුය. ඡන්ද අවසානයේ තමන්ගේ අයවැය ඉදිරිපත් කිරීමට පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් බැඳී සිටී.මෙම සියලු අයවැය විගණන කොමිසම වෙත මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කළ යුතුය.
 
74.   මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් හා මන්ත්‍රී ධූරයකට වෙනත් ආකාරවලින් පත්වන අය පහත සියලු කොන්දේසිවලට යටත් විය යුතුය.
 
a.       අවම වශයෙන් අ.පො.උසස් පෙළ සමත්වීම
 
b.      අවම වශයෙන් වයස 25ට වැඩි වීම
 
c.       පුරවැසියකු වීම
 
d.      ඔහු පෙනී සිටින ප්‍රාදේශිකයේ පසුගිය වසර පහක් අඛණ්ඩ ස්ථිර පදිංචිකරුවකු වීම (ස්ථිර පදිංචිකරුවකු යන්න ඹහුගේ ලිපිනය ඡන්ද නාම ලේඛනයට ඇතුළු වී තිබීම යනුවෙන් අර්ථ කථනය කළ යුතුය.)ලැයිස්තුවලින් හා පත්වීම්වලින් පත්වන මන්ත්‍රින්ට මෙය වලංගු නැත.
 
e.      දැනටමත් අපරාධ ගණයේ නඩුවකින් වසර දහයකට නොඅඩු සිර දඬුවම් ලැබිය හැකි වැරැද්දක් සඳහා වැරදි කරුවකු වී නොසිටීම.
 
f.        මැතිවරණය කැඳවූ මොහොත වන විට වසර පහකට නොඅඩු සිර දඬුවමක් ලැබිය හැකි අපරාධයක් සඳහා නඩු විභාගයක් පැවැත්වෙමින් තිබීම.
 
g.       මැතිවරණයකට ඉදිරිපත් වූ සෑම අපේක්ෂකයකු එම ඉදිරිපත් වූ මොහොතේ සිට ඉදිරියට වසර පහක් යනතුරු රජයේ රැකියාවකට ස්ථිරව හෝ කොනත්‍රාත් පදනමින් හෝ බඳවා ගැනීමකට නුසුදුසු විය යුතුය.
 
h.      අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම්/වගකීම් ඡන්ද නාම යෝජනා භාර දෙන විටම ඉදිරිපත් කළ යුතුයමෙහිදීඅපේක්ෂකයාගේ පෞද්ගලිකම මෙන්මතම විවාහකයාගේද (spouse)තම (නීත්‍යානුකූල හා නොවනදරුවන්ගේදතම දෙමාපියන්ගේද වත්කම් බැරකම් වෙන වෙනම ඉදිරිපත් කළ යුතුය.
 
i.         තමන් ඉදිරිපත් වන පක්ෂයේ හෝ කණ්ඩායමේ ලිඛිත නිල ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කිරීමට බැඳී සිටී.
 
j.        මන්‍ත්‍රී ධුරය දරමින් සිටින අතරතුර (මධ්‍යම හෝ ප්‍රාදේශි මට්ටමේ) කිසිදු රාජ්‍ය ආයතනයක් සමග කිසිදු වානිජමය ගනුදෙනුවක් සිදු ‍කිරීමට පෞද්ගලිකව හෝ තමන්‍ පාලන අධිකාරියේ සිටින (director or management board) පෞද්ගලික ආයතනයකට වුවද බලය නොමැති විය යුතුය.
 
75.   පටිපාටි (procedural) කාරණා මත (උදාඅයදුම්පතේ වැරදියට පිරවීමක් ආදී), ඉදිරිපත් කරනු ලැබූ පක්ෂ නාම යෝජනා මැතිවරණ කොමිසම විසින් එකවර ප්‍රතික්ෂේප නොකළ යුතුයඒවා නිවැරදි කිරීමට අවම වශයෙන් එක් අවස්ථාවක් හෝ එම පක්ෂවලට ලබා දිය යුතුය.
 
76.   යම් මැතිවරණයක් සඳහා එකම පවුලේ (මවපියාළමුන්ළමුන්ගේ සීයා හා ආච්චිදෙදෙනකුට එකම පක්ෂයකින් තරග කළ නොහැකිය.
 
77.   කාන්තා නියෝජනය වැඩි කළ යුතුයඒ සඳහා
 
a.       එක් පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ප්‍රාදේශික සභාවකට ඉදිරිපත් කෙරෙන මුළු අපේක්ෂකයන්ගෙන් අවම වශයෙන් 35%ක් කාන්තාවන් විය යුතුය.
 
b.      එක් පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු නියෝජනය සඳහා ඉදිරිපත් කෙරෙන මුළු අපේක්ෂකයන්ගෙන් අවම වශයෙන් 25%ක් කාන්තාවන් විය යුතුය.
 
c.       එක් පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තුවේ 50% අවම වශයෙන් කාන්තාවන් විය යුතුය.
 
78.   මැතිවරණයේදීඑක් ඡන්ද දායකයකුට තම ප්‍රාදේශික සභාවට එක් නියෝජිතයකුදපාර්ලිමේන්තුවමට නියෝජිතයන් දෙදෙනකුද පත් කළ යුතුය

79.   පිළිගත් පක්ෂයකින් නාම යෝජනා භාර දෙන විටඅත්‍යවශ්‍යයෙන්ම අවම වශයෙන් එක් පළාතක් වෙනුවෙන්ම පාර්ලිමේන්තු හා ප්‍රාදේශික සභා යන දෙකටම අවශ්‍ය පමණ අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතුය.තවදස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා භාර දෙන විටඅත්‍යවශ්‍යයෙන්ම අවම වශයෙන් එක් ප්‍රාදේශිකයක් වෙනුවෙන්ම පාර්ලිමේන්තු හා ප්‍රාදේශික සභා යන දෙකටම අවශ්‍ය පමණ අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතුය.තවදපිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් දෙකොටසම අවශ්‍ය සුදුසුකම සැපිරූ 20 දෙනෙකු සහිත ජාතික ලැයිස්තු සාදා ඉදිරිපත් කළ යුතුය.
 

ප්‍රාදේශික සභා මන්ත්‍රින් තෝරා පත්කර ගැනීම

80.   එක් කොට්ඨාශයක් සඳහා එක් පක්ෂයකින් හෝ කණ්ඩායමකින් එක් නියෝජිතයකු බැගින් සියලුම කොට්ඨාශ සඳහා නියෝජිතයන්ගේ නාම යෝජනා කළ යුතුය.
 
81.   ඡන්ද දායකයා දේශපාලන පක්ෂ ලකුණු කිරීමකින් තොරවතමන් කැමැති ඕනෑම කෙනෙකුට තම තනි මනාපය භාවිතා කළ හැකිය. (අවශ්‍ය නම්අපේක්ෂකයා නොව පක්ෂය හෝ කණ්ඩායමක් වෙනුවෙන් ලබා දෙන මනාපයක් ලෙසද මෙය සැලකිය හැකිය.)
 
82.   කොට්ඨාශය තුළ වැඩිම මනාප ලබා ගන්නා අපේක්ෂකයා එම කොට්ඨාශයේ ප්‍රාදේශික මන්ත්‍රීවරයා බවට පත් වේ.
 
83.   යම් හෙයකින් එලෙස තොරා පත් කරගත් මන්ත්‍රීවරයකුගේ අසුන හිස් වූ විටඑම කොට්ඨාශය සඳහා පමණක් අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුය.එහෙත්අතුරු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි අවස්ථාවක් වූ විට (ඉහත 71 වගන්තියෙහි සඳහන් පරිදි)එම පක්ෂය හෝ කණ්ඩායම විසින් ඉක්මයෑමට ඇති කාලය සඳහා පමණක් නියෝජිතයකු පත් කළ යුතුය.
 
84.   ප්‍රාදේශිකයක වැඩිම ආසන ගණනක් ලබා ගන්නා පක්ෂයේ හෝ කණ්ඩායමේ කෙනෙකු සභාපති ලෙස පත් කළ යුත්තේය.
 

පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා පත්කර ගැනීම

85.   එක් ප්‍රාදේශිකයක් සඳහා එක් පක්ෂයකින් හෝ කණ්ඩායමකින් නියෝජිතයන් තිදෙනෙකු බැගින් ප්‍රාදේශික සඳහා නියෝජිතයන්ගේ නාම යෝජනා කළ යුතුය.
 
86.   ඡන්ද දායකයා පළමුව එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය ලකුණු කළ යුතු අතරඉන්පසු එම පක්ෂයට හෝ කණ්ඩායමට අයත් අපේක්ෂකයන් තිදෙනාගෙන් දෙදෙනකුට තම මනාපයලකුණු කළ යුතුය. (පක්ෂයට පමණක් ලකුණු කිරීම ප්‍රමාණවත් නොවන අතරඑකම මන්ත්‍රීවරයාට මනාප දෙකම ප්‍රකාශ කිරීමද කළ නොහැකිය.)
 
87.   ප්‍රාදේශිකය තුළ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගත් පක්ෂයේ වැඩිම මනාප ප්‍රමාණ ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රින් ලෙස තෝරා ගත යුතුය. (මෙමගින් එකම පක්ෂයක හෝ කණ්ඩායමක අපේක්ෂකයන් තමන්ගේ පෞද්ගලික මනාප ගොඩ වැඩි කරගන්නට උනන්දු වනවා සේම සාමූහිකව පක්ෂයට ඡන්දය ලබා ගැනීමටද උනන්දු වේ.)
 
88.   ඕනෑම හේතුවක් මතමෙලෙස තේරීපත් වූ මන්ත්‍රීවරයකුගේ අසුන හිස් වූ විටඑම පක්ෂයේ තුන්වෙනියට මනාප ලබා ගත් තැනැත්තා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය යුතුය.
 
89.   ඉහත වගන්තිය අනුව තොරාපත් කරගැනීමෙන් පසුද නැවත එම ප්‍රාදේශිකය තුළ මන්ත්‍රී අසුනක් හිස් වූ විටඒ සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුය.එහෙත්ඉහත 71 වගන්ති ප්‍රකාරවඅතුරු මැතිවරණයක් පැවැත්වීමට බැරි අවස්ථාවකඑම පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් නම් කරනු ලබන නි‍යෝජිතයකුට එම ආසනය හිමි විය යුතුය.
 
90.   පාර්ලිමේන්තුව සඳහා ඉහත ක්‍රමවේදය තුළින් පත්වන මන්ත්‍රී ගණන 160කිපාර්ලිමේන්තුව සඳහා ඉතිරි මන්ත්‍රින් පහත ආකාරයට පත් කරගත යුතුය.
 
a.       යම් පළාතක වැඩිම මන්ත්‍රීවරු ගණනක් ලබා ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට බෝනස් ආසන දෙකක් හිමි වේඑම ආසන ‍දෙක ලබා දිය යුත්තේ එම පළාතේ එම පක්ෂයෙන් කුමන හෝ ප්‍රාදේශිකයකට තරග කර එහෙත් දැනට තේරී පත් නොවී ඇති අපේක්ෂයන් අතරින් දෙදෙනකුටය.

තවදයම් පක්ෂ හෝ කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් සමාන මන්ත්‍රීවරුන් ගණනක් ලබා ඇති අවස්ථාවකවැඩිම ඡන්ද ගණනක් ලබා ඇති පක්ෂ දෙක සඳහා මෙම බෝනස් ආසන දෙක, එක බැගින් බෙදා දිය යුතුය.
 
b.      තවදඉහත ආකාරවලින් එකදු මන්ත්‍රී ධුරයක් හෝ ලබාගත නොහැකි වූ පක්ෂ ‍හා කණ්ඩායම්වලටඑක පළාතකින් (සුළු පක්ෂ) මන්ත්‍රී ආසන දෙක බැගින් ලබා දිය යුතුය.මෙහිදී එම පළාතේ ප්‍රකාශිත (වලංගුමුළු ඡන්ද ගණන එම පළාත තුළ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණනින් බෙදා ලැබෙන අවම ඡන්දය” (base vote) ගණනය කළ යුතුය.එම අවම ඡන්දයට වඩා එම පළාත තුළ ඡන්දය ලබාගත් මෙම සුළු පක්ෂ හා කණ්ඩායම් වලින් වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගත් පක්ෂ හෝ කණ්ඩායම දෙකට මෙම ආසන දෙක ලබා දිය යුතුයවෙනත් කිසිදු සුළු පක්ෂයක් එම අවම ඡන්දයට වැඩි ඡන්ද ප්‍රමාණයක් නොගෙනඑක සුළු පක්ෂයක් පමණක් ඉහත අවම ඡන්ද ගණන මෙන් දෙගුණයක් හෝ ඊට වඩා ලබා ඇති නම් පමණක් එම ආසන දෙකම එම පක්ෂයට ලබා දිය යුතුය.යම් හෙයකින්පළාත තුළ මෙම ආසන දෙකින් දෙකම හෝ එකක් ලබා ගැනීමට නොහැකි විටකඑම ආසන ජාතක ලැයිස්තුවේ ආසනවලට එකතු කළ යුතුය.
 
c.       ජාතික ලැයිස්තු ක්‍රමයෙන් මන්ත්‍රි ආසන 20ක් ඇතතවදඉහත වගන්ති ප්‍රකාරව මෙම ගණන උපරිම 30 දක්වාද වැඩි විය හැකිය.තවදජාතික ලැයිස්තුවේ අනුපිළිවෙළට මන්ත්‍රීන් පත් කළ යුතුය.සෑම පක්ෂයකින්ම ඉදිරිපත් ‍කරනු ලබන ජාතික ලැයිස්තුවේ අවම වශයෙන් දස දෙනෙකු පශ්චාත් උපාධිධරයන් හෝ ජනාධිපති (රාජ්‍යසම්මානලාභින් විය යුතු අතරඅත්‍යවශ්‍යයෙන්ම ලැයිස්තුවේ පළමු තිදෙනා මෙම දස දෙනා අතර සිටිය අය විය යුතුයජාතික ලැයිස්තුවේ 50% ක් කාන්තාවන් විය යුතුය.

තවදජාතික ලැයිස්තු මන්ත්‍රින් පක්ෂ අතර බෙදා දීම සඳහා දැනට භාවිතා වන සමානුපාත ක්‍රමයම යෙදිය යුතුය.
 
d.      ජනාධිපති විසින් පිළිගත් වෘත්තික සංගම් (professional bodies/associations) දහයකින් එක නියෝජිතයකු බැගින් පත් කළ යුතුය.මෙම වෘත්තක සංගම් දහය අතුරින් හයක් නිශ්චිත වන අතරතට්ටු මාරු (rotation) ක්‍රමයට තවත් වෘත්තික සංගම් හතරක් අහඹු ලෙස තෝරාගත යුතුය. නිශ්චිත වෘත්තික සංගම් හය වනුයේ:
 
     වෛද්‍ය සංගමය (SLMC)
ඉංජිනේරු සංගමය (IESL)
නීති සංගමය (Bar Association)
විශ්ව විද්‍යාල ගුරු සංගමය (මෙය අලුතින් වෘත්තිය වේදයක් ලෙස ස්ථාපනය කළ යුතුය.)
     පාසල් ගුරු සංගමය (මෙය අලුතින් වෘත්තිය වේදයක් ලෙස ස්ථාපනය කළ යුතුය.)
     වරලත් ගණකාධිවරු හා මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (අලුතින් ස්ථාපනය කළ යුතුය.) 
 
     තවදදේශීය වෛද්‍ය සංගමයහෙද හා පරිපූරක වෛද්‍ය සංගමය (අලුතින් ස්ථාපනය කළ යුතුය.), වරලත් විද්‍යාඥයන්ගේ සංගමය (අලුතින් ස්ථාපනය කළ යුතුය.), ආදී දැනට පවතින හා අලුතින් බිහි කළ යුතු වෘත්තික ශ්‍රේණි/වේද සංගම් අතරින් ඉතිරි සිව් දෙනා පත් කළ යුතුය.තවදමෙම එක් එක් සංගමයේ මහා සභා වාරයකදී (general assembly) තම සාමාජිකයන් අතුරින් ඉදිරිපත්ව සාධාරණ අභ්‍යන්තර ඡන්දයකින් සියලු ඡන්ද හිමි සාමාජිකයන්ගේ 50%කට වැඩි මනාප ලබාගත් තැනැත්තා ජනාධිපති විසින් පත් කළ යුතුය. (මෙම අභ්‍යන්තර ඡන්දද මැතිවරණ කොමිසමේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතුය.)තවදමෙලෙස පත්වන සාමාජිකයන් අදාල සංගම්වල සමස්ථ සාමාජිකයන්ගෙන 50%ක බහුතර විශ්වාස භංග යෝජනාවකින් ඉවත් කළ හැකිය.තවදඉහත ආකාරයට හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් එවැනි මන්ත්‍රී ධූරයක් හිස් වූ විටඅදාල සංගම් විසින් ඉහත ආකාරයටම එම පුරප්පාඩුව පිරවිය යුතුය.
 
91.   පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති තැනැත්තා අග්‍රාමාත්‍යය ලෙස ජනාධිපති විසින් පත් කළ යුතුය.අග්‍රාමාත්‍යයට සහය දක්වන සියලු පක්ෂ හා කණ්ඩායම් ආණ්ඩු පක්ෂය” ලෙසදසහය නොදක්වන පක්ෂ විපක්ෂය” ද වන අතරවිපක්ෂ මන්ත්‍රීන් විසින් විපක්ෂ නායක (OP) පත් කරගත යුතුයවිපක්ෂ නායක කැබිනට් අමාත්‍ය කෙනෙකුගේ වරප්‍රසාද හිමි විය යුතුයආණ්ඩු පක්ෂ මන්ත්‍රින් විසින් සභානායක” (LH) තෝරාපත් කරගත යුතු අතරඔහුටද කැබිනට අමාත්‍ය කෙනෙකුගේ වරප්‍රසාද හිමි විය යුතුය.

අධිකරණ පද්ධතිය හා නීති ප්‍රතිසංස්කරණ

92.   ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත අධිකරණ ධූරාවලිය පහත පරිදි විය යුතුය.
 
a.       ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court - SC)
අවසාන අභියාචනාධිකරණයයිසත්පුද්ගල විනිසුරු මඬුලු විසින් නඩු ඇසිය යුතුයඅග්‍ර විනිශ්චයකාරවරයා (Chief Justice - CJ) මෙහි ප්‍රධානියාය.විනිසුරු මඬුලු තුනක් සමගාමීව කොළඹ ප්‍රධාන අධිකරණ සංකීර්ණයේ පමණක් පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස් විය යුතුය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ හා රජයට නෛතික උපදේශන දීමේ අනන්‍ය බලය ඇත.ඡන්ද පෙත්සම්ජනාධිපති හා අග්‍රාමාත්‍යයට එරෙහිව නඩුද මෙම උසාවියට ඉදිරිපත් කළ යුතුය.සියලුම ආකාරයේ උසාවි වාර්ථා විමර්ශනයට හා කැඳවීමට බලය ඇත.රිට් ආඥාහේබියස් කොපස් ආඥාඅතුරු තහනම් ඇතුළු ඕනෑම නෛතික ආඥාවක් නිකුත් කිරීමේ බලය ඇත.ව්‍යවස්ථාව විසින් පවරා ඇති වෙනත් බලතල ක්‍රියාත්මක කිරීමට බලය ඇත.
 
b.      අභියාචනාධිකරණය (Appeal Court - AC)
පංචපුද්ගල විනිසුරු මඬුලු විසින් නඩු ඇසිය යුතුයප්‍රධානියා අභියචනාධිකරණ සභාපති වන අතරඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු මට්ටමෙහි සැලකිය යුතුය.එකම අධිකරණය ලෙස ක්‍රියා කළත් සෑම පළාතකම එක් නඩු වාරයක් බැගින් සමගාමීව නඩු වාර පහක් පවත්වයි (five sittings).මානව (පුරවැසිඅයිතින් වෙනුවෙන් මූලිකාධිකරණය (court of first instance) ලෙස ක්‍රියා කරයි.ස්වාධීන කොමිසම්වල තීන්දුවලට එරෙහිව අභියාචනා භාර ගැනීමට හැකියි.රිට් ආඥාහේබියස් කොපස් ආඥාඅතුරු තහනම් ඇතුළු ඕනෑම නෛතික ආඥාවක් නිකුත් කිරීමේ බලය ඇත.සියලුම අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු අසයි.මූලිකාධිකරණය ලෙස මහෙස්ත්‍රාත් අධිකරණවල පවත්වපු නඩු සඳහා අවසාන අභියාචනාධිකරණය ලෙස ක්‍රියා කළ යුතුය.ව්‍යවස්ථාවෙන් පවරා ඇති වෙනත් බලතල ක්‍රියාත්මක කරයි.
 
c.       පළාත්බද මහාධිකරණය (Provincial High Court – HC (HCN, HCW, HCS, HCE, HCC))
එක් එක් පළාතකට වෙන වෙනම මහාධිකරණය බැගින් පිහිටුවිය යුතුයත්‍රිපුද්ගල විනිසුරු මඬුලු මගින් නඩු ඇසිය යුතුයඑක් පළාතක මහාධිකරණය මහාධිකරණ සභාපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු වේ.පළාත් පහේ මහාධිකරණ සභාපතිවරු පස් දෙනා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ මට්ටමින් සැලකිය යුතුය.සෑම ප්‍රාදේශිකයකම එක් මහාධිකරණ නඩු විභාගය (sitting) බැගින් පැවැත්විය යුතුය.ප්‍රාථමික අධිකරණ නඩු සඳහා අවසන් ඇපල් උසාවියද මෙයයි.මරණ දඩුවම හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දීමට හැකි පහළම අධිකරණය මෙයයිබරපතල අපරාධ නඩු අසයි.ප්‍රාදේශික සභාපතිවරුන් හා ප්‍රාදේශික මන්ත්‍රින් හා අනෙක් ඕනෑම ඉහළ රාජ්‍ය නිළධාරින්ට එරෙහිව නඩු අසයි.ව්‍යවස්ථාවෙන් හා වෙනත් අණපනත් මගින් පවරනු ලබන ‍වෙනත් බලතල ක්‍රියාත්මක කරයි.
 
d.      මහෙස්ත්‍රාත් අධිකරණය (Magistrate Court – MC (MCxx – eg: MCSJ, MCMC, MCGM))
සෑම ප්‍රාදේශිකයක් සඳහාම එකක් බැගින් පිහිටවිය යුතුයද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් මගින් නඩු ඇසිය යුතුයව්‍යවස්ථාව හා වෙනත් අණපනත් විසින් පවරනු ලබන බලතල ක්‍රියාත්මක කරයිවතුපිටි,දික්කසාද නඩුද මීට අයත්ය.
 
e.      ප්‍රාථමික අධිකරණය (Primary Court – PC (PCxx – eg: PCSJ, PCMT)
සෑම ප්‍රාදේශිකයක් සඳහාම එකක් බැගින් පිහිටවිය යුතුයඑක විනිසුරුවකු විසින් නඩු ඇසිය යුතුයපවුල් ආරවුල්ප්‍රාදේශික සභා රෙකුලාසි ආදි කාරණා සම්බන්ධයෙන් කටයුතු කරයිඇප දීම්ද ප්‍රධාන වශයෙන් සිදු කරන අධිකරණයයි. අණපනත් මගින් පවරනු ලබන වෙනත් විෂයන් යටතේද නඩු ඇසිය යුතුය.
 
93.   අධිකරණ විනිසුරුවන් බඳවාගත යුත්තේ ප්‍රාථමික අධිකරණයටයඑතැන් සිට කාර්ය සාධනය (performance) හා ජ්‍යෙෂ්ඨත්වය (seniority) මත උසස් කිරීම් මගින් ඉහළ මට්ටමේ අධිකරණවල විනිසුරුවන් දක්වා යෑමට සැලැස්විය යුතුයනීතිපති දෙපාර්තමේන්තුව හෝ වෙනත් ඕනෑම ආයතනයකින් විනිසුරුවන් පත් කිරීම (cross-posting) සපුරා තහනම් ය.
 
94.   මහාධිකරණයෙන් ඉහළ අධිකරණ උසස් අධිකරණ වන අතරඒවා ලිඛිත වාර්ථා පවත්වන අධිකරණ (courts of record) වේ. ආනුගම්‍ය රීතිය (preceding binding) අනුගමනය කළ යුතුය.
 
95.   සියලුම විනිසුරුවරුන්ට වෙනස් නොවන දික් කළ නොහැකි උපරිම විශ්‍රාමික වයසක් තීරණය කළ යුතුය. (උදාඅවුරුදු 65)
96.   සියලුම අධිකරණ විනිසුරුවන් විශ්‍රාමයෙන් පසු කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක සේවය කළ නොහැකියවිශේෂ ජනාධිපති කොමිසම් හෝ රජයේ එවැනි තදාර්ද (ad hoc) විමර්ශන කොමිසම්වලට පමණක් පත්වීම් ලැබිය හැකිය. තවදඔවුනට තවත් වසර 5ක් යනතුරු දේශපාලනය කිරීම තහනම්ය.
97.   සඳුදා සිට සෙනසුරාදා යන දින හයේම උදේ සිට සවස වනතුරු නඩු කටයුතු මෙහෙය විය යුතුය.තවදසාමාන්‍ය නඩු නොඅසන අනෙක් සෑම දිනකත් (සියලුම වර්ගයේ නිවාඩු දින ඇතුලුවප්‍රාථමික අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යා යුතුය.

තවද, ශ්‍රේෂ්ඨාධිකරණ හා අගනුවර පිහිටි අභියාචනාධිකරණයද ‍ඉහත ලෙස නිවාඩු සෑම දිනකමත් එක් නඩු වාරයක් බැගින් පවත්වාගෙන යා යුතුය.

 
98.   ඒ ඒ උසාවි සඳහා වැඩ බලන විනිසුරුවන් පත් නොකළ යුතුයවිනිසුරුවන්ගේ වැඩ මුරය පැය 8කට පමණ සීමා වන පරිදිදඉහත ආකාරයෙන් කාර්යක්ෂමව හා දිගු වේලාවන් නඩු කටයුතු කරගෙන යෑමටද අවශ්‍ය තරම් විනිසුරුවරුන් සේවාවෙහි යෙදවිය යුතුයමෙමගින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම වනවා පමණක් නොවආරක්ෂාද වේ.
 
99.   නීතිඥයින් බඳවා ගැනීම් හා විනය කටයුතු කිරීම ශ්‍රේෂ්ඨධිකරණයෙන් ඉවත් කොට, එය සෙසු වෘත්තින්වල මෙන්ම නීතිඥ සංගමයට භාර දිය යුතුය. එහෙත්, මහජන පැමිණිලි මත, නීතිඥයන් පිළබඳ පැමිණිලි අධිකරණ කොමිසමට කළ හැකි අතර, ඉන් වැරදි කරුවන් වන අයගේ නීතිඥකමද අහෝසි කිරීමට එම කොමිසමට බලය තිබිය යුතුය.
 
100.            පොදු සුභ සිද්ධි (public interest) නඩු ක්‍රමය හඳුන්වාදිය යුතුය. විද්‍යුත් ක්‍රම ඔස්සේ නඩු පැවරීම හා වෙනත් කාර්ය පටිපාටි සිදු කිරීම ආරම්භ කළ යුතුය.
 
101.            දේශපාලකයන් හා රාජ්‍ය නිළධාරින්, පොදු නීතිය, රෙගුලාසි හා ආයතනික රීති උල්ලංඝණය කරන විට හෝ වගකීම් පැහැර හරින විට, ඕනෑම පුරවැසියෙකුට හෝ පුරවැසි අයිතින් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ගේ ආයතනයකට, එම අයට විරුද්ධව අධිකරණයට යෑමට හා ඒ අයට නිසි දඬුවම් ඉල්ලා සිටීමට නීති ප්‍රතිපාදන සැලසිය යුතුය.
 
102.            දැනට ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් ඉවර කිරීම සඳහා අමතර තාවකාලික උසාවි පත් කර හා උසාවි වැඩි දින හා පැය ගණනක් පවත්වා හා වෙනත් උපක්‍රම යොදාගනිම්න් අවශ්‍ය කටයුතු කළ යුතුයතවද,අනවශ්‍ය පරිදි නඩු ගොඩ ගැසීම වළක්වනු පිනිස නව නීති ප්‍රතිසංස්කරණ හා මෙවලම් හදුන්වා දිය යුතුය (උදාහරණ ලෙසදැනට පවතින ඉඩම් හිමිකම් ක්‍රමය වෙනුවට දැනටමත් යෝජනා කර ඇති ඉඩම් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුය.)
 
103.            අධිකරණයට අපහස කිරීම (contempt of court) යන්නට දියුණු ලෝකයේ දැනට භාවිතා වන වඩා මනුෂ්‍යවාදී අර්ථ කථනයක් හඳුන්වාදිය යුතුයතවදඋසාවිය තුළ විනිසුරුවන්ගේ දරදඩු කර්කශ පාලනයෙන් තොර මානුෂවාදී පරිසරයක් හඳුන්වාදිය යුතුය.
 
104.            පෞද්ගලික කාරණා නොවනවෙනත් ඕනෑම පොදු නඩු කටයුත්තකදී ඒවා ලිඛිතව හා වීඩියෝ ක්‍රම ඔස්සේ වාර්ථා කිරීමට හා ප්‍රචාරණය කිරීමට ජනමාධ්‍යයට අවසර දිය යුතුය.
 
105.            නිශ්චිත ඉතා දරුණු වැරදි සඳහා පමණක් මරණ දණ්ඩනය හදුන්වා දීඑය ජනාධිපතිගේ හෝ අනුමැතියක් නොමැතිවම ස්වාභාවිකවම නීතිය ක්‍රියාත්මකවීමක් ලෙස සිදුවන ආකාරයට සකස් කළ යුතුය. යම් මරණීය දණ්ඩණයක් සිදු කිරීම මාසයක් දක්වා පමණක් කල් දැමීමට එක වරක් පමණක් නියෝග කිරීමට (පොදු සමාව දීමේ ජනාධිපති අයිතියට අමතරව) ජනාධිපතිට බලය ඇත්තේය.
 
106.            නීති ක්‍රියාත්මක හා බලාත්මක කරන නිළධාරින් (පොලිස්නීතිපති දෙපාර්තමේන්තු නිළධාරින් ආදිඅහිංසකයන්ව යම් වැරදි සඳහා වේතනාන්විතව හසුකිරීමට උත්සහ කළ බව (setup or framing) ඔප්පු වූ විට,එම නිළධාරින්ටද එම හසුකිරීමට උත්සහ කළ වරදට හිමි විය යුතු දඩුවම ලබා දිය යුතුය.

තවද, ඉහත ආකාරයට එම වරද සිදුකර ඔප්පු වී ඇත්තේ නීති ක්‍රියාත්මක කරන අයකු නොවන කෙනෙකු විසින් නම්, එම අයටද සාධාරණ දැඩි දඬුවම් ඇති කළ යුතුය.
 
107.            අධිකරණ සේවාව පවත්වාගෙන යෑම සඳහා පරිපාලන කටයුතු වෙනුවෙන් ස්වාධීන අධිකරණ කොමිසමක් ඇති කළ යුතුය(පසුව මෙම කොමිසම ගැන විස්තර ඇත.)
 
108.            අධිනීතිඥ (advocate or barrister) වෘත්තිය නැවත හඳුන්වාදිය යුතුය. විවිධ විශේෂඥ විෂයන්හි (ජාත්‍යන්තර සම්බන්ධතා, බුද්ධිමය දේපල, පරිසර යුක්තිය, ආණ්ඩුක්‍රම නීති ආදී) පශ්චාත් උපාධී මට්ටමේ සුදුසුකම් සපුරා, යම් නිශ්චිත කාලයක් පළපුරුද්ද සැපිරූ අයට මෙය ලබාදිය යුතුය.

තවද, එක් එක් අධිනීතිඥ ‍විශේෂඥතා ශ්‍රේණි සඳහා එක ඉන් 
(INN) එකක් බැගින් නීති සංගමය මගින් පිහිටුවිය යුතුය. මෙම ‍ඉන් තම ශ්‍රේණිවල දියුණුව හා සාමාජිකයන්ගේ වෘත්තිකභාවය වැඩි කිරීම ආදිය පිණිස වැඩ කළ යුතුය.
 
109.            සියලු අණපනත් අලුත් නීති ප්‍රතිසංස්කරණවලට හා නව ලොවට ගැලපෙන අයුරින් කඩිනමින් සංශෝධනය කළ යුතුය. තවද, විවිධ ප්‍රාදේශික නීති, පුද්ගල නීති ආදිය අහෝසි කර තනි පොදු නීති ක්‍රමයක් පමණක් බලාත්මක කළ යුතුය. ෂරීයා හෝ ඉස්ලාම් නීතිය අනිවාර්යෙන්ම අහෝසි කළ යුතුය. (විශේෂයෙන්, ඕනෑම කෙනෙකුට එක වර විවාහ විය හැක්කේ එක පුදගලයකු සමග පමණි.)

ස්වාධීන කොමිසම් සභා

110.            පහත සඳහන් ව්‍යවස්ථාපිත ස්වාධීන කොමිසම් සභා පිහිටුවිය යුතුය.
 
a.       අධිකරණ සේවා (Independent Judiciary Services Commission - IJC)
 
b.      පුරවැසි හිමිකම් හා උපයෝගිතා (Independent Citizen Rights & Public Utility Com. - ICC)
 
c.       මැතිවරණ හා භූමි නිර්ණය (Ind. Elections and Land Delimitation Com. - IEC)
 
d.      අල්ලස් හා දූෂණ විමර්ශන (Ind. Com. for Interrogation into Bribes & Corruption - IBC)
 
e.      රාජ්‍ය විගණන හා ප්‍රසම්පාදන (Ind. State Auditing and Procurement Com. - IAC)
 
f.        පොලිස් (Ind. Police Com. - IPC)
 
g.       රාජ්‍ය සේවා (Ind. State Services Com. – ISC )
 
111.            මෙම කොමිසම්වලට පත් කෙරෙන කොමසාරිස්වරුන්ගේ සුදුසුකම් නිශ්චය කළ යුතුය. ඒ ඒ කොමිසම් සඳහා අවශ්‍ය කරන කොමසාරිස්වරුන් ගණනද නිශ්චය කළ යුතුය.
 
112.            අධිකරණ සේවා කොමිසම හැරුණු විටඅනෙක් සියලු කොමිසම් සභාවලට කොමසාරිස්වරුන් පත් කෙරෙන ක්‍රම වේදය සමානය.පාර්ලිමේන්තුවේ ස්වාධීන කොමසාරිස්වරුන් පත් ‍කිරීමේ කමිටුවක් (Parliamentary Committee for Appointment of Independent Commissionors) ඇති කළ යුතුයඑම කමිටුවට ඇතුලත් වන්නේ,කථානායකතුමා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම (වෙන වෙනම පක්ෂ ලෙස තරග කළ; එක් සන්ධානයකින් තරග කළ විට එම සන්ධානයේ ඇති සියලු පක්ෂ එක පක්ෂයක් සේ සැලකිය යුතුය.)එක් නියෝජිතයකු‍ බැගින් හා ජනාධිපති පත් කළ වෘත්තිකයන්‍ දස දෙනාය.මෙම කමිටුව විසින් නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ලැබෙන අයදුම්පත් හා අවශ්‍ය නම් එම කමිටුවේ ආරාධනයෙන් ලබාගත් අයදුම්පත් අතරින් සුදුස්සන් ජනාධිපති වෙතට නිර්දේශ කළ යුතුයජනාධිපති කාර්යාලයද ඔවු‍න්ගේ සුදුසු නුසුදුසු කම් පරික්ෂා කර සුදුසු නම් පමණක් පත් කළ යුතුය.කොමසාරිස්වරයකුගේ නිල කාලය වසර 3කිසෑම වසරකට සැරයක් කොමිසමේ සාමාජිකයන් තුනෙන් එකක් මාරු කළ යුතුය.කොමසාරිස්වරුන් ලෙස ඉදිරිපත් වන අය එම අයදුම් කරන මොහොතේ සිට ආපස්සට වසර දහයක කාලයක් තුළ යම් දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ ඡන්දයක් සඳහා ඉදිරිපත් වී නොසිටිය යුතු අතර,කොමසාරිස්කමින් විශ්‍රාම ගොස් ඉන් වසර පහක කාලයක් තුළද දේශපාල පක්ෂයක සාමාජිකයකු වීම හෝ ඡන්ද අපේක්ෂයකුවීමට නුසුදුසු විය වන්නේය.
 
113.            ජනාධිපතිගේ අභිමතය පරිදි (අධිකරණ සේවා කොමිසමේ හැරඒ ඒ කොමිසම්වල කොමසාරිස් වරුන් අතරින් කෙනෙකු එම කොමිසමේ ප්‍රධානියා (Commissioner General) ලෙස පත් කළ හැකිය.
 
114.            කොමසාරිස් කෙනෙකු විශ්‍රාම ගිය පසු නැවත වසර පහක කාලයක් ඉදිරියට එම හෝ වෙනත් ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස පත් වීමට නුසුදුසු වන්නේයවසර පහ ඇවෑමෙන් අවශ්‍ය නම් තව එක වතාවකට පමණක් නැවැත කොමිසමකට පත් කරගත හැකිය.
 
115.            ඒ ඒ කොමිසම් සඳහා අවශ්‍ය කරන කාර්ය මණ්ඩල එම කොමිසම් සභා විසින්ම සිදු කරනු ලබයි. ඔවුන්ගේ උසස්වීම්, විනය කටයුතු ආදියද අදාල කොමිසම් සභා විසින්ම සිදු කරනු ලබයි.

එහෙත්, යම් අසාධාරණයක් සිදු වූවා යැයි එම සේවකයකුට සිතුන විටක, එම අසාධාරණය නිවැරදි කරගැනීමට අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ හැකිය.

 
116.            අධිකරණ සේවා කොමිසමින් හැර අනෙක් ඕනෑම කොමිසමකින් ලබා දෙන තීන්දු මහාධිකරණයක තීන්දු හා සමාන වේරාජ්‍ය නිළධාරින් සේවයෙන් පහකිරීමටද මෙම කොමිසම්වලට බලය ඇතසිර දඬුවම් නියම කිරීමට හෝ දඩ ගැසීමට නොහැකිය.තවදඅධිකරණ කොමිසමේ තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු හා සමාන වේමෙහිදසිර දඬුවම් නියම කිරීම හෝ දඩ ගැසීම් කළ නොහැකියමෙම කොමිසම්වල තීන්දු ගැන පාර්ලිමේන්තුවේ හා රාජ්‍ය සභාවේ විවාද කළ හැකි අතරපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් එම තීන්දු බල රහිත කළද හැකිය.යම් කොමිසමකට සිර හෝ මරණ දඬුවම් නියම කිරීමට හෝ දඩ ගැසීමට නිර්දේශ කරමින් ලඝු කාර්ය පටිපාටියක් ඔස්සේ මහාධිකරණයක නඩුවක් ගොනු කිරීමටද කොමිසම් වෙත බලය ඇත්තේය.

ස්වාධීන අධිකරණ සේවා කොමිසම

117.            ‍මෙම කොමිසමට පත්වන සාමාජිකයන් වනුයේ,
 
a.       අග්‍රවිනිශ්චයකාරවරයා (නිළ බලයෙන්ම කොමිසමේ ප්‍රධානියා වේ.)
 
b.      තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් (නිළ කාලය වසරක් වන අතරමොවුන් වාර්ෂිකව තට්ටුමාරු ක්‍රමයට වෙනස් විය යුතුය.)
 
c.       අභියාචනාධිකරණ සභාපති
 
d.      දැන් සිටින අගවිනිසුරුට ඒ එක්කම පෙර සිටපු විශ්‍රාමික අගවිනිසුරු (දැනට සිටින අගවිනිසුරු විශ්‍රාම යන තෙක් සිටිය හැකිය.) (immediate predecessor to current CJ)
 
e.      ජනාධිපතිගේ අභිමතය පරිදි පත් කෙරෙන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක් (වසර 3ක නිළ කාලයක් සඳහා වන අතරමොහුව නැවැත පත් කළ නොහැකිය.)
 
118.            මෙම කොමිසමේ රාජකාරි හා බලතල වනුයේ:
 
a.       මුළු අධිකරණ පද්ධතියම ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා රජයේ අංශ සමග කටයුතු කිරීම
 
b.      අගවිනිසුරු හැර සෙසු විනිසුරුවන් සියල්ලම බඳවා ගැනීම්උසස් කිරීම්විනය ක්‍රියා ගැනීම්
 
c.       අගවිනිසුරු පත් කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු ජනාධිපතිට නිර්දේශ කිරීම (එම තිදෙනාගෙන් කෙනෙකු තමන්ගේ අභිමතය අනුව ජනාධිපති විසින් පත් කළ යුතුය.)
 
d.      විනිසුරුවන් පුහුණු කිරීම හා පුහුණු ආයතනයක් පවත්වාගෙන යෑමහා ඔවුනට අඛණ්ඩ පුහුණු වැඩසටහන් (Continuous Professional Development - CPD) ක්‍රියාත්මක කිරීම
 
e.      අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙනත් විනිසුරු නොවන නිළධාරින් බඳවා ගැනීම්උසස් කිරීම්විනය ක්‍රියා මාර්ග ගැනීම්
 
f.         විනිසුරුවන්ට හා අධිකරණ නිළධාරින්ට එරෙහිව මහජන පැමිණිලි භාර ගෙන විභාග කිරීම
 
g.       මහජන පැමිණිලි මත, නීතිඥයන් පිළබඳ විනය පරීක්ෂණ අධිකරණ කොමිසමට කළ හැකි අතර, ඉන් වැරදි කරුවන් වන අයගේ නීතිඥකමද අහෝසි කිරීමට එම කොමිසමට බලය තිබිය යුතුය.
 
h.      විනිසුරුවන්අධිකරණ නිළධාරින්අධිකරණ සංකීර්ණනඩු භාණ්ඩහා වෙනත් ආනුශංගිකයන් ආරාක්ෂා කිරීම පිණිස කොමිසමේ නියෝග මත ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු යටතේ ක්‍රියාත්මක වන ජාතික පොලිසිටය අනුබද්ධිත අධිකරණ සේවා ආරක්ෂක අංශය (JSD) පවත්වාගෙන යෑම.
 
i.         ආණ්ඩුවේ ඉල්ලීම මතඅධිකරණ ක්‍රියාවලි වේගවත් කිරීමට අවශ්‍ය වූ විටඅතිරේක උසාවි ඇති කිරීම.
 
j.        අභියාචනාධිකරණ සභාපති හා පළාත්බඳ මහාධිකරණ සභාපතිවරුන් පත් කිරීම.
 
k.       උසාවි තුළ ක්‍රියාත්මක කළ යුතු කාර්යපටිපාටි (ඇප දීම ආදිරෙගුලාසි ඇති කිරීම හා සංශෝධනය.
 
l.         නීතිපති දෙපාර්තමේන්තුව (Attorney General Department) මෙම කොමිසම යටතට පත් කළ යුතුය.

නීතිපතිගේ 
(Attorney General) නායකත්වය යටතේ සෑම පළාතක් වෙනුවෙන්ම සොලිසිටර් ජනරාල්වරයා (Solicitor General) (මොවුන්ද නීතිපති මෙන්ම බලවත්ය.) බැගින්ද, සෙසු නිළයන්ද සහිතව මෙම ආයතනය නඩු කටයුතු අපක්ෂපාතීවත්, සාධාරණවත් සිදු කරන අයුරින් ප්‍රතිසංස්කරණය කළ යුතුය.

     තවද, නීතිපති හා සොලිසිටර් ජනරල්වරු පස් දෙනා‍ට එකිනොකාගේ අධිකාරිත්වයට යටත් නොවී ස්වාධීනව කටයුතු කළ හැකිය. වංචා සහගත සිදුවීමක් සිදුවන විට, එම සය දෙනාගෙන් ඕනෑම කෙනෙකුට එම නඩු කටයුත්ත සොයා බැලීමට හා නිසි පරිදි සිදු කිරීමට වගබලා ගැනීමට බලය තිබිය යුතුය. (මෙමගින් නීතිපති දෙපාර්තමේන්තුවේ සිදුවිය හැකි වංචා අවම කළ හැකිය.)
 
m.    රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව (Government Analyst Department) මෙම කොමිසම යටතට පත් කළ යුතුය.

ඉහළ තාක්ෂණික පහසුකම් හා ක්‍රමවේද මෙම දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුය. සෑම පළාතකම විද්‍යාගාර පහසුකම් හා පළාත් කාර්යාල ලබා දිය යුතුය.

 
n.      රිමාන්ඩ් බන්ධනාගාර හා බන්ධනාගාර මෙම කොමිසමේ ඍජු අධීක්ෂණයට යටත් විය යුතුය.
 

ස්වාධීන මැතිවරණ හා භූමි නිර්ණය කොමිසම

119.            මහා මැතිවරණ හා අතුරු මැතිවරණ ස්වාධීන හා සාධාරණ ලෙස පවත්වයිතවදවෘත්තික සංගම්වල අභ්‍යන්තර නිළවරණ හා ඡන්දද මෙම කොමිසමේ අධීක්ෂණය යටතේ සිදු කෙරේමෙම ආයතනයේ වගකීම් හා බලතල වනුයේ:
 
a.       ස්ථිර නේවාසිකත්වය (permanent residency – PR) තහවුරු කරන එකම නීත්‍යානුකූල රාජ්‍ය සටහන වන ඡන්ද නාම ලේඛනය පවත්වාගෙන යෑම, සෑම වසර දෙකකට සැරයක් සමස්ථ ලංකා මට්ටමින් යාවත්කාලීන කිරීම හා අවස්ථානුකූල (ad hoc/ on demand) යාවත්කාලීන කිරීම.
 
b.      තවදඡන්ද දායකයාගේ ඇඟිලි සලකුණ ලබා ගෙන ඒවා පවත්වාගෙන යෑමද සිදු කළ යුතුය. උසාවි නියෝගයකින් පමණක් මෙම ඇගිලි සලකුණු දත්ත ගබඩාවේ දත්ත නීති බලාත්මක කරන ආයතන වෙත ලබා දිය හැක්කේය.
 
c.       තවදගෘහ ලිපින (premises/residential addresses) පිළිබඳ දත්ත ගබඩාව (එම ගෘහයන්ගේ GPS තාක්ෂණය ඔස්සේ ලබාගත් පිහිටුම් (coordinates) සමගආවර්ථිකවත් අවස්ථානුකූලවත් පවත්වාගෙන යෑම හා යාවත්කාලීන කිරීමගෘහයකට හෝ ඕනෑම ගොඩනැගිල්ලකට ලිපිනයක් ලබා දීමේදී අනිවාර්ය කොන්දේසියක් ලෙස එම ස්ථානයේ GPS පිහිටුම් ලබා ගැනීම කළ යුතුය. තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුද මෙම ලිපින දත්ත ගබඩාව මත සිදු කළ හැකිය. තවද, තැපැල් ලිපින මුළු දිවයිනටම පොදු නිශ්චිත ආකෘතියකට (format) සකස් විය යුතුය.
 
d.      මැතිවරණ පක්ෂකණ්ඩායම්හා අපේක්ෂකයන්ගේ තොරතුරු රැස් කිරීමසුදුසුකම් පරික්ෂා කිරීමඒවා ප්‍රසිද්ධ කිරීම ආදිය
 
e.      අඛණ්ඩව පවතින භූමි නිර්ණය කොමිසම් සභාව ලෙසද මෙය ක්‍රියා කරයිමෙමගින් මුළු රටේම විවිධාකාරයේ මායිම්හා භූ ලක්ෂණ හා වාරි හා මහා මාර්ග ආදිය ගැන සම්පූර්ණ හා නිවැරදි GIS පද්ධතියක් පවත්වාගෙන යෑම. (මෙලෙස රඳවා ගන්නා දත්ත වෙනස් වන ආකාරයේ (උදාඅලුතු පාරක් සෑදීමපාරක් දික් කිරීම ආදීකටයුත්තක් කුමන හෝ රජයේ හෝ රාජ්‍ය නොවන අයාතනයක් කිරීමේදී මෙම කොමිසමේ පූර්ව අනුදැනුම මත පමණක් ඒවා සිදු කළ යුතු අතරඑම කටයුත්ත අවසානයේ මෙම කොමිසම විසින් නිකුත් කරනු ලබන අවසන් දැන්වීමෙන් පසුව එම කටයුත්ත නිල වශයෙන් අවසන් වේ.මෙමගින් ආපදා කළමණාකරණය හා ඵලදායි නිවැරදි දත්ත තබා ගැනීම ආදී කටයුතු පහසු වේ.)
 
120.            නිරන්තර විශාල රාජකාරි ප්‍රමාණයක් මෙම කොමිසමට සිදු කිරීමට ඇති හෙයින් පළාත් හා ප්‍රාදේශික මට්ටම්වලින් රේඛීයවම කොමිසමේම නිළධාරින් සහිත කාර්යාල ඇති කළ යුතුය. (වෙනත් පරිපාලක ලේකම්වරුන්ව (ප්‍රාදේශික ලේකම්වරුන් වැනි) කොමිසමේ වැඩවලට යොදා ගැනීම අවම කළ යුතු වේ.)

ස්වාධීන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම

121.            ඍජුවම කොමිසම විසින්ම බදවා ගනු ලබන පරීක්ෂකවරුන් (inspectors) සිටිය යුතුයමෙම පරීක්ෂකයින්ගේ සුදුසුකම් හා පුහුණුව කොමිසම විසින් තීරණය කළ යුතුය (විශේෂඥයින්ගේද සහය ඇතිව).තවදමෙම පරීක්ෂකවරුන් පොලිස් සේවාවේ උපපොලිස් පරීක්ෂක (SI) ධූරයේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (SSP) තනතුර දක්වා තනතුරු සමග නෛතිකව සමපාත විය යුතුය.තවදයම් යම් කාලවලදී අතිරේක පරීක්ෂකයන් අවශ්‍ය යැයි කොමිසමට හැගෙන්නේ නම්පොලිස් කොමිසම සමග සාකච්ඡා කර තාවකාලික පදනමින් අවශ්‍ය පොලිස් නිලයන් කොමිසමට අනුයුක්ත කර ගැනීමටද කොමිසමට බලය ඇත.
 

ස්වාධීන විගණන හා ප්‍රසම්පාදන කොමිසම

122.            මධ්‍යම හා ප්‍රාදේශික ආදී සියලුම රාජ්‍ය ආයතන වල මූල්‍ය විගණනය (financial)තාක්ෂණික (technical) විගණනයමුදලට සරිලන අගය (value-for-money) විගණනය මෙම කොමිසම විසින් සිදුකරයි.
 
123.            සියලුම රාජ්‍ය ආයතනවල ගිණුම් හා අභ්‍යන්තර විගණන කටයුතු විද්‍යුත් පරිගණක ක්‍රම ඔස්සේ සිදු කළ යුතු (computerized accounting system) අතරඑම පරිගණක පද්ධති මෙම කොමිසමට ජාලගතව සම්බන්ධ විය යුතුයඑමගින් තත්කාලීනව (real-time) විගණනයන් සිදු කිරීමට කොමිසමට හැකියාව ඇතඉතා ඉක්මනින් වැරදි සොයාගත හැකි “බුද්ධිමත්” පරිගණක මෘදුකාංගවලින් (smart/advanced computer software) මෙම කොමිසම සන්නද්ධ කළ යුතුය.
 
124.            රජයේ ව්‍යාපෘති සඳහා මිලදී ගැනීම් සියල්ල මෙම කොමිසමේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ පමණක් සිදු විය යුතුය.
 

ස්වාධීන පුරවැසි හිමිකම් හා උපයෝගිතා කොමිසම

125.            රාජ්‍ය අධිකාරියකින් හෝ පෞද්ගලික ආයතනයකින් (ස්වාභාවික පුද්ගලයන් නොවනමානව හිමිකම් උල්ලංඝණය වීමකදී මෙම කොමිසමේ පිළිසරණ පැතිය හැකිය.තවදපාසල් අධ්‍යාපනය පිළිබඳ ඇතිවන අවහිරතාද මෙම කොමිසම යටතේ ගැනෙන විෂයකිමෙහිදී ශිෂ්‍යාට වාසි වන ආකාරයට කොමිසම හැමවිටම ක්‍රියා කළ යුතුය.තවදගෘහස්ථ ප්‍රචණ්ඩත්වයළමා හා කාන්තා හිංසනය  පිළිබඳවද මෙම කොමිසමට කටයුතු කිරීමට බලය ඇතහැමවිටම ළමුන්ට වාසිදායක වන අයුරින් පමණක් තීන්දු තීරණ දිය යුතුයපවුලේ ප්‍රශ්න විද්‍යානුකූල ප්‍රවේශ මගින් විසඳා ගැනීමට දිරිමත් කරන ආකාරයේ අනිවාර්ය උපදේශන සේවා ලබා ගැනීමට ඔවුන්ව යොමුකිරීම ආදිය සිදුකිරීමට බලය ඇත.
 
126.            මූලික මිනිස් අවශ්‍යතා (ආහාරජලයවාසභූමිවිදුලිය, ආදියගුණාත්මකව හා සාධාරණව භුක්ති විදීමට ඇති අවහිරතා ගැන ජනතා ගැටළුවලට මැදිහත් වීමට බලය ඇත.
 
127.            තවදමූලික මිනිසු අයිතිවාසිකමක් ලෙස හඳුන්වා දෙනු ලබන තොරතුරු දැන ගැනීමේ අයිතිය (right to information) පිළිබඳ ගැටළුද මෙම කොමිසමට ඉදිරිපත් කළ හැකිය.
 

මානව හිමිකම්

128.            දැනට 78 ව්‍යවස්ථාවේ පවතින මානව හිමිකම් ලැයිස්තුව එලෙම පවතීඊට පහත සඳහන් නව මානව හිමිකම්ද ඇතුළත් කළ යුතුය.
a.       තොරතුරු දැනගැනීමේ අයිතිය (right to information)
b.      පිරිසිදු වාතය හා ජලය අවහිරතාවකින් තොරව ලබා ගැනීමේ අයිතිය
c.       ගුණාත්මක (වස විස නැතිආහාර ලබා ගැනීමට ඇති අයිතිය
d.      ගුණාත්මක අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති අයිතිය
e.      පෞද්ගලිකත්වය ආරක්ෂා (right of privacy) කරගැනීමේ අයිතිය.

    තවද“පිරිසිදු වාතය”“පිරිසිදු ජලය”“ගුණාත්මක ආහාර” යන වචනවලට විද්‍යාත්මක හා ප්‍රායෝගික අර්ථකථනයන් ලබා දිය යුතු අතරඑම පිළිවිතරයන්ට අනුව රටවැසියන්ට පරිභෝජනය සඳහා ඒවා ලබා ගැනීමට අයිතිය තහවුරු කළ යුතුය.තවදශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කෙරෙන සියලුම ආහාර ද්‍රව්‍යවල ඒවායේ ශක්ති හා පෝෂණ පදාර්ථ (energy and nutrients) සංඝඨක විද්‍යාත්මකව ගණනය කර (ඇමරිකාවේ USDA ආයතනය කර ඇති පරිදි), එම දත්ක නොමිලේම ලබා දිය යුතුය.
129.            සියලුම මානව හිමිකම්වලට ඉහත නෛතික ප්‍රතිපාදන එලෙසම ලැබෙනුයේ පුරවැසියන්ට පමණි. (එමනිසයි ඒවාට පුරවැසි හිමිකම් යන නමද ලැබී ඇත්තේ.) පුරවැසියන් නොවන අයට එම මානව හිමිකම්, සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වීමක් ලෙස සැලකිය යුතුය. 

තොරතුරු දැන ගැනීමේ අයිතිය

130.            රජයේ හා රාජ්‍ය ආයතනවල සියලු (බුද්ධි හා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවනතොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම වෙබ් අඩවිවල (gov.lk ඩොමේනය යටතේ) පළ කළ යුතුය.

මෙම ලියවිල්ලේ ආයතනවලට පසුව වරහන් තුළ (එකිනෙකට වෙනස්) කෙටි ඉංග්‍රිසි අකුරුවලින් දක්වා ඇති කෙටි නාම මෙම ආයතනවල නිල වෙබ් අඩවි සෑදීමට (විද්‍යුත් රාජ්‍ය ක්‍රියාවලිය සඳහා තවත් ප්‍රයෝජන රැසක් මෙම කෙටි ආයතන නාම භාවිතයෙන් සිදු කළ හැකිය.) යොදාගත හැකිය. (උදා: 
www.pr.gov.lk (ජනාධිපතිගේ නිල වෙබ් අඩවිය)www.sc.gov.lk (ශ්‍රේෂ්ඨාධිකරණයේ)www.lcsj.gov.lk (ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශික සභාවේ; සෑම ප්‍රාදේශිකයකටම අකුරු දෙකක කෙටි නාමයක් දිය යුතුය.)www.paw.gov.lk (බස්නාහිර පළාත් සභාවේ)www.mcmt.gov.lk (මාතර ප්‍රා‍දේශිකයේ මහෙස්ත්‍රාත් අධිකරණයේ),www.mod.gov.lk (රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ)www.erpa.gov.lk, …)
 රාජ්‍ය නිළධාරින්ගේ එම පත්වීම් ලැබීමට ඇති සුදුසුකම් ගැනදදේශපාලකයන්ගේ වත්කම් හා බැරකම් ගැනදදේශපාලකයන්ට හිමි වී ඇති වරප්‍රසාද ගැනද තොරතුරු මෙම හෙළිකළ යුතු තොරතුරු අතර විය යුතුය.තවදඍජුවම බුද්ධි හා රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ නොවන ඕනෑම අන්තර්ජාතික ආයතන හෝ රටවල් සමග එළඹුණ ගිවිසුම්රාජ්‍ය ආයතන විසින් යම් යම් සිද්ධි සම්බන්ධයෙන් ඒවා සොයා බැලීමට පත් කළ විමර්ශන හා කමිටුවල වාර්ථාහා “පොදු ලියවිලි (public documents) ලෙස සැලකෙන ඕනෑම ලියවිල්ලක් මහා ජනයාට ලබා ගැනීමට අයිතිය තිබිය යුතුයඉහත ඕනෑම ගිවිසුමක් හෝ ලියවිල්ලක් එය සිදු කළ දවසේ සිට දින පහක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය(පාර්ලිමේන්තුව එම දින ගණන තුළ රැස් නොවේ නම්එම ලියවිලි විපක්ෂනායක කාර්යාලයට හා පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයාට යැවිය යුතුය.)මෙසේ පළ කරන සෑම තොරතුරක්ම නිවැරදි විය යුතු අතර, වෙනස්වන තොරතුරු දින හතක් තුළ යාවත්කාලීන (updated) විය යුතුය.ඉහත සියලු වෙබ් අඩවි gov.lk යන ඉහළම මට්ටමේ ඩොමේන් නාමය (top level domain – TLD) යටතේ පවත්වාගත යුතුයwww.gov.lk යන වෙබ් අඩවිය (web portal) තුළ සියලු රාජ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට ප්‍රවේශ (links) ඇති කළ යුතුයතවදමෙම සියලු වෙබ් අඩවිවලට දත්ත කැපීමකින් තොරව (එනම් නො‍මිලේපිවිසීමට සියලු අන්තර්ජාල පහසුකම් සපයන ආයතනවලට නියෝග කළ යුතුය.මෙම කටයුත්ත කාර්යක්ෂමව කරගෙන යෑමට හා අධීක්ෂණයටඅග්‍රාමාත්‍යය කාර්යාලය යටතේ e-gov (විද්‍යුත් රාජ්‍ය) කාර්යාලයක් ඇති කළ යුතුය.
 
131.            සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින් හා නිළධාරින්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන දැනුම හා පුහුණුව ලබා දිය යුතු අතරමහජනයා ඉල්ලා සිටින තොරතුරු ලබා ‍දීමට ඔවුන් විසින් නොසලකා සිටින වටඔවුනට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙන ආකරයට නව නීති සෑදිය යුතුයතවදමෙම කටයුත්ත කාර්යක්ෂමව සිදුවන බවට වගබලා ගැනීමට අග්‍රාමාත්‍යය කාර්යාලය යටතේ තොරතුරු අයිතිය ආරක්ෂ කාර්යාලයක්(Information Right Protection Agency - IRPA) ඇති කළ යුතුය.
 
132.            අනවශ්‍ය ප්‍රමාද කිරීම් හා නොසැලකිල්ලසාවද්‍ය තොරතුරු (stale and inaccurate information) ලබාදීම් ආදීයෙන් එම අයිතීන් උල්ලංඝණය කරන නිළධාරීන්ට දැඩි දඩුවම් ලබා දීම් හා වරප්‍රසාද අහිමි කිරීම් කළ යුතුය.තවදඑතකුදු පුරවැසියාට එම අයිතින් උල්ලංඝණය වීම හේතුවෙන් පුරවැසි ‍අයිතීන් කොමිසමට හෝ අධිකරණයට (අභියාචනාධිරණයපැමිණිලිද කළ හැකිය.
 
133.            රාජ්‍ය සභාවපාර්ලිමේත්තුවපළාත් සභාහා ප්‍රාදේශික සභා සැසිපෞද්ගලික නඩුකර නොවන අවස්ථාවල සියලු අධිකරණ රැස්වීම්රාජ්‍ය ක්‍රියාවලිය තුළ නිළ වශයෙන් පවත්වන රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ හා රැස්වීම්ලියාපදිංචි දේශපාලන පක්ෂවල මහා සභා රැස්වීම්වෘත්තික සංගම්වල අභ්‍යන්තර නිළවරණ හා මහා සභා රැස්වීම් සියල්ල ජනමාධ්‍ය ආයතනවලට කිසිදු බාධාවහිරතාවලින් තොරව වාර්ථා කිරීමටවීඩියෝ කිරීමටහා විසුරුවා හැරීමට ඉඩ දිය යුතුය.ඉහත සියල්ල මහජනයාට නැරඹීමට මධ්‍යම රජය මගින් ඒ සඳහාම කැපවුණු රූපවාහිනි නාලිකාවක් ඇති කළ යුතුයතවදමෙම නාලිකාව ඔස්සේ එක්සත් ජාතින්ගේ සංගමයේ (UN) විවිධ රැස්වීම්දවෙනත් ‍අන්තර්ජාතික සමුළුද විසුරුවා හැරිය හැකිය. ‍අලුතින් ගෙන එන පණත් කෙටුම්පත් ගැන විද්වත් සාකච්ඡා ආදියම මෙම රූපවාහිනය ඔස්සේ සිදු කළ හැකිය.
 
134.            පාර්ලිමේන්තුව තුළ සියලු මන්ත්‍රිනට තොරතුරු දැනගැනීමේ අයිතිය ඉහළම අන්දමින් තහවුරු කළ යුතුයමධ්‍යම රජයේ ආයතන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යය ප්‍රමුඛ අමාත්‍යවරුන්ගෙන්දජනාධිපතිට අයත් විෂය කාරණා අග්‍රාමාත්‍යය හරහාදවිමධ්‍යගත බලතල සම්බන්ධයෙන් මහා අමාත්‍යවරුන්ගෙන්ද ඍජුවම විමසා තොරතුරු දැන ගැනීමට අයිතිය තහවුරු කළ යුතුය.තවදඑම තොරතුරු නිරවද්‍ය හා යාවත්කාලීන විය යුතු අතරකඩිනමින් (උපරිම සතියක්ඇතුළත ලබා දිය යුතුයඑසේ නොකරන අවස්ථාවලඔවුනට එරෙහිව විශ්වාස භංග යෝජනා සම්මතයකින් ඔවුන්ගේ තනතුරු අහිමි කිරීමට මෙන්මඅවශ්‍ය නම් ඕනෑම පාරලිමේන්තු මන්ත්‍රිකෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කිරීම දක්වා වූ දඩුවම් ලබාදීමටද ප්‍රතිපාදන සැලැස්විය යුතුය.මෙසේ ‍ලබා දෙන දඩුවම් හේතුවෙන් අහිමිවන වරප්‍රසාද ඉදිරි වසර පහක් යනතුරු බලපැවැත්විය යුතුය.
 

ස්වාධීන පොලිස් කොමිසම

135.            පසුව විස්තර කෙරෙන ප්‍රජා පොලිසි හා ජාතික පොලිසිය යන දෙකම කෙරෙහි මෙම කොමිමේ බලය පවතීඅනෙක් කොමිසම්වලදී මෙන්ම සාමාන්‍ය පරිදි පත් කෙරෙන කොමසාරිස්වරුන්ට අමතරවපොලිස්පතිද මෙම කොමිසමේ සාමාජිකයෙකිමෙම කොමිසමේ බලතල වනුයේ:
 
a.       පොලිස් නීතිය හා පොදු නීතිය අනුව සියලු පොලිස් නිළධාරින් ක්‍රියා කරන්නේද යන්න සොයා බැලීම
 
b.      සියලු පොලිස් නිළයන් හට පරිපාලකයන් හෝ ඉහළ නිළධාරින්ගෙන් අසාධාරණයක් සිදු වේ නම්ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීම හා අයුතු ලෙස ස්ථාන මාරු හෝ උසස්වීම් සිදු කිරීම් සම්බන්ධ ගැටලු විසඳීම
 
c.       විශේෂඥයින් හා රාජ්‍ය ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ඒ ඒ පොලිස් නිලතලවලට හා ඒ ඒ පොලිසිවලට දිය යුතු පුහුණුවේ ප්‍රමාණය හා ස්වභාවය තීරණය කිරීමභාවිතා කළ යුතු අවිවල ස්වභාවය තීරණය කිරීම
 
d.      ප්‍රජා පොලිස් සේවා හා රාජ්‍ය පොලිස් සේවාව අතර යහ සම්බන්ධය වැඩි දියුණු කිරීම හා එහිදී ඇතිවිය හැකි ගැටළුවලට විසඳුම් සැපයීම
 
e.      වෙනත් කොමිසම් සභාවලට හා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනයන්ට අනුව පොලිස් සේවා එම ආයතනයන්ට අනුයුක්ත කිරීම
 
f.        පළාත් පොලිස් ප්‍රධානින් සේම පොලිස්පති පත් කිරීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම
 
g.       පිළිගත් නිර්නායක යටතේ පොලිස් භටයන් බඳවා ගැනීම් සොයා බැලීම හා අනුමත කිරීම
 
h.      ඕනෑම පොලිස් නිළධාරියෙකුට එරෙහිව මහජන පැමිණිලි විභාග කර සුදුසු ක්‍රියා මාර්ග ගැනීම
 
i.         ‍සාධාරණ හේතු මත, පොලිස් නිළධාරින්ව ඔවුන්ගේම ඉල්ලීම මත පමණක් විවිධ පොලිසි අතර ස්ථාන මාරු ලබාදීමට කටයුතු කිරීම (මාරු වීම ලබන පොලිසියේ අවසරය ඇත්නම් පමණක්)
 

පොලිස් බලතල

136.            පොලිස් බලතල හා රාජකාරි අනුවඑය කොටස් දෙකකි.
a.       ප්‍රජා පොලිසිය (Community Police)
b.      ජාතික පොලිසිය (National Police)
ප්‍රජා පොලිසියට අයත් විෂය කාරණා වන්නේපොලිස් බල ප්‍රදේශයක් තුළ නීතිය හා සාමය (law and order) පවත්වාගෙන යෑමරථවාහන හැසිරවීමසිවිල් හා පවුල් ආරවුල් නිරාකරණය කිරීමප්‍රදේශය තුළ අධිකරණ හා වෙනත් අධිකාරි නියෝග බලාත්මක කිරීමසුළු අපරාධ විමර්ශනය, හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීම, නීතිය හා සාමය ගැන පුරවැසියන් දැනුවත් කිරීමප්‍රදේශයේ භෞතික හා මානව සම්පත් ආරක්ෂාව යන කාර්යයන් වේ.ජාතික පොලිසියට අයත් විෂයන් විශේෂඥ කාර්යන් හා සමස්ථ රාජ්‍ය මට්ටමින් කළ යුතු කාර්යන් වේප්‍රභූ ආරක්ෂාවමත්ද්‍රව්‍ය වැටලීම්රසායන ‍හා විකිරණශීලි ද්‍රව්‍ය සම්බන්ධ කටයුතුත්‍රස්ත විමර්ශනමහා පරිමාණ අපරාධ විමර්ශනගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය විමර්ශනබුද්ධි කටයුතුparamilitary බලයඅන්තර්ජාතික පොලිසිය (Interpol) හා අන්තර්ජාතික ආයතන සමඟ හවුල් විමර්ශන පවත්වාගෙන යෑමසියලු පොලිස් ස්ථාන අතර අවශ්‍ය සම්බන්ධීකරණයන් පවත්වා ගෙන යෑම, යම් අපරාධ සිද්ධියක් පළාත් කිහිපයක් හා බැඳී ඇති විට එම සිද්ධි විමර්ශනය කිරීම, ලියාපදිංචි අපරාධකරුවන් (islandwide registered criminals - IRC) නම් කිරීම, හා බුද්ධි තොරතුරු හුවමාරු කිරීම ආදියයි.
137.            එක් එක් ප්‍රාදේශිකයකට එක් ස්වාධීන පොලිස් ඒකකයක් (local police station) බැගින් පිහිටුවිය යුතු අතරමුළු රටටම එක් ජාතික පොලිසියක් පිහිටුවිය යුතුය.මේවා එකිනෙකට ස්වාධීන වුවදතනි පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරගත් නීති ප්‍රකාරව පොලිස් රාජකාරී කාර්යක්ෂමව සිදුකිරීමට හැකිවන පරිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුත්තේ තනි පොලිස් සේවාවක් ලෙසිනිනිළ ඇඳුම්පුහුණු කිරීම්බඳවා ගැනීම්නිළ හා තනතුරු නාම ආදිය සියලු පොලිසිවල සමාකාර විය යුතුය‍සියල්ල පොලිස් කොමිසමේ අධිකාරිත්වයට යටත් විය යුතුය.
 
138.            ජාතික පොලිසියට අනුබද්ධිතව පහත විශේෂ කොට්ඨාශයන් (divisions) තිබිය යුතුය.
a.       අපරාධ හා ත්‍රස්ත විමර්ශන (Criminal and Terrorism Investigation Division – CID)
 
b.      පොලිස් බුද්ධි සේවා හා අන්තර්ජාතික පොලිස් කොට්ඨාශය (Police Intelligence and Interpol Division – PID)
 
c.       විශේෂ කාර්ය බලකාය (Special Task Force – STF)
paramilitary ඒකකය මෙන්මබෝම්බ නිශ්ක්‍රියවිකිරණශීලිද්‍රව්‍ය ආරක්ෂාව හා විමර්ශනයරසායනික ද්‍රව්‍ය ආරක්ෂාව හා විමර්ශනය වැනි ‍කටයුතු සිදු කරයි.
 
d.      මත්ද්‍රව්‍ය විමර්ශන (Counter Drugs Division – CDD)
 
e.      අධිකරණ සේවා ආරක්ෂක සේවය (Judicial Service Security Division – JSD)
 
f.        ජනාධිපති ආරක්ෂක සේවය (Presidential Security Division – PSD)
 
g.       අග්‍රාමාත්‍යය ආරක්ෂක සේවය (Prime Minister Security Division  PMSD)
 
h.      ප්‍රභූ ආරක්ෂක සේවා (VIP Security Division – VSD)
 
i.         ක්ෂණික මහජන සහන ඇමතුම් (Public Emergency Response Division – PERD)
 මෙය ඍජුවම පොලිස් කොමිසමේ අධීක්ෂණය යටතේ ප්‍රජාපොලිසි සියල්ලම සක්‍රියව සම්බන්ධකරගෙන 118 යන මුදල් වැය නොවන (toll-free) දුරකථන අංකය (ජාතික හදිසි ඇමතුම් අංකය) ඔස්සේ මහජනයාට සිදුවන ඕනෑම හදිසි අවස්ථාවක (ගිණි, සොරසතුරු, විෂ ශරීරගත වීම්, හෘදයාබාධ ආදී හදිසි සෞඛ්‍ය ගැටළු අවස්ථා, හදිසි අනතුරු, ආදී ඕනෑම ආකාරයේ හදිසි ආපදා) එය ඇමතූ පසු ක්ෂණිකව එම ස්ථාන වෙත අවශ්‍ය මැදිහත්වීම කළ හැකි හා කළ යුතු 24 පැය සේවාවකි. ගිණි නි‍විමේ ඒකක, ගිලන් රථ සේවා, ආදී හදිසි අනතුරු කළමණාකරණය හා සම්බන්ධ සියලු ආයතන මෙම පොලිස් කොට්ඨාශය මගින් සම්බන්ධීකරණය කරයි. අවශ්‍ය මැදිහත්වීම කෙරෙන තුරු, අවශ්‍ය විද්‍යාත්මක උපදේශන ලබා දීමද කළ යුතුය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ඇමතිය හැකි විය යුතුය. මැතිවරණ කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන ගෘහයන්ගේ GPS පිහිටුම් දත්ත පද්ධතියද භාවිතා කළ හැකිය.
 
139.            ප්‍රාදේශිකයකට ඇති කරනු ලබන ප්‍රජා පොලිසියේ ප්‍රධානියා (local police chief) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) නිළයක තැබිය යුතුයරටේ පොදු නීතියටපොදු පොලිස් නීතියටපොලිස් කොමිසම් සභාවේ රෙගුලාසිවලට යටත්වඅදාල ප්‍රා‍දේශික සභාපතිගේ දේශපාලන අධිකාරිත්වය යටතේ කටයුතු කළ යුතුයඑම නිළයට යටත්ව දැනටද පවතින පොලිස් අධිකාරි (SP)සහකාර පොලිස් අධිකාරි (ASP)ප්‍රධාන පොලිස් පරික්ෂක (CI)පොලිස් පරික්ෂක (IP)පොලිස් උපපරීක්ෂක (SI) ආදී නිළයන්ද පොලිස් කොමිසම විසින් ඉදිරිපත් කරනු ලබන නිළතල පිළිවිතරයන්ට අනුව ඇති කළ යුතුය.
 
140.            යම් ප්‍රාදේශිකයක් තුළ එහි ජනගහනය වැඩිකම, ප්‍රදේශයේ විශාලත්වය, හෝ වෙනත් සාධාරණ හේතු මත පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ ප්‍රධාන ප්‍රාදේශික පොලිසය හා එහි ප්‍රධානියාගේ අධීක්ෂණය යටතේම ප්‍රධාන පොලිස් පරීක්ෂකයකුගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පොලක් (police sub-station) හෝ කිහිපයක් ඇතිකළ හැකිය.
 
141.            යම් ප්‍රජා පොලිසියකට නවකයන් (cadets) බඳවා ගත හැක්කේ පොලිස් කොමිසමේ සුදුසුකම් පිළිවිතරයන්ට (specifications/guidelines) අනුවකොස්තාපල්උපපරීක්ෂකහා සහකාර පොලිස් අධිකාරී යන මට්ටම්වලින් පමණි.තවදඑම බඳවා ගැනීම් සිදු කළ යුත්තේ එම පළාතේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් හා අදාල ප්‍රාදේශිකයට ඍජුව මායිම්ව (වටේටඇති ‍ප්‍රාදේශිකවලින් (මෙම ප්‍රාදේශික වෙනත් පළාතක වුවුද ප්‍රශ්නයක් නොවේ.) පමණි.
 
142.            යම් ප්‍රාදේශිකයකප්‍රාදේශික ප්‍රජා පොලිස් ප්‍රධානියාව පත් කළ යුත්තේ එම පළාතේ සිටින පොලිස් අධිකාරීවරුන් අතරින් පොලිස් කොමිසමේ උසස්වීම් පිළිවිතරයන්ට අනුව පළාත් පොලිස් ප්‍රධානියා (provincial police chief) විසිනි.
 
143.            ජාතික පොලිසියේ විධායක ප්‍රධානියා මෙන්මසමස්ථ ප්‍රජා පොලිසියේද නාමික ප්‍රධානියා පොලිස්පතිය (IGP)එම නිලයට යටත්වදැනට පවතින ආකාරයෙන්ම (එහෙත් යම් නිශ්චිත කාර්යක්ෂම ක්‍රමවේදයකට අනුව එම තනතුරු ප්‍රමාණය නිශ්චය කෙරෙනජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG)නියෝජ්‍ය පොලිස්පති (DIG)‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආදි තනතුරු ඇති කළ යුතුයපොලිස් කොමිසමේ පිළිවිතරයන්ට අනුව ජනාධිපති විසින් දැනට සිටින සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් (ජාතික හෝ ප්‍රජා පොලිස් භේදයකින් තොරව) කෙනෙකු පොලිස්පති තනතුරට පත් කළ යුතුය.තවදඉහත 126 වගන්ති ප්‍රකාරව ඇති කරනු ලබන සෑම ආයතනයකම ප්‍රධානී තනතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු විය යුතුයඑම ප්‍රධානීන් පත් කරනු ලබන්නේ පොලිස්පති විසින්ය.
 
144.            සෑම පළාතක් වෙනුවෙන්ම පොලිස්පති විසින් ජාතික පොලිස් කටයුතු ඒ ඒ පළාත් තුළ ආවරණය කිරීමට නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගේ ප්‍රධානිත්වයෙන් යුතු පළාත් ‍ක්ෂේත්‍ර කාර්යාලය (provincial field office) බැගින් ඇති කළ යුතුය.තවදසෑම ප්‍රාදේශිකයක් වෙනුවෙන්ම පොලිස්පති විසින් ජාතික පොලිස් කටයුතු ඒ ඒ ‍ප්‍රාදේශික තුළ ආවරණය කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකයකුගේ ප්‍රධාතිවයෙන් ප්‍රාදේශික ක්ෂේත්‍ර කාර්යාලය (local field office)බැගින් ඇති කළ යුතුය.
 
145.            යම් පළාතක් සඳහා පළාත් මට්ටමේ ප්‍රජා පොලිස් කාර්යාලයක් (වෙනම ස්වාධීන පොලිසියක් නොව) (provincial community police office) ඇති කළ යුතුය.මෙම කාර්යාලය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගේ ප්‍රධානිත්වයෙන් හා තවත් නියෝජ්‍ය පොලිස්පත් තිදෙනෙකුගෙන්ද යුතු සෙසු නිලයන්ගෙන්ද යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විය ‍විය යුතුය.එම පළාත තුළ ඇති ප්‍රජා පොලිස් නිළධාරින් අතුරින් උසස් වීම් ලැබ එම තනතුරුවලට පත්වීම් ලබා දිය යුතුය.පොලිස් කොමිසමේ පිළිවිතරයන්ට අනුව එම පළාතේම සිටින නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුව මහා අමාත්‍ය විසින් ‍පළාත් පොලිස් ප්‍රධානී බවට පත් කළ යුතුය.
 
146.            මෙම පළාත් ප්‍රජා පොලිසිය මගින් එම පළාතේ සියලු පොලිස් කටයුතු නියාමනයඋසස් තනතුරු පත් කිරීමවිනය කටයුතු සොයා බැලීමජාතික පොලිසිය සමග සම්බන්ධීකරණ කටයුතු කිරීම ආදි කටයුතු කළ යුතුය.
 
147.            යම් ප්‍රජා පොලිසියක් හෝ කිහිපයක් හෝ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කුමන්ත්‍රණකාරීව ක්‍රියාකරන බවට මධ්‍යම රජයට විශ්වාසිභාවයකින් යුතුව හැඟී ගිය විටක, අගමැති හෝ ජනාධිපති නියමයෙන් එම පොලිසි වහාම ජාතික පොලිසියේ පාලනය යටතේ අවශ්‍ය යැයි හැ‍ගෙන ඕනෑම කාලයක් දක්වා තැබිය හැකිය. තවද, එසේ කුමන්ත්‍රණකාරීන් ගැන විමර්ශනය කර, අත්‍යවශ්‍යයෙන්ම ඔවුන්ව පොලිසියෙන් නෙරපා අවශ්‍ය දඬුවම්ද පැමිණිවිය යුතුය.
 

ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම

148.            සියලුම රාජ්‍ය සේවකයන්ගේ (පොලිස් සේවය, අධිකරණ සේවා, හා ස්වාධීන කොමිසම් සභා සේවකයන් හැර) පත්වීම්, විනය කටයුතු, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් ආදී කටයුතුවල අවසානාත්මක තීරණ ගැනීමේ හා අධීක්ෂක අධිකාරිය මෙය වේ. ජනාධිපති මහා ලේකම්වරයා නිල බලයෙන් මෙම කොමිසමේ සාමාජිකයකු විය යුතුය. තවද, ජනාධිපති මහා ලේකම්වරයා රාජ්‍ය පරිපාලන සේවාවේ ප්‍රධානියාද වේ.
 
149.            ඒ ඒ මට්ටම්වල (කොට්ඨාශ, ප්‍රාදේශික, පළාත්, අමාත්‍යංශ ආදී) ප්‍රධානිත්වය දරන ලේකම්වරුන් ඒ ඒ මට්ටම්වල ප්‍රධාන මූල්‍ය පරිපාලකයාද විය යුතුය. පොදු නීතී, පරිපාලන හා මූල්‍ය රෙගුලාසි, නීත්‍යානුකූල ආයතනික රෙගුලාසි, හා රාජ්‍ය සේවා කොමිසමේ රෙගුලාසි ආදියට යටත්ව ස්වාධීනව, නිර්දේශපාලනිකව, හා අනලස්ව ඔවුන් තම සේවාව සැපයිය යුතුය. තම බලය යටතේ පවතින ඕනෑම කටයුත්තක මූල්‍ය හෝ පරිපාලන දෝෂ හා දූෂණ සම්බන්ධව ඔහු ඍජුවම වග කිව යුතු අතර, එම චෝදනා සැකයෙන් තොරව ඔප්පු වූ විට, සේවයෙන් පහ කිරීම්, සිර දඩුවම්, වන්දි ගෙවීම් ආදී වරදේ ස්වභාවය අනුව පවතින දැඩි දඩුවම් ලබා දිය යුතුය. මෙලෙස රාජ්‍ය සේවය තුළ යහ පැවැත්ම තහවුරු කිරීමද මෙම කොමිසමේ වගකීමකි.
 

මූලික රාජ්‍ය පරිපාලන රාමුව

150.            රාජ්‍ය පරිපාලන සේවයද විමධ්‍යගත දේශපාලනය පිළිබිඹු වන ආකාරයට පවත්වාගත යුතුය. මෙහිදී, දැනට පවතින ආකාරයටම රාජ්‍ය පරිපාලන සේවා වෘත්තිය (SLASතනි වෘත්තික ශ්‍රේණියක් ලෙස පැවැතිය යුතුය. එහෙත්, ඒ ඒ මට්ටම්වල දේශපාලන අධිකාරියන්ට ඔවුන් පත් කිරීම් කෙරෙහි අධිකාරි බලය රාජ්‍ය සේවා කොමිසමේ පිළිවිතරයන්ට අනුව ලබා දිය යුතුය. විද්‍යුත් රාජ්‍ය ක්‍රමය ඔස්සේ ක්ෂණික, කාර්යක්ෂම, හා අඩු වියදමක් ඇති වන ආකාරයට රාජ්‍ය සේවය විශිෂ්ඨ ලෙස පවත්වාගත හැකිය. (මෙහිදී, කොල භාවිතය අඩුවන අතර, ක්ෂණික ප්‍රතිචාර දැක්විය හැකිය.)
 
151.            මූලික හා වැදගත් තනතුරු පිළිබඳ පහත ආකාරයේ ධූරාවලියක් (hierarchy) පවත්වාගත යුතුය. කිසිදු පරිපාලන ලේකම් ධූරයක් සඳහා SLAS සාමාජිකයන් නොවන ‍කිසිදු කෙනෙකු පත් නොකළ යුතුය.
 
a.       සෑම කොට්ඨාශයකටම එක් කොට්ඨාශ ලේකම් (Divisional Secretary) කෙනෙකු හා සහකාර කොට්ඨාශ ලේකම්වරුන් දෙදෙනකු

රාජ්‍ය සේවයේ පහළම මට්ටමේ සේවා ශ්‍රේණිය මෙය වේ. දැනට ග්‍රාම නිළධාරි තනතුර මේ සමග අහෝසි විය යුතුය. දැනට පවතින ග්‍රාම නිළධාරි වසමට වඩා බෙහෙවින් විශාල ප්‍රදේශයක්ද, දැනට ග්‍රාමනිළධාරින් සතු බලතලවලට වඩා බෙහෙවින් වැඩි බලතල ප්‍රමාණයක්ද හිමි වේ. තවද, ප්‍රාදේශික ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සේද මොවුන්ව සැලකිය යුතුය. එබැවින්, ප්‍රාදේශික ලේකම් කාර්යාලයේ යම් යම් නිශ්චිත රාජකාරිද මොවුන් සිදු කළ යුතුය (පරිගණක ජාලගත ක්‍රමය පවතින බැවින්, කොට්ඨාශ කාර්යාලය තුළ සිටම එම රාජකාරින් කළ හැකිය.)

මෙම මට්ටමේ ලේකම් තනතුරු 
SLAS හි දෙවන පෙළ ශ්‍රේණියක් ලෙස අන්තර්ග්‍රහණය කළ යුතුය. සුදුසු අත් දැකීම් හා/හෝ අධ්‍යාපනික සුදුසුකම් ක්‍රමයෙන් සපුරන විට, සුදුසු කඩ ඉම් විභාග සමත්ව පළමු පෙළේ ශ්‍රේණිවලට ඇතුළු වීමට වැඩි ප්‍රමුඛතාවක් සහිත ක්‍රමයක් හඳුන්වා දිය යුතුය (ඍජුවම පළමු ශ්‍රේණියට බඳවා ගැනීමට වඩා). මෙම සේවාවට බඳවා ගනු ලැබීමට උසස් පෙළ සමත් වීම අවම සුදුසු කම ලෙස සැලකිය යුතුය.

කොට්ඨාශය තුළ රජයේ වෙනත් ආයතන විසින් අනුයුක්ත කරනු ලබන රාජ්‍ය නිළධාරින් (කෘෂි උපදේශකයන් ආදිය) මෙම ලේකම් යටතේ තැබිය යුතුය. සෑම කොට්ඨාශයකම කොට්ඨාශ පරිපාලන සංකීර්ණයක් 
(DXXYY ලෙස අකුරු පහකින් යුතු කෙටි ඉංග්‍රීසි පදයකින් සෑම කොට්ඨාශයක්ම නම් කළ හැකිය. xx - ප්‍රාදේශිකයේ කෙටි නම, yy - ‍එම ප්‍රාදේශිකය තුළ ඇති කොට්ඨාශයක කෙටි නම) ඉදි කළ යුතු අතර, සියලුම රාජ්‍ය නිළධාරින්ගේ කාර්යාල මෙම සංකීර්ණය තුළ පමණක් පවත්වා ගෙන යා යුතුය. එම සංකීර්ණ පරිගණක ජාලගත කර විද්‍යුත් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කළ යුතුය.

රාජ්‍ය සේවා කොමිසමේ පිළිවිතරයන්ට අනුකූලව අදාල ප්‍රාදේශික ලේකම් විසින් මෙම නිළධාරි පත්වීම්, ස්ථාන මාරු හා විනය පියවර සිදු කළ හැකිය.

 
b.      සෑම ප්‍රදේශිකයක් සඳහාම එක් ප්‍රාදේශික ලේකම්වරයකු (Local Secretary) හා සහකාර ප්‍රාදේශික ලේකම්වරුන් (අවශ්‍ය ගණන කොමිසම හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එක්ව තීරණය කළ යුතුය.) පත් කළ යුතුය.

ප්‍රාදේශිකයේ මෙන්ම ප්‍රාදේශික සභාවේ මූල්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන පරිපාලන නිළධාරියා මොහුය. ප්‍රාදේශික සභාපතිගේ සියලු විධායක බලතල ක්‍රියාත්මක විය යුත්තේ මොහු තුළින්ය.

රාජ්‍ය සේවයේ ඉහළ සේවා ශ්‍රේණිය පටන්ගන්නේ මෙම තනතුරු සමගිනි. පළමු උපාධිය අවම සුදුසුකම විය යුතුය. කොට්ඨාශ ලේකම් තනතුරේ දීර්ඝ කාලීන අත් දැකීම් සහිත දක්ෂ එහෙත් අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් නොසපුරන හෝ කඩඉම් විභාග අසමත් අයද සහකාර ප්‍රාදේශික ලේකම් තනතුරට (ඉන් ඉහළට උසස් කිරීමට නොහැකි වන පරිදිද) උසස් කළ හැකිය.

අදාළ පළාත් ලේකම් විසින් කොමිසමේ පිළිවිතරයන්ට අනුව මොවුන්ව පත් කිරීම, ස්ථාන මාරු කිරීම, හා ඔවුනට විරුද්ධව විනය පියවර ගැනීම කරනු ලැබේ.

 
c.       සෑම පළාතක් සඳහාම එක් පළාත් ලේකම්වරයකු (Provincial Secretary), නියෝජ්‍ය පළාත් ලේකම්වරයකු හා අවශ්‍ය තරම් සහකාර පළාත් ලේකම්වරුන් පත් කළ යුතුය. පළාතේ මහා අමාත්‍ය ලේකම් විසින් කොමිසමේ පිළිවිතරයන්ට අනුව මොවුන්ව පත් කළ යුතුය.
 
d.      සෑම පළාත් සභාවක් වෙනුවෙන්ම පළාත් සභා ලේකම්වරයකුවරයකු (Secretary to the Provincial Council) හා අවශ්‍ය තරම් සහකාර පළාත් සභා ලේකම්වරුන්, කොමිසමේ පිළිවිතරයන්ට අනුව මහා අමාත්‍ය ලේකම් විසින් පත් කළ යුතුය.

තවද, සෑම පළාත් සභාවකට ආණ්ඩුකාරවරයා විසින් සහකාර ලේකම්වරයකු පත් කළ යුතුය.

 
e.      සෑම ආණ්ඩුකාරවරයකුම එක් ආණ්ඩුකාර ලේකම්වරයකු (Secretary to the Governor) හා අවශ්‍ය තරම් සහකාර ලේකම්වරුන් කොමිසමේ පිළිවිතරයන්ට අනුව පත් කළ යුතුය.

මහා අමාත්‍ය ලේකම් හැර පළාතේ ඕනෑම මට්ටමේ ලේකම්වරයකුට එරෙහිව විනය පියවර ගැනීමට මොහුට බලය ඇත.

 
f.        සෑම පළාත් මහා අමාත්‍යවරකයකුම එක් මහා අමාත්‍ය ලේකම්වරයකු (Secretary to the Chief Minister), නියෝජ්‍ය මහා අමාත්‍ය ලේකම්වරුන් දෙදෙනකු හා අවශ්‍ය තරම් සහකාර ලේකම්වරුන් කොමිසමේ පිළිවිතරයන්ට අනුව පත් කළ යුතු අතර අතර පළාතේ ජ්‍යෙෂ්ඨතම ලේකම්වරයා මොහුය.

තම පළාත තුළ ඕනෑම මට්ටමක ලේකම්වරයකුට එරෙහිව විනය පියවර ගැනීමට ඔහුට බලය ඇත.

 
g.       ජනාධිපති ලේකම්වරුන්, අග්‍රාමාත්‍යය ලේකම්වරුන්, පාර්ලිමේන්තු හා රාජ්‍ය සභා ලේකම්වරුන්,  අමාත්‍යංශ ලේකම්වරුන්, හා විපක්ෂ නායක ලේකම්වරුන්...
                                                                           i.      ජනාධිපති මහා ලේකම්වරයා (Secretary General to the President)- කොමිසමේ පිළිවිතරයන්ට අනුව ජනාධිපති විසින් පත් කරනු ලබන මොහු මුළු පරිපාලන සේවාවේම ප්‍රධානියා වන අතර රාජ්‍ය සේවා කොමිසමේද සාමාජිකයකු වශයෙන් නිළ බලයෙන් පත් වේ. ඕනෑම ලේකම් කෙනෙකු ගැන විනය පරීක්ෂණ සිදු කිරීමට මොහුට බලය ඇත.

මොහුට අමතරව, ජනාධිපතිට නියෝජ්‍ය මහා ලේකම්වරයකු
 (Deputy Secretary General), අවශ්‍ය පමණ ලේකම්වරුන් (Secretary), නියෝජ්‍ය ලේකම්වරුන් (Deputy Secretary), ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් (Senior Assistant Secretary),  හා සහකාර ලේකම්වරුන් (Assistant Secretary) කොමිසමේ පිළිවිතරයන්ට අනුව පත් කළ යුතුය.
 
                                                                         ii.      අග්‍රාමාත්‍යය මහා ලේකම්වරයා (Secretary General to the Prime Minister) - කොමිසමේ පිළිවිතරයන්ට අනුව අග්‍රාමාත්‍යය විසින් පත් කරනු ලබයි. මොහුට අමතරව, නියෝජ්‍ය මහා ලේකම්වරයකු, අවශ්‍ය පමණ ලේකම්වරුන් (කැබිනට් ලේකම්ද මේ අතර වේ.), නියෝජ්‍ය ලේකම්වරුන් (එක් පළාතකට කෙනෙකු බැගින්), ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, හා සහකාර ලේකම්වරුන් පත්කරගත යුතුය.
 
                                                                        iii.      පාර්ලිමේන්තුවේ හා රාජ්‍ය සභාවේ මහා ලේකම් (Secretary General to the Parliament & State Assembly) - කොමිසමේ පිළිවිතරයන්ට අනුව ජනාධිපති විසින් පත් කළ යුතුය. මොහුට සහයට නියෝජ්‍ය මහා ලේකම්, අවශ්‍ය පමණ ලේකම්වරුන්, නියෝජ්‍ය ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, හා සහකාර ලේකම්වරුන් පත් කළ යුතුය.
 
                                                                       iv.      අමාත්‍යංශයක මහා ලේකම් (Secretary General to the so-and-so Ministry) - අදාල අමාත්‍යවරයා විසින් කොමිසමේ පිළිවිතරයන්ට අනුව පත් කළ යුතුය. අදාල නියෝජ්‍ය අමාත්‍ය විසින් එලෙසම නියෝජ්‍ය මහා ලේකම්වරයකු පත් කළ යුතුය. අමාත්‍යංශයක් යටතේ පවතින විවිධ ප්‍රමුඛ විෂය බෙදීමක්ම භාරව කෙනෙකු බැගින් අවශ්‍ය ලේකම්වරුන් පත් කළ යුතුය.

සෑම අමාත්‍යංශයක් වෙනුවෙන්ම එක් අමාත්‍යංශ පළාත් කාර්යාලයක් බැගින් ඇති කළ යුතු අතර එම පළාතක ප්‍රධානියා ලෙස නියෝජ්‍ය ලේකම්වරයකු පත් කළ යුතුය. මෙම පළාත් අමාත්‍යංශ කාර්යාලට එම පළාතේ මහා අමාත්‍යවරයා විසින් සහකාර ලේකම්වරයකු බැගින්ද පත් කළ යුතුය. මෙලෙස, අමාත්‍යංශ සියල්ලේම මෙම සියලු පළාත් කාර්යාල එක් පළාත් කාර්යාල පරිශ්‍රයකපවත්වාගෙන යා යුතුය.

අමාත්‍යංශයකට අවශ්‍ය පමණ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන්ද පත් කෙරේ.

තවද, සෑම අමාත්‍යංශයක් සඳහාම විගණන කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යයවරයා එක් අතිරේක ලේකම්වරයකු 
(Additional Secretary) බැගින්ද පත් කළ යුතුය. ඒ ඒ අධිකාරින් සතුව පවත්නා කාර්යන් (තොරතුරු දැනගැනීමේ අයිතය තහවුරු කිරීම, විගණනය ආදී) අමාත්‍යංශ මට්ටමින් සම්බන්ධීකරණය කිරීම මෙම ලේකම්වරුන්ගේ විශේෂ ව‍ගකීම වේ.
 
h.      සියලු ස්ථිර හා තාවකාලික (කොන්ත්‍රාත් පදනමින් හෝ) රාජ්‍ය තනතුරු දැරිය හැක්කේ පුරවැසියන්ට පමණි.

පොදු කාරණා

152.            රජයේ ස්වෛරීභාවය, අඛණ්ඩත්වය, හා නිදහස ආරක්ෂා කිරීම සියලු පුද්ගලයන්ගේ (පුරවැසියන්, ස්ථිර නේවාසිකයන්, හා රට තුල සිටින අනේවාසිකයන්) වගකීමක් වන අතර, ඒවාට හානි කිරීම දැඩි දඩුවම් ලැබිය හැකි අපරාධයක් සේ සැලකිය යුතුය.
 
153.            රූපවාහිනි හා ගුවන්විදුලිය මූලිකවම අධ්‍යාපනික වටිනාකමක් සහිත භාවිතාවක් ලෙස සැලකිය යුතු අතර, ඒ අනුව ඒවා මහජනයාගේ දැනුම, ආකල්ප, කුසලතා ආදිය වැඩි දියුණු වන ආකාරයට හැසිරවීමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හා අවශ්‍ය නිර්ණායක හඳුන්වාදිය යුතුය. (මේ ගැන වෙනම සටහනක් පසුව ඉදිරිපත් කෙරේ.)
 
154.            ශ්‍රී ලංකාවේ කිසිම බිම් කඩක පුරවැසියෙකු හෝ ස්ථිර නේවාසියකු නොවන කිසිම‍ කෙනෙකුට සින්නක්කර අයිතියට ලබාගත නොහැකි අතර, උපරිම 50 වසරකට යටත්ව බදු දීමට පමණක් හැකිය.
 
155.            ‍රට වැසියන්ගේ පෞද්ගලික අයිතිය තව දුරටත් ශක්තිමත් කළ යුතුය. ඒ අනුව, යම් පෞද්ගලික දේපලක් රජයේ අත්‍යවශ්‍ය කාරණා සම්බන්ධයෙන් අත්පත් කරගනු ලබන විට, එම දේපල වෙනුවෙන් තත්කාලීන නිසි වානිජ වටිනාකමට නොඅඩු වන්දියක් ගෙවිය යුතුමය. තවද, එම පෞද්ගලික භූමිය තුළින් ලැබෙන (මැණික් හෝ එවැනි) හා අභ්‍යවකාශයෙන් ලැබෙන (උල්කාපාත වැනි) දෑවල අයිතිය එම පුද්ගලයන් සතු විය යුතුය.
 
156.            සංරක්ෂිත කළාප ජනාධිපති හා මහා අමාත්‍යවරු යන දෙදෙනාගේම සමගාමි පරිපාලනයට ලක් වේ (එනම්, එම අධිකාරිවල ‍ප්‍රධාන ලේකම්වරු යටතේ). මෙමගින් එම කළාපවල වැඩි ආරක්ෂණයක් ඇති කළ හැකි අතර, අත්තනෝමතිකත්වය පාලනය වේ.

තවද, ආරක්ෂිත කළාප මහා අමාත්‍යය හා ප්‍රාදේශික සභාපති යන දෙදෙනාගේම සමගාමි පරිපාලනයට ලක් වේ (එනම්, එම අධිකාරිවල ප්‍රධාන ලේකම්වරු යටතේ).

 
157.            පුළුල් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. අධ්‍යාපනය රසවත්, පහසු, ජීවන කුසලතා දියුණු වන ආකාරයට හා දක්ෂයන්ට ඉක්මනින් අධ්‍යාපනික මට්ටම්වලින් ඉහළට යෑමට හැකි පරිපූර්ණ (wholistic and holistic) අධ්‍යාපන ක්‍රම හඳුන්වා දිය යුතුය. ශිෂ්‍ය කේන්ද්‍රිය හා ළමා කාලය සමබරව ගත කිරීමට හැකි අධ්‍යාපනික රටාවක් ඇති කළ යුතුය. උපකාරක පංති ක්‍රමය සපුරා තහනම් කළ යුතු අතර, පාසල් අධ්‍යාපනය, උසස් හා කාර්මික අධ්‍යාපනය, හා අවිධිමත්/නොවිධිමත් අධ්‍යාපනය සඳහාම රජයේ අනුග්‍රහයෙන් විශේෂ රූපවාහිනි සේවාවන් හඳුන්වා දිය යුතුය. (මේ සියලු දේ පිළිබඳ සවිස්තරාත්මකව වෙනමම ලියවිල්ලකින් පසුව දක්වනු ලැබේ.)
 
158.            පෝෂණය, සෞඛ්‍යය, ආහාර සම්බන්ධයෙන්ද පුළුල් ප්‍රතිසංස්කරණ කළ යුතුය. නව දැනුම අනුව සිදු කළ යුතු එම ප්‍රතිසංස්කරණද වෙනම ලියවිල්ලකින් සවිස්තරාත්මකව දක්වනු ලැබේ.

No comments:

Post a Comment